කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක පිරිසකගේ රැකියා වලට බලපෑම් ඇතිවී තිබේ.
ඇතැම් පිරිස් හට නිවසේ සිට රාජාකාරී කිරීමට සිදුවී ඇති අතර, ඇතැම් පිරිස් වල සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ.
මේ අතර තවත් පිරිස් හට වැටුප් කප්පාදු සිදුවී ඇති බවද වාර්තා වේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එමෙන්ම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට පමණක් දෙසතියකට වරක් $1,500 ක් ලබා දෙන JobKeeper වැඩසටහනද ඊයේ සිට නිල වශයෙන් විවෘත් කෙරිණි.
කෙසේවුවත් මෙම කොරෝනා වසංගතය හමුවේ ඇතැම් සේවායෝජකයින් තම සේවකයින්ව සූරා කෑමකට ලක් කෙරිය හැකි බවට අනුමාන කෙරේ.
ඔබේ සේවායෝජකයාත් ඔබව සූරා කෑමකට ලක් කරනවාද? එසේනම් ඔබ සිදු කළ යුත්තේ කුමක්ද? යන්න මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.

ඔබේ වැටුප කප්පාදු කිරීමට ඔබේ සේවායෝජකයාට හැකිද?
සාමාන්‍යයෙන් එසේ කළ නොහැකි බව ABC පුවත් වෙබ් අඩවිය පවසයි.
යම් සේවකයෙකුගේ වැටුප් කප්පාදු කිරීම තීරණය වන්නේ අදාළ සේවකයාගේ සේවක කොන්ත්‍රාත්තුව මතය.
එහිදී සේවකයා සහ සේවායෝජකයා යන දෙපාර්ශවයම එකඟ විය යුතුය.

මේ අතර අදාළ රැකියා ක්ෂේත්‍රයේ නියම කෙරුණු වැටුප් ප්‍රමාණයට වඩා (ndustrial award or enterprise agreement) හෝ ඔස්ට්‍රේලියාවේ අවම වැටුපට අඩුවෙන් කිසිදු සේවකයෙකුගේ වැටුප් කප්පාදු කිරීමට නොහැකිය.
පවතින කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ hospitality, ආපන ශාලා සහ අවන්හල් මෙන්ම ලිපිකරු සේවාවන් වල සේවකයින්ගේ සේවක පැය ගණන අඩු කිරීමට මේ වන විටත් නීති සංශෝධනය වී ඇති අතර ඒවා 2020 ජුනි 30 වන දින තෙක් වලංගු වේ.

JobKeeper දීමනාව ලබන සේවකයින්
JobKeeper දීමනාව ලබන සේවකයින් ගේ තත්ත්වය මෙවේලෙහි අනෙක් සේවකයින්ගේ තත්ත්වයට වඩා වෙනස්ය.
මෙම දීමනාව ලැබීමට සුදුසුකම් ලබන සේවකයින්ගේ සේවක පැය ගණන අඩු කිරීමට හෝ තාවකාලිකව සේවය අත්හිටුවීමට සේවායෝජකයන්ට අවසරය තිබේ.
පසුගිය අප්‍රේල් 09 වන දින Fair Work පනතට එක් කෙරුණු සංශෝධන වලට අනුව මෙම අවසරය ලැබේ.
එහිදී අදාළ සේවකයින්ගේ පැයකට ගෙවනු ලබන වැටුපෙහි කිසිදු වෙනසක් සිදු නොවන නමුත් සේවා පැය ගණන අඩු කළ හැකිය.
JobKeeper දීමනාව ලැබීමට සුදුසු සේවකයින්ට දෙසතියකට වරක් එම $1,500 ලබාදීමට අදාළ සේවායෝජකයින් කටයුතු කළ යුතුය.
මෙම JobKeeper දීමනාව තාවකාලිකව ලබා දෙන දීමනාවක් බවත් එය දැනට තීරණය කර ඇති ආකාරයට සැප්තැම්බර් 28 වන දින තෙක් පමණක් ක්‍රියාත්මක වන බවත් වාර්තා වේ.

ඔබ දෙසතියකට වරක් $1,500 ට වඩා අඩුවෙන් වැටුප් ලබන අයෙකු නම් ඔබ මෙහිදී වැඩිපුර වැඩ කළ යුතුද?
ඔබේ සේවා පැය ගණන කුමක් වුවත් JobKeeper සඳහා සුදුසුකම් ලැබූ සේවකයින්ට තම සේවායෝජකයින් විසින් ගෙවීමට හැකි අවම වැටුප් දීමනාව දෙසතියකට $1,500 ක් වේ.
මෙය පූර්ණ කාලීන, අර්ධ කාලීන හා ඇතැම් සුදුසුකම් ලත් අනියම් සේවකයින්ට ලැබෙනු ඇත.
ඒ අනුව ඇතැම් සේවකයින්ට සාමාන්‍යයෙන් තමන්ට ලැබෙන දෙසතියක වැටුපට වඩා වැඩි වැටුපක් මෙම JobKeeper දීමනාවෙන් ලැබේ.
එනිසා එවැනි සේවකයින්ට $1,500 දක්වා සේවය කිරීමට අමතර පැය ගණනක් ලබා දීමට හෝ අමතර වැඩ කිරීමට යෙදවීමට සේවායෝජකයින්ට හැකිද?
සෘජු පිළිතුර "නැත" යන්නය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිර්මාණය කර ඇති JobKeeper පැකේජයේ වැනි කරුණක් සටහන් නොවන බව සේවක නීති පිළිබඳ නීතිඥ Patrick Turner, ABC පුවත් වෙත පැවසීය.

