කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය උසස් තාක්ෂණය යොදාගැනීමට අදහස් කර තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ජංගම දුරකතන app එකක් හරහා එම කටයුත්ත සිදු කිරීමට මධ්‍යම රජය අදහස් කරයි.

කොරෝනා වසංගතය පාලනය කිරීමට නව ජංගම දුරකතන app එකක්
කොරෝනා වසංගතය පාලනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හඳුන්වා දීමට සූදානම් වන මෙම නව ජංගම දුරකතන app එක හරහා ඔස්ට්‍රේලියානුවන්ගේ ගමන් බිමන් අධීක්ෂණය කෙරේ.
නමුත් එය අදාළ ජංගම දුරකථන හිමියන්ගේ අනුමැතිය ඇතිව සිදු කරන බව මධ්‍යම රජය පවසයි.
දැනට ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක කොරෝනා මැඩලීම සඳහා වන නීති ලිහිල් කිරීමට හෝ ඉවත් කිරීමට තවත් මාස කිහිපයක් පමණ ගතවනු ඇතැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison පවසයි.

කොරෝනා පරීක්ෂාවන් බහුලව සිදු කිරීමට වාතාවරණය ඇති කරගැනීම මෙන්ම කොරෝනා ආසාදිතයින් ගේ හැසිරීම පිළිබඳ මනාව නිරීක්ෂණය කිරීමට හැකි වීම මත එය ළඟා කරගැනීම ඉතා පහසු වනු ඇතැයි ඔහු විශ්වාස කරයි.
එහිදී මෙවැනි අන්දමේ ජංගම දුරකතන app එකක් ඉතා ප්‍රයෝජනවත් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අදහස වේ.

ජංගම දුරකතන app එකේ ක්‍රියාකාරිත්වය
මෙම ජංගම දුරකතන app එක TraceTogether නමින් හැඳින්වේ.
එය bluetooth තාක්ෂණය යොදාගනිමින් තවත් පුදගලයෙකු සමග ඔබ ගැටෙන බව පටිගත කරන අතර එම අනෙක් පුද්ගලයාව ඔබ දැනගනීමටම අවශ්‍ය නොමැත.
ඒ අනුව ඔබ කොරෝනා ආසදිතයකු සමග ගැටුනාද යන්න මෙම ජංගම දුරකතන app එකට නිරීක්ෂණය කළ හැකිය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙය පුද්ගලික අංශය සමග එක්ව නිෂ්පාදනය කිරීමට පියවර තබා ඇති අතර තවත් සති දෙකකින් පමණ එහි පූර්ණ නිමැවුම අවසන් වනු ඇති බව වාර්තා වේ.

නමුත් මෙම ජංගම දුරකතන app එකෙන් නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නම් ඔස්ට්‍රේලියානුවන් ගෙන් අවම වශයෙන් 40% ක් පමණ හෝ ස්වේච්ඡාවෙන් එම app එක බාගත කොට එයට ලියා පදිංචි විය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
සිංගප්පුරුවේ ද මීට සමාන ආකාරයේ app එකක් කොරෝනා මර්දන වැඩපිළිවෙල සඳහා නිෂ්පාදනය කළ නමුත් ඒ සඳහා ලියා පදිංචි වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුයේ සිංගප්පුරු වැසියන්ගෙන් 20% ක් පමණි.
මේ පිළිබඳ වැඩි විස්තර ඉදිරි සතිය තුළදී අපේක්ෂා කළ හැකි බවද රජය පවසයි.


