කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ බොහොමයකට රැකියා අහිමිවී ඇති අතර තවත් පිරිසක් නිවසේ සිට රාජකාරී කටයුතු (working from home) සිදු කරමින් සිටියි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එලෙස නිවසේ සිට රාජකාරී කටයුතු සිදුකරන උදවියට 2019/20 මුල්‍ය වර්ෂයේ Tax Return එකේදී ඊට අදාළ වියදම් නැවත ලබා ගැනීම දැන් තවත් පහසු කර තිබේ.

නිවසේ සිට රාජකාරී කටයුතු සිදුකරන විට යන වියදම් නැවත ලබා ගැනීම
කොරෝනා වසංගතය හමුවේ නිවසේ සිට රාජකාරී කටයුතු සිදුකරන පුද්ගලයින්ට ඒ සඳහා වන වියදම් නැවත තම Tax Return එකේදී ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට නිවසේ සිට රාජකාරී කටයුතු සිදුකරන සෑම සේවා පැයකටම ශත 80 බැගින් ඔබට මෙහිදී නැවත ලබාගත හැකිය.
මේ නිසා වෙන් වෙන්ව නිශ්චිත වියදම් මොනවාද යන්න සොයා බලා ඊට අදාළ වියදම් ගණනය කිරීම සඳහා වද වීමට ඔබට මේ අනුව ඉඩ නොලැබේ.
මේ වන විට මෙම ක්‍රමය 2020 මාර්තු 01 වන දින සිට ජුනි 30 දක්වා වලංගු බවත් ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය පැතිරීමේ අනාගත ස්වභාවය පිළිබඳ විමර්ශනය කර 2020/21 මුල්‍ය වර්ෂය සඳහාද අවශ්‍ය වුවොත් මෙය ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සූදානම් වේ.
ඒ අනුව ඔබ නිවසේ සිට රාජකාරී කටයුතු කරනවානම් ඔබට මේ ක්‍රමය අනුගමනය කිරීමට ඇත්තේ ඉතාම පහසු පියවරකි.
එනම් ඔබ නිවසේ සිට රාජකාරී කටයුතු කරන සේවා පැය ගණන පොතක පිළිවෙලට සටහන් කර ගැනීම බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහාකාර කොමසාරිස් Karen Foat පැවසුවාය.
එකම නිවසක පුද්ගලයින් කිහිප දෙනෙකු රාජකාරී කටයුතු සිදු කරනවානම් ඒ සෑම අයෙකුටම මෙම නව ක්‍රමය අනුගමනය කරමින් සේවා පැයකට ශත 80 ක මුදලක් නැවත ලබා ගැනීමට හැකියාව පවතී.

නව ක්‍රමවේදය නිසා පරණ ක්‍රමවේදය අහෝසිද?
මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීමට පෙර සිටම නිවසේ සිට රාජකාරී කරන පුද්ගලයින්ට සිය වියදම් තම Tax Return එකේදී නැවත ලබා ගැනීමට හැකියාව ලැබේ.
මෙම නව ක්‍රමවේදය නිසා එම පරණ ක්‍රමවේදය අහෝසි නොවන බවද වාර්තා වේ.
ඒ අනුව පැරණි ක්‍රමවේදයට අනුව ඒ ඒ වියදම් වෙන් වෙන් වශයෙන් ගණන් බලා ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතී.
එමෙන්ම මෙම නව ක්‍රමය 2020 මාර්තු 01 වන දිනට පෙර කාල සීමාව සඳහා ක්‍රියාත්මක කිරීමට අවසර නැත.
මේ අතර ඔබ නිවසේ සිට රාජකාරී කරන විට තේ, කෝපි සහ toilet paper යන ද්‍රව්‍ය සඳහා යන වියදම නැවත ලබා ගැනීමට නොහැකි බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහාකාර කොමසාරිස් Karen Foat පැවසුවාය.
එමෙන්ම ඔබේ නිවසේ කුලිය හෝ නිවාස ණයද වියදමක් ලෙස දැමීමට මෙහිදී අවස්ථාව නොලැබේ.
නමුත් එය ආයෝජන දේපලක් නම් එහි වියදම් ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත.


