ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ලබන වසර තෙක් වසා දැමීමට සිදුවනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය Simon Birmingham පැවසුවේය.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ හේතුවෙන් නිවාඩු ගත කිරීමට විදෙස් රටවලට යාමට අපේක්ෂාවෙන් සිටින ඔස්ට්‍රේලියානුවන්ගේ බලාපොරොත්තු සුන්ව යනු ඇතැයි පැවසේ.

ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ලබන වසර තෙක් වසා දැමෙන ලකුණු
කොරෝනා වයිරසය මර්දනය කිරීමේ ඕස්ට්‍රේලියාවේ සාර්ථකත්වයට එක් හේතුවක් වන්නේ දේශ සීමාව වසා දැමීමට ගත් තීරණය බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය Simon Birmingham පැවසුවේය.
ඔස්ට්‍රේලියාව තුළ වයිරසය සම්ප්‍රේෂණය වීම විශාල ලෙස අවම වී ඇති බවක් පෙනෙන්නට තිබේ.
නමුත් දේශ සීමා විවෘත කළ පසුව නැවතත් නව ආසාදිතයින් විශාල ප්‍රමාණයෙන් ඔස්ට්‍රේලියාව තුළ ඇතිවිය හැකි බවට බියක් පවතින බව අමාත්‍යවරයා පැවසීය.
එනිසා ඔස්ට්‍රේලියාවේ දේශ සීමා බොහෝ දුරට ලබන වසර තෙක් වසා දැමීමට සිදුවනු ඇතැයි ඔහු පැවසුවේය.

Trans -Tasman bubble හෙවත් ඔස්ට්‍රේලියා - නවසීලන්ත සංචාරක බුබුල
මෙලෙස ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමුවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නවසීලන්තය හා පැසිෆික් කලාපීය රටවල් සමග සංචාරක ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටී.
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ඒ සම්බන්ධව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර එය ක්‍රියාත්මක විය හැකි ආකාරය පිළිබඳව විශේෂ මණ්ඩලයක් විසින් රජයන් දෙකටම වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගුක්වං ගමන් සිදුවිය හැක්කේ කවදාද යන්න පිළිබඳව තවමත් කාල රාමුවක් නොමැත.
මේ අතර ඔස්ට්‍රේලියාවේ දේශසීමා වසා දැමීම් මගින් මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීම කල් යනු යති බවට නවසීලන්ත විදේශ ඇමතිවරයා අනතුරු අඟවා ඇතැයි ABC පුවත් සේවය වාර්තා කරයි.

ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට පියවර
ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වයිරසය පැතිරීම සාර්ථකව පාලනය කිරීමත් සමග ජාත්‍යන්තර සිසුන්ව නැවත ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමිය තුළට ගෙන්වා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුව තිබේ.
ජාත්‍යන්තර සිසුන්ව නැවත ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ACT රජයේ සහය ඇතිව සකස් වූ නියමු වැඩසටහනට පළමුව දායක වීමට ඔස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා නුවර තීරණය කර තිබේ.
කැන්බරා විශ්ව විද්‍යාලය සහ ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය යන විශ්ව විද්‍යාල ද්විත්වයට ජූලි මාසයේදී ජාත්‍යන්තර සිසුන් 350 ක් මේ අනුව පැමිණීමට නියමිතය.
ඒ අනුව කොරෝනා වසංගතය නිසා වසා දැමුණු ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල ජාත්‍යන්තර සිසුන් වෙත විවෘත වන පළමු අවස්ථාව ලෙස ද මෙය හැඳින්වේ.


