කොරෝනා වසංගතයෙන් ආර්ථික පීඩාවට පත් ඔස්ට්‍රේලියානුවන්ට ආර්ථික සහන සැලසීමේ අරමුණින් මධ්‍යම රජය ලබාදෙන සහන දීමනා මුවාවෙන් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමට ඇතැම් පුද්ගලයින් උත්සහ දරන බව වාර්තා වේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
විශේෂයෙන්ම superannuation ගිණුම් වල මුදල් නැවත ලබාගැනීමට යාමේදී මෙලෙස වංචනික ක්‍රියා සිදුකිරීමට අදාළ පිරිස් අවධානය යොමු කර තිබෙන බව සඳහන්.

Superannuation ගිණුම් වල මුදල් නැවත ලබාගැනීමේදී වංචනිකයින්ට හසු නොවන්න
කොරෝනා වසංගතය පවතින සමයේදී ආර්ථික පීඩාවට පත්වන ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින්ට තම superannuation ගිණුමෙන් මුදල් ලබා ගැනීමට හැකියාව පවතින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගියදා ප්‍රකාශ කළේය.
ඒ අනුව 2019/20 මුල්‍ය වර්ෂයේදී $10,000 ක් දක්වාද 2020/21 මුල්‍ය වර්ෂයේදී $10,000 ක් දක්වාද සුදුසුකම් ලැබූ පුද්ගලයින්ට තම superannuation ගිණුමෙන් මුදල් ලබා ගැනීමට හැකියාව පවතී.
මෙම අවස්ථාව අප්‍රේල් මස මැද භාගයේ පටන් ක්‍රියාත්මක වන බව සඳහන්.
මේ අතර මේ සම්බන්ධයෙන් Australian Competition and Consumer Commission (ACCC) විසින් අද (06/04) දිනයේදී ඔස්ට්‍රේලියානුවාසීන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බව චැනල් 7 පුවත් සේවය වාර්තා කරයි.
යම් පුද්ගලයෙකුට තම superannuation ගිණුමෙන් මුදල් ලබා ගැනීමට අවශ්‍යනම් ඔහුට හෝ ඇයට උපකාර කිරීමේ සේවා ලබා දීමට සූදානම් බව පවසමින් වංචනික පුද්ගලයින් මේ වන විටත් කටයුතු යොදමින් සිටින බව ඔවුන් පවසයි.
පසුගිය මාර්තු මාසයේ මැද භාගයේදී superannuation ගිණුමෙන් මුදල් ලබා ගැනීමට හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කිරීමෙන් පසුව මේ දක්වා එවැනි වංචනික ක්‍රියා 87 ක් වාර්තා වී ඇති බව ACCC හි නියෝජ්‍ය ප්‍රධානී Delia Rickard පැවසුවාය.
අදාළ වංචනිකයින් superannuation ගිණුමෙන් මුදල් ලබා ගැනීමට සහය වීම සඳහා මුදලක් ඉල්ලනවාට අමතරව ඒ ඒ පුද්ගලයින්ගේ superannuation ගිණුම් වලට පිවිසීමට හැකි username සහ password වැනි රහස්‍ය තොරතුරුද සොරාගන්නා බව ඇය පෙන්වා දෙයි.
තමන්ගේ superannuation ගිණුමෙන් මුදල් ලබා ගැනීමට තෙවන පාර්ශවයකගේ සහයක් අවශ්‍ය නොවන බව ද ACCC හි නියෝජ්‍ය ප්‍රධානී Delia Rickard පැවසුවාය.
superannuation ගිණුම් සම්බන්ධ වංචනික ක්‍රියා නිසා වසර 2019 දී ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 6 කටත් වඩා පාඩුවක් සිදුවූ බවද ඇය පෙන්වා දුන්නාය.
මේ හේතු නිසා තමන්ගේ myGov ගිණුමට පිවිසීමට කිසිදු වෙබ් ලින්ක් එකක් ක්ලික් නොකිරීමට වග බලාගත යුතු අතර අදාළ වෙබ් අඩවියේ සම්පූර්ණ නම වෙබ් බ්‍රවුසරයේ ටයිප් කර ඒ සඳහා පිවිසීම වඩාත් යෝග්‍ය බව ඇය අවධාරණය කරයි.

Superannuation ගිණුමෙන් මුදල් ලබා ගැනීමට යාමේදී වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්නේ කෙසේද?
- ඔබව අමතන කාටහෝ ඔබගේ Superannuation ගිණුමේ විස්තර ලබා නොදෙන්න.
- ඔබගේ Superannuation ගිණුම පිළිබඳ විමසා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් යයි පවසා ලැබෙන දුරකතන ඇමතුම් විසන්ධි කරන්න.
- ඔබගේ Superannuation ගිණුමෙන් මුදල් ලබා ගැනීමට සහය වීම පිණිස තමන්ව අමතන්න යනුවෙන් පැමිණෙන දුරකතන අංක වලට ඇමතීමෙන් වළකින්න.
- වැරදීමකින් හෝ ඔබේ Superannuation ගිණුමේ විස්තර වංචනිකයන් අතට පත්වූවා යයි ඔබ සිතනවානම් ඔබේ Superannuation ගිණුම හිමි ආයතනයට වහාම දන්වන්න.
- ඔබේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු වංචනිකයන් අතට පත්වූවා යයි ඔබ සිතනවානම් ඔබේ බැංකුව හෝ මුල්‍ය ආයතනයට වහාම දන්වන්න.


