වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිත ප්‍රමාණය යළි ඉහළ නැගීම නිසා ප්‍රාන්තයේ නගර සභා සීමා 6 කට යාම් ඒම් පිළිබඳ ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ මූලධර්ම කමිටුව ඔස්ට්‍රේලියානුවාසීන්ට අනතුරු අඟවා තිබේ.
බටහිර මෙල්බරන්, උතුරු හා ගිනිකොණ දිග මෙල්බර්න් කලාප වල මෙම නගර සභා සීමා 6 පිහිටා ඇති අතර ඒවා මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා මර්මස්ථාන ලෙස නම් කර තිබේ.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
අදාළ නගර සභා සීමා හය මොනවාද?, ඒවාට අයිති උප නගර මොනවාද? සහ ඒවායේ කොරෝනා වයිරසය යළි පැතිරීම ආරම්භ වුයේ ඇයි ද යන්න පිළිබඳව මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

කොරෝනාමර්මස්ථානලෙසනම්කළනගරසභා 06
Hume, Casey, Brimbank, Moreland, Cardinia සහ Darebin යන නගර සභා සීමා කොරෝනා මර්මස්ථාන ලෙස වික්ටෝරියානු ප්‍රාන්තයේ නම් කළ නගර සභා 06 ලෙස දැක්වෙනවා.
වික්ටෝරියානු ප්‍රාන්තයේ පදිංචිකරුවන් ගෙන් 18% ක්ම වාසය කරන්නේ මෙම නගර සභා සීමා හයේ බව හෙළිවී තිබෙනවා.

Brimbank
Brimbank නගර සභා සීමාවට මෙම උප නගර අයත් වෙනවා.
Albanvale, Albion, Ardeer, Cairnlea, Calder Park, Deer Park, Delahey, Derrimut, Kealba, Keilor, Keilor Downs, Keilor Lodge, Keilor North, Keilor Park, Kings Park, St Albans, Sunshine, Sunshine North, Sunshine West, Sydenham, Taylors Lakes, Brooklyn වලින් කොටසක්, Hillside, Keilor, Keilor East, Tullamarine.
ඔස්ට්‍රේලියාවේ සමාජය තුළින් කොරෝනා වයිරසය පැතිරුණු විශාලතම කොරෝනා ආසාදිත පොකුරක් බිහිවුයේ Brimbank නගර සභා සීමාවේ පිහිටි Brooklyn උප නගරයේ දීය.
Brooklyn හි පිහිටි Cedar Meats Australia නැමති මස් සැකසුම් මධ්‍යස්ථානයේ සේවකක්යින් ඇතුළු ඔවුන්ගේ සමීපතමයින් 111 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වී තිබෙනවා.
Brimbank නගර සභා සීමාවේ පිහිටි Keilor Downs උප නගරයේ පදිංචි පවුලක් ආශ්‍රිතවද තවත් කොරෝනා ආසාදිත පොකුරක් හටගත්තා.

Moreland
Moreland නගර සභා සීමාවට මෙම උප නගර අයත් වෙනවා.
Brunswick, Brunswick East, Brunswick West, Coburg, Coburg North, Fawkner, Glenroy, Gowanbrae, Hadfield, Oak Park, Pascoe Vale, Pascoe Vale South සහ Fitzroy North හි කුඩා කොටසක්.
Moreland නගර සභා සීමාවේ පිහිටි Coburg උප නගරයේ පදිංචි පවුලකින් කොරෝනා ආසාදිත පොකුරක් බිහිවී තිබෙනවා.
එම පොකුරෙන් මේ වන විට ආසාදිතයින් 14 දෙනෙකු තහවුරු වී තිබෙන අතර මේ හරහා Coburg, Pakenham සහ Broadmeadows යන උප නගර වලට වයිරසය පැතිරී ගොස් ඇතැයි සඳහන්.
නමුත් එම පොකුරට කොරෝනා වයිරසය ආසාදනය වීම ආරම්භ වුයේ කෙලෙසදැයි යන්න තවමත් විමර්ශනය කෙරෙමින් පවතිනවා.

Hume
Hume නගර සභා සීමාවට මෙම උප නගර අයත් වෙනවා.
Attwood, Broadmeadows, Bulla, Campbellfield, Coolaroo, Craigieburn, Dallas, Gladstone Park, Greenvale, Jacana, Kalkallo, Meadow Heights, Melbourne Airport, Mickleham, Oaklands Junction, Roxburgh Park, Somerton, Sunbury, Westmeadows, Wildwood, Yuroke, Clarkefield හි කොටසක්, Fawkner, Tullamarine, Keilor සහ Diggers Rest.
Hume නගර සභා සීමාවට අයත් Fawkner උප නගරයේ පිහිටි McDonald's අවන් හලක් මූලික කරගෙන පසුගිය මැයි මාසයේ විශාල කොරෝනා ආසාදිත පොකුරක් බිහිවුණා.
එම පොකුර හරහා උතුරු හා බටහිර මෙල්බර්න් කලාප වල පිහිටි McDonald's අවන් හල් 12 ක් තාවකාලිකව වසා දැමීමට නියෝග කෙරුණු අතර ඒවායේ රැකියා කළ සේවකයින් සිය ගණනකට ස්වයං නිරෝධායනය වන ලෙසද නියෝග කෙරුණා.