ඔබේ සාමාන්‍ය රාජකාරී ඇනහිට ඇත්නම් ඔබට වෙනත් රාජකාරී පැවරිය හැකිද?
JobKeeper පැකේජයේ සංශෝධන නීති වලට අනුව ඔබේ සාමාන්‍ය රාජකාරී ඇනහිට ඇත්නම් සේවායෝජකයාට ඔබට වෙනත් රාජකාරී පැවරිය හැකිවේ.
නමුත් එය පහත සඳහන් යම් සීමාවන්ට අනුකූලව සිදු කළ යුතුය.
- පවරන රාජකාරී කිරීමට ඔබට දැනුමක් සහ නිපුණතාවක් තිබිය යුතුය.
- ඒ සඳහා බලපත්‍ර හෝ සුදුසුකම් අවශ්‍ය නම් ඔබ ඒවා සැපිරිය යුතුය.
- කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානමින් තොර විය යුතුය.
- සේවායෝජකයාගේ ව්‍යාපාරයට අදාළ රාජකාරී විය යුතුය.

ඔබේ සේවා ආයතනය JobKeeper දීමනාවට සුදුසුකම් නොලබයිනම් ඔබට ඔබේ සේවක කොන්ත්‍රාත්තුවෙන් පිට රාජකාරී බලෙන් පැවරීමට සේවායෝජකයාට අයිතියක් නොමැත.

ඔබට work from home විකල්පය තෝරාගත හැකිද?
ඔබට work from home විකල්පය තෝරාගත හැකිද නැතිනම් අනිවාර්යෙන් සේවා ස්ථානය වෙත වාර්තා කළ යුතුද යන්න ඔබේ සේවක කොන්ත්‍රාත්තුව මත හෝ අදාළ enterprise ගිවිසුම මත වෙනස් වේ.
නමුත් JobKeeper දීමනාව යටතේ තම සේවකයින්ව ඔවුන්ගේ නිවාස ඇතුළු වෙනස් ස්ථාන වල සිට සේවයේ යොදවා ගැනීමට අදාළ සේවායෝජකයින්ට අවස්ථාව ලැබේ.
නමුත් එහිදී කිසිදු අයුරකින් JobKeeper පැකේජයේ නීති රෙගුලාසි උල්ලංඝනය නොකළ යුතුය.
එමෙන්ම රාජාකාරී කරන විකල්ප ස්ථානය සේවකයාට සුදුසු, ආරක්ෂාකාරී, අනවශ්‍ය ලෙස ප්‍රවාහනයේ නොයෙදිය යුතු ස්ථානයක් විය යුතුය.
කෙසේවෙතත්, යම් සේවකයෙකුට work from home විකල්පය තෝරා ගැනීමට අවශ්‍යනම් ඒ පිළිබඳ තම ආයතනය සමග සාකච්ඡා කිරීම වඩා වැදගත් වේ.

ඔබේ සේවායෝජකයා ඔබට ඔබේ නිවාඩු ලබා ගන්නා ලෙස යෝජනා කිරීම සුදුසුද?
ඔබට ඔබේ ලබා ගන්නා ලෙස යෝජනා කිරීමට ඔබේ සේවායෝජකයාට මෙවේලෙහි හැකියාවක් ඇති නමුත් ඔබ ඊට එකඟ වීම අනිවාර්ය නොවේ.
මෙහිදී අදාළ සේවකයන්ට හිමි වාර්ෂික නිවාඩු (annual leave) ලබාගන්නා ලෙස සේවායෝජකයාට යෝජනා කළ හැකිය.
මීට අමතරව ඔස්ට්‍රේලියාවේ ඔහෝ රැකියා ක්ෂේත්‍ර සඳහා වැටුප් රහිත සති දෙකක උපරිම කාලයක් දක්වා pandemic leave හෙවත් වසංගත නිවාඩු ලබා ගැනීමට සේවකයින්ට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් අවස්ථාව උදා කර දී තිබේ.
මෙම සියලු සංශෝධන එළඹෙන ජුනි 30 වන තෙක් පමණක් ක්‍රියාත්මක වේ.
JobKeeper දීමනාව හිමිවන සේවකයින්ට වුවද තම වාර්ෂික නිවාඩු ලබා ගැනීමට කියා සේවායෝජකයාට යෝජනා කළ හැකි අතර අදාළ සේවකයා හට තම වාර්ෂික නිවාඩු සති දෙකක කාලයක ශේෂය වන තෙක් නිවාඩු ලබා ගැනීමට හැකිය.


