කොරෝනා අර්බුදය හමුවේ ජාත්‍යන්තර සිසුන්ව නැවතත් මග හරිමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඔස්ට්‍රේලියානුවන්ට පමණක් වට්ටම් සහිත පාඨ මාලාවන් හඳුන්වා දෙයි (SBS සිංහල/ වාර්තා)

Australian universities

Source: AAP

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සහ TAFE විද්‍යාල ලබන මාසයේ සිට ඔස්ට්‍රේලියානුවන්ට වට්ටම් සහිත කෙටි කාලීන පාඨ මාලාවන් හඳුන්වා දීමට නියමිතය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නව වැඩපිළිවෙලක් යටතේ මෙය ක්‍රියාත්මක වේ.
Australian universities
Source: AAP

වට්ටම් සහිත කෙටි කාලීන පාඨ මාලා වැඩසටහන

කොරෝනා වයිරසය හමුවේ මතුවූ පුරප්පාඩු පිරවීමට අපහසුවී ඇති රැකියා ක්ෂේත්‍ර සඳහා නිපුණතා සහිත ඔස්ට්‍රේලියානුවන් බිහි කිරීමට මෙම  කෙටි කාලීන පාඨ මාලාවන් තුළින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.

මෙය ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිය හිමි අයට පමණක් ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

මේ සඳහා වැයවන පිරිවැය ඩොලර් බිලියන 18 ක් ලෙස වාර්තා වේ.
කොරෝනා වයිරසය හේතුවෙන් තමන්ගේ රැකියා සහ ආදායම් අහිමිවූ ඔස්ට්‍රේලියානුවන්ට හෝ තමන්ගේ දැනට පවතින වෘත්තීය වෙනස් කරගැනීමට අපේක්ෂාවෙන් සිටින ඔස්ට්‍රේලියානුවන්ට මෙය කදිම අවස්ථාවක් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ  අධ්‍යාපන අමාත්‍ය Dan Tehan පවසයි.

මෙම වැඩසටහන ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සහ TAFE විද්‍යාල යටතේ පමණක් ක්‍රියාත්මක වන අතර ඇතැම් පාඨ මාලාවල ගාස්තු 74% කින් කප්පාදු කර ඇති බවද සඳහන්.
Federal Education Minister Dan Tehan unveiled a coronavirus relief package for the higher education sector last month.
Federal Education Minister Dan Tehan Source: AAP

වැඩසටහනට අදාළ පාඨ මාලා

මෙම වැඩසටහනට අදාළ පාඨ මාලා මාස 6 ක් පුරාවට දිවයන අතර ඒවා අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන බවද වාර්තා වේ.

මෙම වැඩසටහන යටතේ පහත සඳහන් ක්ෂේත්‍ර වල ඩිප්ලෝමා සහ graduate certificate පාඨ මාලා ක්‍රියාත්මක වන බව සඳහන්.

  • හෙද
  • සෞඛ්‍ය
  • ගුරු
  • තොරතුරු තාක්ෂණය
  • උපදේශන
  • විද්‍යා
Coronavirus
Source: SBS


කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලට සහ TAFE විද්‍යාල වලට ජාත්‍යන්තර සිසුන් අහිමිවීමක් සිදුවෙමින් පවතින බැවින් එම පාඩුව පියවීම සඳහා මෙය ක්‍රියාවට නැංවීම මධ්‍යම රජයේ තවත් එක් අරමුණකි.
Australian universities
Source: Twitter

ජාත්‍යන්තර සිසුන්ව නැවතත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මගහරී

කොරෝනා වසංගතය හමුවේ ආර්ථික පීඩාවට පත්ව සිටින ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට යම් ආර්ථික සහන දීමනාවක් ලබාදීමට Universities Australia (UA) ආයතනය, ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් සිදුකළ ඉල්ලීම මධ්‍යම රජය විසින් ඉවත දමා තිබේ.

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල පද්ධතියේ ප්‍රධානතම ආයතනයක් ලෙස Universities Australia (UA) ආයතනය හැඳින්වෙන අතර එහි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 39 ක් සාමාජිකත්වය දරයි.
Coronavirus
Source: SBS
ඇතැම් ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල මේ වන විට රජයේ සහයෝගයක් නොමැතිව විශ්ව විද්‍යාල මට්ටමින් තමන්ගේ ජාත්‍යන්තර සිසුන්ට ආර්ථික වශයෙන් සහන ලබා දීමට පියවර ගනිමින් සිටියි.

ඔවුන්ගේ පාඨ මාලා ගාස්තු වලට වට්ටම් ලබා දීම වැනි ක්‍රියා හරහා එම ආර්ථික සහන අදාළ විශ්ව විද්‍යාල තමන්ගේ ජාත්‍යන්තර සිසුන්ට ලබාදීමට සැරසෙයි.
මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල වාර්ෂික ආදායම ඩොලර් බිලියන 3 - 4.6 මට්ටමකින් පහත බසිනු ඇතැයි Universities Australia (UA) ආයතනය, ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට දන්වා තිබේ.

නමුත් මෙහිදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ  අධ්‍යාපන අමාත්‍ය Dan Tehan, ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන්ගේ ප්‍රකාශය නැවත සිහිපත් කර ඇත.

එනම් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ පූර්ණ අවධානය යොමුවන්නේ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට පමණක් බවත් ජාත්‍යන්තර සිසුන් තම මුල්‍ය අර්බුද තමන් විසින්ම විසඳා ගත යුතු බවත්ය.

එලෙස තම මුල්‍ය අර්බුද විසඳා ගැනීමට අපහසු ජාත්‍යන්තර සිසුන් සිටීනම් ඔවුන්ට ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට අවසර ඇති බවද අගමැතිවරයා සිය කතාවේදී පැවසුවේය.
AUS Government announces coronavirus relief package for higher education with focus on Australian students
Source: SBS Sinhala

Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
කොරෝනා අර්බුදය හමුවේ ජාත්‍යන්තර සිසුන්ව නැවතත් මග හරිමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඔස්ට්‍රේලියානුවන්ට පමණක් වට්ටම් සහිත පාඨ මාලාවන් හඳුන්වා දෙයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala