කොරෝනා වසංගතය නිසා පීඩාවට පත් ටස්මේනියා ප්‍රාන්තයේ සිටින තාවකාලික වීසා ලාභීන්ට ආර්ථික වශයෙන් සහය වීමට ටස්මේනියා ප්‍රාන්ත රජය පියවර ගනී.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ සඳහා අද (22/04) දිනයේ ඔවුන් ඩොලර් මිලියන 3ක ආර්ථික පැකේජයක් නිවේදනය කළේය.

ටස්මේනියාවේ තාවකාලික වීසා ලාභීන්ට ආර්ථික සහයක්
ටස්මේනියා ප්‍රාන්තය අද ගත් මෙම තීරණයට අනුව එම ප්‍රාන්තයේ පමණක් ජීවත් වන කොරෝනා අර්බුදය හේතුවෙන් ආර්ථික පීඩාවට පත් තාවකාලික වීසා ලාභීන්ට අත්පිට මුදලක් ගෙවයි.
මෙය එකවරක් පමණක් ගෙවනු ලබන දීමනාවක් ලෙස හැඳින්වේ.
එහිදී තාවකාලික වීසා ලාභීයෙකුට $250 මුදලක්ද පවුලක් නම් $1,000 දක්වා ද අත්පිට මුදලක් හිමිවනු ඇත.
මෙම ආර්ථික දීමනාව ලබා ගැනීමට ජාත්‍යන්තර සිසුන්ටද හැකි බව වාර්තා වේ.
ජාත්‍යන්තර සිසුන්, ගොවිපොළ වල පලතුරු නෙලන්නන් ඇතුළු ටස්මේනියා ප්‍රාන්තයේ තාවකාලික වීසා ලාභීන් 26,000 ක් පමණ මේ වන විට සිටින බව සඳහන්.

මෙම කොරෝනා අර්බුදයේදී තාවකාලික වීසා ලාභීන්ව තනි කිරීමට හෝ බැහැර කිරීමට තමන්ට නොහැකි බවත් තම ප්‍රාන්තයේ සිටින තාවකාලික වීසා ලාභීන්ට ශක්තියක් වීම සඳහා මෙම පියවර ගත් බවත් ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Peter Gutwein පැවසුවේය.
ලොව අනෙක් අන්තයේ තමන්ගේ දරුවෙකු මෙවැනි අවදානම් සහ පීඩාකාරී තත්ත්වයක සිටියි නම් ඔවුන්ට එම රටවලින් යම් රැකවරණයක් සහ පිහිටක් ලැබේ යයි තමන් අපේක්ෂා කරනවා සේම තම ප්‍රාන්තයේ සිටින තාවකාලික වීසා ලාභීන්ටද එලෙස රැකවරණය සැලසීම තම ප්‍රාන්ත රජයේ වගකීම බවද ඔහු පැහැදිලි කළේය.

තාවකාලික වීසා ලාභීන්ට උපකාර කිරීම පියවර 4 කින්
මෙම කොරෝනා අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින තාවකාලික වීසා ලාභීන්ට උපකාර කිරීම පියවර 4 කින් සිදු කිරීමට ටස්මේනියා ප්‍රාන්ත රජය සූදානම් වේ.
පළමු පියවර
කොරෝනා වසංගතය නිසා ආර්ථික පීඩාවන්ට පත්ව දෛනික ජීවිතය ගෙනයාමට නොහැකිව සිටින තාවකාලික වීසා ලාභීන්ට Pandemic Isolation Assistance අරමුදල හරහා අත්පිට මුදල් දීමනාවක් ලබා දීම.
දෙවැනි පියවර
අමතර හදිසි සහන සේවා සහ උදව් අවශ්‍ය ටස්මෙනියා තාවකාලික වීසා ලාභීන්ට උපකාර කිරීමට අමතර මුල්‍ය ප්‍රතිපාදන ටස්මේනියා ප්‍රාන්තයේ රාජ්‍ය නොවන සංවිධාන වලට ලබා දීමට කටයුතු කිරීම.

තෙවැනි පියවර
දේශ සීමා වසා නොමැති, බරපතල ලෙස ආර්ථික පීඩාවට පත් යම් තාවකාලික වීසා ලාභීයෙකු හට තම මව් රටට යාමට අවශ්‍ය නම් එම පුද්ගලයාව සුරක්ෂිතව තම මව් රට බලා යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා සහය සැපයීම.
සිව්වන පියවර
ටස්මේනියා ප්‍රාන්තයේ සේවය කරන තාවකාලික වීසා සහිත සේවකයින්ව ඒ ඒ ව්‍යාපාර සහ කර්මාන්ත සමගම ටහබා ගැනීමට එම ව්‍යාපාර වලට සහ කර්මාන්ත වලට සහය වීම.


