කොරෝනා අර්බුදයෙන් ආර්ථික පීඩාවට පත් ජාත්‍යන්තර සිසුන්ට සහය වීමට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයත් පියවර ගනී (SBS සිංහල/ වාර්තා)

international student

Source: Flickr

කොරෝනා වසංගතය නිසා ආර්ථික පීඩාවට පත් දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට ආර්ථික වශයෙන් සහය වීමට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය පියවර ගනී.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඒ සඳහා පසුගිය අප්‍රේල් 21 වන දින ඔවුන් ඩොලර් මිලියන 13.8 ක ආර්ථික පැකේජයක් නිවේදනය කළේය.

International students
Source: AAP

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්ට ආර්ථික සහයක්

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය නිවේදනය කළ මෙම ආර්ථික සහන පැකේජය කොටස් තුනකින් සමන්විත වන බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Steven Marshall නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය.

ඒ අනුව එම කොටස් ත්‍රිත්වය පහත පරිදි වේ.

දකුණු ඔස්ට්‍රේලියාවේ රජයේ විශ්ව විද්‍යාල ත්‍රිත්වයක් වන ඇඩිලේඩ් විශ්ව විද්‍යාලය, Flinders විශ්ව විද්‍යාලය සහ දකුණු ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය සමග එක්ව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය සිය ප්‍රාන්තයේ කොරෝනා වසංගතය නිසා ආර්ථික පීඩාවට පත්ව සිටින ජාත්‍යන්තර සිසුන්ට ආර්ථික සහයක් වීමට පියවර ගනී. අදාළ මුල්‍ය ප්‍රතිපාදන එම විශ්ව විද්‍යාල තුන අතර බෙදා දීමට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය පියවර ගන්නා බව නිවේදනය කර ඇත.

ඉහත රජයේ විශ්ව විද්‍යාල ත්‍රිත්වයේ අධ්‍යාපනය නොලබන ජාත්‍යන්තර සිසුන් වෙතොත් ඔවුන්ට ඩොලර් 500 ක හදිසි මුදල් ආධාරයක් ලබා දීමට කටයුතු යොදා තිබේ. එම මුදල් ආධාරය ලබා ගැනීමට නම් ඔවුන් දැනට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ පදිංචිව සිටිය යුතු අතර දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ අධ්‍යාපන ආයතනයක පාඨ මාලාවක් හැදෑරීමට ලියා පදිංචි වී සිටිය යුතුය.

පාසල් දරුවන්ට නවාතැන් ලබා දෙමින් පාසල් දරුවන් සඳහා පහසුකම් සපයන දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ පවුල් හට එක් පාසල් සිසුවෙකු සඳහා ඩොලර් 200 ක එක්වරක් පමණක් ලබා දෙන මුදල් දීමනාවක් ලබා දෙයි.

South Australian Premier announced coronavirus restrictions will be eased earlier in the state than originally planned
South Australian Premier Steven Marshall Source: AAP

ජාත්‍යන්තර සිසුන්ට උපකාර කිරීම ප්‍රාන්ත රජයේ වගකීමක්

ජාත්‍යන්තර සිසුන් දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ වෙළෙඳ, සංචාරක සහ ආයෝජන අමාත්‍ය David Ridgway පවසයි.

එය දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ විශාලතම අපනයන ආර්ථිකය වන බවද ඔහු සඳහන් කරයි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ලබා දෙන කිසිදු ආර්ථික සහන දීමනාවකට ජාත්‍යන්තර සිසුන් සුදුසුකම් නොලබන අතර එවන් අර්බුදකාරී තත්ත්වයක ඔවුන්ගේ පීඩනය අවබෝධ කරගෙන මෙලෙස සහය වීමට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය තීරණය කළ බව අමාත්‍ය David Ridgway පවසයි.

සෑම ජාත්‍යන්තර සිසුන් සිව් දෙනෙකුගේම ලියා පදිංචි වීම් හරහා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ නව රැකියාවක් බිහිවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර සිසුන් හේතුවෙන් 2018-19 මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත ආර්ථිකයට ඩොලර් බිලියන 1.92 ක ආදායමක් හිමිවූ බවද සඳහන්.

මේ සඳහා වැඩි විස්තර සහ මෙම ආර්ථික සහන දීමනාවට අයදුම් කිරීමට මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.

Sinhalese
Source: SBS Sinhala

Share

2 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now