කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ නිවසේ සිට රාජකාරී කටයුතු සිදුකරන පුද්ගලයින්ට පැයකටම ශත 80 බැගින් Tax Claim කිරීමට හැකි නව ක්‍රමයක් (SBS සිංහල/ වාර්තා)

WORK

Source: Pixabay

කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ බොහොමයකට රැකියා අහිමිවී ඇති අතර තවත් පිරිසක් නිවසේ සිට රාජකාරී කටයුතු (working from home) සිදු කරමින් සිටියි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


එලෙස නිවසේ සිට රාජකාරී කටයුතු සිදුකරන උදවියට 2019/20 මුල්‍ය වර්ෂයේ Tax Return එකේදී ඊට අදාළ වියදම් නැවත ලබා ගැනීම දැන් තවත් පහසු කර තිබේ.
Social Networks
Source: AAP

නිවසේ සිට රාජකාරී කටයුතු සිදුකරන විට යන වියදම් නැවත ලබා ගැනීම

කොරෝනා වසංගතය හමුවේ නිවසේ සිට රාජකාරී කටයුතු සිදුකරන පුද්ගලයින්ට ඒ සඳහා වන වියදම් නැවත තම Tax Return එකේදී ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට නිවසේ සිට රාජකාරී කටයුතු සිදුකරන සෑම සේවා පැයකටම ශත 80 බැගින් ඔබට මෙහිදී නැවත ලබාගත හැකිය.

මේ නිසා වෙන් වෙන්ව නිශ්චිත වියදම් මොනවාද යන්න සොයා බලා ඊට අදාළ වියදම් ගණනය කිරීම සඳහා වද වීමට ඔබට මේ අනුව ඉඩ නොලැබේ.

මේ වන විට මෙම ක්‍රමය 2020 මාර්තු 01 වන දින සිට ජුනි 30 දක්වා වලංගු බවත් ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය පැතිරීමේ අනාගත ස්වභාවය පිළිබඳ විමර්ශනය කර 2020/21 මුල්‍ය වර්ෂය සඳහාද අවශ්‍ය වුවොත් මෙය ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සූදානම් වේ.

ඒ අනුව ඔබ නිවසේ සිට රාජකාරී කටයුතු කරනවානම් ඔබට මේ ක්‍රමය අනුගමනය කිරීමට ඇත්තේ ඉතාම පහසු පියවරකි.

එනම් ඔබ නිවසේ සිට රාජකාරී කටයුතු කරන සේවා පැය ගණන පොතක පිළිවෙලට සටහන් කර ගැනීම බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහාකාර කොමසාරිස් Karen Foat පැවසුවාය.

එකම නිවසක පුද්ගලයින් කිහිප දෙනෙකු රාජකාරී කටයුතු සිදු කරනවානම් ඒ සෑම අයෙකුටම මෙම නව ක්‍රමය අනුගමනය කරමින් සේවා පැයකට ශත 80 ක මුදලක් නැවත ලබා ගැනීමට හැකියාව පවතී.
Tax time 2021
Registered tax agent Chura Mani Belbase explains why this years tax return will be little different. Source: ?SBS Nepali/Getty Images

නව ක්‍රමවේදය නිසා පරණ ක්‍රමවේදය අහෝසිද?

මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීමට පෙර සිටම නිවසේ සිට රාජකාරී කරන පුද්ගලයින්ට සිය වියදම් තම Tax Return එකේදී නැවත ලබා ගැනීමට හැකියාව ලැබේ.

මෙම නව ක්‍රමවේදය නිසා එම පරණ ක්‍රමවේදය අහෝසි නොවන බවද වාර්තා වේ.

ඒ අනුව පැරණි ක්‍රමවේදයට අනුව ඒ ඒ වියදම් වෙන් වෙන් වශයෙන් ගණන් බලා ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතී.

එමෙන්ම මෙම නව ක්‍රමය 2020 මාර්තු 01 වන දිනට පෙර කාල සීමාව සඳහා ක්‍රියාත්මක කිරීමට අවසර නැත.

මේ අතර ඔබ නිවසේ සිට රාජකාරී කරන විට තේ, කෝපි සහ toilet paper යන ද්‍රව්‍ය සඳහා යන වියදම නැවත ලබා ගැනීමට නොහැකි බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහාකාර කොමසාරිස් Karen Foat පැවසුවාය.

එමෙන්ම ඔබේ නිවසේ කුලිය හෝ නිවාස ණයද වියදමක් ලෙස දැමීමට මෙහිදී අවස්ථාව නොලැබේ.

නමුත් එය ආයෝජන දේපලක් නම් එහි වියදම් ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත.
Working from home
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service