කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික පීඩාවට පත්ව සිටින ඔස්ට්‍රේලියානුවාසීන්ට තම Superannuation ගිණුමෙන් නියමිත කාලයට පෙර මුදල් ලබා ගැනීමට දැන් අවස්ථාව උදාවී තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
සුදුසුකම් ලැබූ පුද්ගලයින්ට ඒ සඳහා අයදුම් කිරීමට අද සිට හැකියාව ලැබේ.

Superannuation ගිණුමෙන් කලින් මුදල් ලබා ගැනීම
කොරෝනා වසංගතය නිසා ආර්ථික පීඩාවන්ට පත්ව සිටින සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ට අද (20/04) සිට තම Superannuation ගිණුමෙන් කලින් මුදල් ලබා ගැනීමට හැකියාව ලැබේ.
ඒ අනුව ඒ සඳහා සුදුසුකම් ලැබූ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට, ඔස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ ස්ථිර පදිංචිකරුවන්ට 2019–20 මුල්‍ය වර්ෂය සඳහා $10,000 ක දක්වා වූ මුදලක්ද 2020–21 මුල්‍ය වර්ෂය සඳහා තවත් $10,000 ක දක්වා වූ මුදලක්ද ලබාගත හැකිය.
එමෙන්ම මේ සඳහා සුදුසුකම් ලැබූ තාවකාලික වීසා හිමියන්ට 2019–20 මුල්‍ය වර්ෂය සඳහා පමණක් $10,000 ක දක්වා වූ මුදලක් ලබා ගැනීමට හැකියාව පවතී.

අයදුම්පත් යොමු කිරීම
මේ සඳහා වන අයදුම්පත යොමු කිරීම තම myGov ගිණුම හරහා හැකිය.
2019–20 මුල්‍ය වර්ෂය සඳහා Superannuation ගිණුමෙන් මුදල් ලබා ගැනීමට 2020 ජුනි 30 වන දින තෙක් අයදුම්පත් යොමු කළ හැකි බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නිල වෙබ් අඩවිය පවසයි.
එමෙන්ම 2020–21 මුල්‍ය වර්ෂය සඳහා Superannuation ගිණුමෙන් මුදල් ලබා ගැනීමට 2020 ජූලි 01 වන සිට 2020 සැප්තැම්බර් 24 දින තෙක් අයදුම්පත් යොමු කළ හැකිය.
මෙම ලබා ගන්නා මුදල් සඳහා ඔබට ආදායම් බද්දක් ගෙවීමට සිදු නොවන බවත් මෙම මුදල ඔබේ වාර්ෂික tax return එකේ ඇතුළත් නොවන බවත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නිල වෙබ් අඩවිය පවසයි.
ඔබේ අයදුම්පත සමග කිසිදු ලේඛනයක් ඇමිණිය නොයුතු නමුත් ඒ සඳහා අදාළ වන සාක්ෂි සහ ලේඛන ළඟ තබාගත යුතු බවත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ඉල්ලු විට ඒවා ඉදිරිපත් කිරීමට ඔබට හැකියවක් තිබිය යුතු බවත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නිල වෙබ් අඩවිය පවසයි.

මේ සඳහා සුදුසුකම් ලබන්නේ කවුරුන්ද?
ඔස්ට්‍රේලියානු පුරවැසියන්, ඔස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ ස්ථිර පදිංචිකරුවන්
පහත සඳහන් කොන්දේසි වලින් එකක් හෝ සපුරා ඇති ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට, ඔස්ට්‍රේලියාවේ හෝ නවසීලන්තයේ ස්ථිර පදිංචිකරුවන්ට තම Superannuation ගිණුමෙන් කලින් මුදල් ලබා ගැනීමට හැකියාව ලැබේ.
- රැකියාවක් නොමැති අයෙකු වීම
- jobseeker, youth allowance, parenting payment, special benefit, farm household allowance යන දීමනා වලින් එකක් හෝ ලබන පුද්ගලයෙකු වීම
- 2020 ජනවාරි 01 වන දින හෝ ඊට පසුව රැකියාව අහිමිවීම.
- 2020 ජනවාරි 01 වන දින හෝ ඊට පසුව ඔබ සේවය කරන පැය ගණන 20% කින් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වීම.
- ඔබ ඒක පුද්ගල ව්‍යාපාරිකයෙකු නම් ඔබේ ව්‍යාපාරය අත්හිටුවීමට සිදුවීම හෝ වාර්ෂික පිරිවැටුම 20% කින් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වීම.

තාවකාලික වීසා හිමියන්
තාවකාලික වීසා හිමියන්ට තම Superannuation ගිණුමෙන් කලින් මුදල් ලබා ගැනීමට නම් පහත සඳහන් කොන්දේසි වලින් එකක් හෝ සැපිරිය යුතුය.
- මාස 12 ක් හෝ ඊට වැඩි කාලයක් ශිෂ්‍ය වීසාවක සිටින තම එදිනෙදා මූලික වියදම් සිදු කිරීමට අපහසු තත්ත්වයේ සිටින පුද්ගලයෙකු වීම
- තමන්ගේ සේවා පැය ගණන බින්දුවටම අඩුවීම සහ ඔබට එම සේවායෝජකයා සමගම සිටීමට සිදුවී ඇති තාවකාලික නිපුණතා රැකියා වීසා ලාභියෙකු වීම
- තම එදිනෙදා මූලික වියදම් සිදු කිරීමට අපහසු තත්ත්වයේ සිටින ඉහත ඛාණ්ඩ දෙකටම අයත් නොවන temporary resident වීසා ලාභියෙකු වීම