Darebin
Darebin නගර සභා සීමාවට මෙම උප නගර අයත් වෙනවා.
Kingsbury, Northcote, Preston, Reservoir, Thornbury, Alphington හි කොටසක්, Bundoora, Fairfield සහ Macleod.
Preston හි පිහිටා ඇති Northland සාප්පු සංකීර්ණයේ ක්‍රියාත්මක H&M ඇඳුම් සාප්පුව ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු මේ වන විට තහවුරු වේ තිබෙනවා.
එහි සේවයේ නියුතු 20 වන වියෙහි පසුවන පිරිමි පුද්ගලයෙකු වයිරසය ආසාදනය වී තිබියදීත් සේවා මුර දෙකක නිරතවී තිබෙනවා.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
එමෙන්ම ඔහු පදිංචි නිවසේ සාමාජිකයෙකුට ද පසුව වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.
මේ අතර එම සාප්පුවේ සේවය කළ තවත් සේවකයෙකු හට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.
වයිරසය ආසාදනය වී ඇති කාලයේ ඔහු සාප්පුවේ සේවය නොකළ නමුත් පසුගිය ජුනි 06 වන දින මෙල්බර්න් නුවර පැවති Black Lives Matter විරෝධතාවට ඔහු සහභාගී වී ඇති බව පැවසෙනවා.

Cardinia
Cardinia නගර සභා සීමාවට මෙම උප නගර අයත් වෙනවා.
Avonsleigh, Bayles, Beaconsfield Upper, Bunyip, Bunyip North, Caldermeade, Cardinia, Catani, Clematis, Cockatoo, Cora Lynn, Dalmore, Dewhurst, Garfield, Garfield North, Gembrook, Guys Hill, Iona, Koo Wee Rup, Koo Wee Rup North, Lang Lang East, Maryknoll, Monomeith, Mount Burnett, Nangana, Nar Nar Goon, Nar Nar Goon North, Officer, Officer South, Pakenham, Pakenham South, Pakenham Upper, Rythdale, Tonimbuk, Tynong, Tynong North, Vervale, Yannathan, Beaconsfield හි කොටසක්, Emerald, Heath Hill, Lang Lang, Longwarry, Menzies Creek, Modella, Nyora සහ Tooradin.
ජුනි මාසය ආරම්භයේ පටන් මේ දක්වා Cardinia නගර සභා සීමාවේ කොරෝනා ආසාදිතයින් හයදෙනෙකු වාර්තා වනවා.
Pakenham හි පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක සේවය කළ පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් විෂබීජහරණය කිරීම සඳහා එම ළමා සුරැකුම් මධ්‍යස්ථානය වසා දැමුණා.
එමෙන්ම Pakenham Springs ප්‍රාථමික පාසලේ සිසුන් දෙදෙනෙකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පසුගිය සතියේදී තහවුරු වුණා.

Casey
Casey නගර සභා සීමාවට මෙම උප නගර අයත් වෙනවා.
Berwick, Blind Bight, Botanic Ridge, Cannons Creek, Clyde, Clyde North, Cranbourne, Cranbourne East, Cranbourne North, Cranbourne South, Cranbourne West, Devon Meadows, Doveton, Endeavour Hills, Eumemmerring, Hallam, Hampton Park, Harkaway, Junction Village, Lynbrook, Lysterfield South, Narre Warren, Narre Warren North, Narre Warren South, Warneet, Beaconsfield හි කොටසක්, Pearcedale.
ජුනි මාසය ආරම්භයේ පටන් මේ දක්වා Casey නගර සභා සීමාවේ කොරෝනා ආසාදිතයින් හත් දෙනෙකු වාර්තා වනවා.
Cranbourne හි පිහිටා ඇති Lifeview Willow Wood වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයේ සිටින වියපත් පුද්ගලයෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පසුගිය සතියේදී තහවුරු වූ තිබෙනවා.
Casey නගර සභා සීමාවෙන් වාර්තා වන අනෙකුත් ආසාදිතයින්ට උතුරු හා ගිනිකොණ දිග මෙල්බර්න් කලාප වල පදිංචි ඔවුන්ගේ සමීපතම පවුල් වල සිටි ආසාදිතයින් හරහා වයිරසය ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.


