දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන සඳහා අයදුම්පත් බාරගැනීම (South Australian state nomination applications) ඔස්ට්‍රේලියානු මධ්‍යම සම්මත වේලාවෙන් (ACST) ජුනි 28 දින රාත්‍රී 9 සිට වසා දැමෙන බව දකුණු ඔස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනේ 190 සහ 491 යන වීසා ඛාණ්ඩ සඳහා අයදුම්පත් ජුනි 28 දින රාත්‍රී 9 න් අනතුරුව බාර නොගනී.

දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන
2019/20 මුල්‍ය වර්ෂය එළඹෙන ජුනි 30 වන දිනෙන් අවසන් වන හෙයින් දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන මෙලෙස වසා දැමෙන බව වාර්තා වේ.
ඒ අනුව ජුනි 28 දිනෙන් පසුව වසා දැමෙන මෙම වැඩසටහන 2020/21 මුල්‍ය වර්ෂය සඳහා යළි විවෘත කිරීමට නියමිත නමුත් එලෙස යළි විවෘත කරන නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශයට පත්කොට නොමැත.
මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම සම්මත වේලාවෙන් (ACST) ජුනි 28 දින රාත්‍රී 9 න් පසුව අදාළ පරිගණක පද්ධතියේ ඇති අසම්පූර්ණ අයදුම්පත් පද්ධතියෙන් මකා දමන බව ද දකුණු ඔස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
අයදුම්පත පරිගණක පද්ධතියේ save කර ඇති නමුත් submit නොකළ අයදුම්පත් ද submit කර ඇති නමුත් අදාළ ගාස්තු තවමත් ලැබී නොමැති අයදුම්පත් ද මෙලෙස මකා දැමෙන බව ඔවුන් පවසයි.

අයදුම්පත් සලකා බැලීමේ කාල සීමාවන්
දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන හරහා පිරිනමන 190 සහ 491 යන ප්‍රධාන වීසා ඛාණ්ඩ සඳහා යොමු කෙරෙන අයදුම්පත් සලකා බැලීමේ සාමාන්‍ය කාල සීමාවන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ දක්වා ඇත්තේ පහත අයුරිනි.
- Skilled Nominated (subclass 190) - මාස 5 ත් මාස 7 ත් අතර
- Skilled Work Regional (provisional) වීසා (subclass 491) - දින 58 ත් 76 ත් අතර
- Skilled Work Regional (provisional) වීසා (subclass 491- Family Sponsored) - දින 57 ත් 71 ත් අතර
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
නමුත් අයදුම්පතට අදාළ අමතර තොරතුරු අවශ්‍ය විටෙක මෙම කාලය තරමක් වැඩි විය හැකි බව ද ඔවුන් පවසයි.
එමෙන්ම අයදුම්පත් සලකා බැලීමේ කාලය දීර්ග වීමට මේ වන විට පවතින කොරෝනා වසංගතය ද බලපා හැකි බව ඔවුන් සඳහන් කරයි.
අදාළ අයදුම්පත පිළිබඳ තීරණය කළ විගසම අයදුම්කරුට ඒ පිළිබඳ තීන්දුව ඊමේල් පණිවිඩයකින් දන්වන බවද දකුණු ඔස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ රැකියා ලැයිස්තු
2019 ජූලි 01 වන දිනෙන් ආරම්භ වූ ඔස්ට්‍රේලියාවේ 2019/20 නව මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ State Nominated Occupation List (SNOL) සහ Supplementary Skilled List (SSL) යනුවෙන් නව රැකියා ලැයිස්තු ද්විත්වයක් හඳුන්වා දුන්නේය.
State Nominated Occupation List (SNOL)
ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය නිපුණතා සංක්‍රමණික වැඩසටහන (General Skilled Migration program) යටතේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ නිර්දේශිත වීසා වැඩසටහනට (state nomination in South Australia) අයදුම් කිරීමට SNOL හරහා සිදුකළ හැකිය.
ඒ සඳහා ඔබගේ නිපුණතාවට ගැලපෙන වෘත්තියක් මෙම ලැයිස්තුවේ අඩංගු විය යුතුය.
ඒ සඳහා වැඩි විස්තර මෙතනින් ලබාගත හැකිය.
SNOL ලයිස්තුවේ රැකියා 274 ක් මෙවර අඩංගු කර ඇති අතර 2019/20 SNOL රැකියා ලැයිස්තුව මෙතනින් ලබාගන්න.
Supplementary Skilled List (SSL)
SNOL රැකියා ලැයිස්තුවේ අඩංගු නොවන වෘත්තීන් SSL රැකියා ලැයිස්තුවේ අඩංගු කර ඇත.
මේ සඳහා අයදුම් කිරීමට ඔබ සුදුසුකම් ලබන්නේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළ අමතර සුදුසුකම් සැපිරීමෙන් පමණක් බවද ප්‍රාන්ත රජය වාර්තා කරයි.
එම අමතර සුදුසුකම් පිළිබඳ පූර්ණ විස්තර මෙතනින් ලබාගන්න.
මෙවර SSL ලයිස්තුවේ රැකියා 223 ක් අඩංගු කර තිබේ.
2019/20 SSL රැකියා ලැයිස්තුව මෙතනින් ලබාගන්න.


