දැනට භාවිතයේ පවතින ඖෂධ දෙකක් ආධාරයෙන් කොරෝනා වෛරසයට ප්‍රතිකාර අත්හදාබැලීමට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් පර්යේෂණ ඇරඹේ (SBS සිංහල / වාර්තා)

A file photo of scientists at work in the CSIRO's high-containment facility in Geelong, Friday, January 31, 2020.

Yapılan testlerin kapsamı ülke çapında ve Yeni Zelanda'yı dahil edecek şekilde genişletilecek. Source: AAP

Victoria's Royal Melbourne රෝහලේ රෝහල්ගතව සිටින කොරෝනා වෛරසය වැළඳුනු රෝගීන් ආධාරයෙන් මෙම අත්හදාබැලීම මූලිකව සිදුකෙරෙන අතර මේ වනවිටත් අදාළ වෛද්‍ය පරීක්ෂණ ආරම්භ වී තිබේ.

මැලේරියා රෝගය සහ HIV වෛරසය සඳහා වන ඖෂධ මේ ආකාරයෙන් පරීක්ෂණය සඳහා යොදාගෙන ඇතැයි වාර්තා වේ. ඔස්ට්‍රේලියාව පුරා රෝහල් 70 ක සහ නවසීලන්තයේ රෝහල් 11ක රෝගීන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සම්බන්ධකරගැනීමට නියමිතයි.

Royal Melbourne රෝහලේ මහාචාර්යවරයකු වන Steven Tong මහතාගේ සහ Doherty ආයතනයේ ප්‍රමුඛත්වයෙන් මෙම කාර්යය සිදුකරන අතර මේ සඳහා Minderoo පදනම මගින් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක ආධාර ලබාදී තිබේ.
Royal Melbourne Hospital
Source: Wikimedia Commons/WalkingMelbourne
COVID-19 වෛරසයට තවමත් ප්‍රතිකාර නොමැති වුවත් මෙම පර්යේෂණ මගින් විවිධ වූ ප්‍රතිකාර ප්‍රවේශයන් ලබාගැනීමේ හැකියාවක් පවතින බව පර්යේෂකයින් විසින් පෙන්වා දී තිබේ.

වැඩිදුරටත් ඔවුන් පවසා ඇත්තේ පර්යේෂණ සඳහා භාවිත කරන HIV වෛරසය සහ මැලේරියා රෝගය සඳහා වන ඖෂධ මගින් COVID-19 වෛරසයේම ඥාති ප්‍රභේදයක් වන SARS-CoV-2 යන වෛරසය මැඩපවත්වන බවට නිරීක්ෂණය වූ බවයි.

එමෙන්ම ලෝක සෞක්‍ය සංවිධානයද කොරෝනා වෛරසයට පිළියම් සෙවීමේ කාර්යයේදී මෙම HIV වෛරසය සහ මැලේරියා රෝගය සඳහා වන ඖෂධ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනු ලැබ ඇත.

පර්යේෂණ මගින් නිපදවන ඖෂධ ආරක්ෂාකාරීද සහ ඵලදායී ද යන්න පිළිබඳව ස්ථාවරයකට පැමිණිය යුතු බව මහාචාර්ය Steven Tong පවසයි. එමෙන්ම රෝගීන්, දැඩි සත්කාරක ඒකකය තුළට ඇතුලත් නොකිරීමේ තත්වයට රෝගය පාලනය කරගැනීම, මෙම නව ඖෂධ සෙවීමේ පරමාර්ථය බවද මහාචාර්යවරයා සඳහන් කොට තිබේ.

මේ වන විට අත්හදාබැලීම් සැලසුම් කර ඇති අතර එමගින් එක් ඖෂධයක් හෝ ඵලදායි ප්‍රතිඵල පෙන්වුවහොත් එමගින් ප්‍රතිකාර සඳහා වන ඉදිරි පියවර සැලසුම් කොට ඇත. යම් හෙයකින් එම ඖෂධය ඵලදායි නොවී අතුරු අබාධ ගෙනදෙන්නක් වුවහොත් අත්හදාබැලීම් නවතාදමන බවද මහාචාර්යවරයා අවධාරණය කොට තිබේ.

එමෙන්ම මෙම පර්යේෂණ සඳහා බොහෝ පාර්ශවයන්ගේ සහයෝගය පවතින අතර බොහෝ රෝගීන්ගේ සහභාගීත්වය හේතුවෙන් ඉතා ඉක්මනින් සාධක ලබාගත හැකි වන බවද මහාචාර්ය Steven Tong පවසා තිබේ.
SBS
Source: SBS radio

Share

Published

Updated

By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
දැනට භාවිතයේ පවතින ඖෂධ දෙකක් ආධාරයෙන් කොරෝනා වෛරසයට ප්‍රතිකාර අත්හදාබැලීමට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් පර්යේෂණ ඇරඹේ (SBS සිංහල / වාර්තා) | SBS Sinhala