කොරෝනා වසංගතය පවතින සමයේදී ආර්ථික පීඩාවට පත්වන රැකියා කිරීමට හිමිකම් ඇති ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියන්ට තම superannuation ගිණුමෙන් මුදල් ලබා ගැනීමට හැකියාව පවතින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙම අවස්ථාව ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට ද හිමිවන බව රජය පවසයි.

තාවකාලික වීසා හිමියන්ට superannuation ගිණුමෙන් මුදල් ලබා ගැනීමට අවසර
මේ වන විට ඔස්ට්‍රේලියාවේ මිලියන 2.17 ක් පමණ තාවකාලික වීසා හිමියන් ඔස්ට්‍රේලියාව තුළ සිටින බව වාර්තා වේ.
ඒ අනුව රැකියා කිරීමට හිමිකම් ඇති ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියන්ට තම superannuation ගිණුමෙන් මුදල් ලබා ගැනීමට හැකියාව පවතින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය සති අන්තයේදී ප්‍රකාශ කළේය.
ඔස්ට්‍රේලියානු සමාජයට සහ ආර්ථිකයට තාවකාලික වීසා හිමියන් ඉතා වැදගත් බවත් එනිසාම මෙම අර්බුදකාරී තත්ත්වයේදී ඔවුන්ට මෙම අවස්ථාව ලබා දීමට මධ්‍යම රජය තීරණය කළ බවත් වැඩබලන ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alan Tudge පැවසීය.
මෙම මොහොතේදී ආර්ථික වශයෙන් සුබ සාධන දීමනා ලබා දීමට මධ්‍යම රජයේ ප්‍රමුඛතම අවධානයට ලක්වන්නේ ඔස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන් බවද අගමැති ස්කොට් මොරිසන් පසුගිය සිකුරාදා ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙම අර්බුදකාරී අවස්ථාවේදී ආර්ථිකමය වශයෙන් අපහසුතාවකට ලක්වන යම් තාවකාලික වීසා ලාභියෙකු සිටීනම් ඔහුට හෝ ඇයට තම මව් රටට යාමට අවස්ථාව ඇති බවද මධ්‍යම රජය දන්වා සිටියි.

වීසා කොන්දේසි සංශෝධනය කෙරෙන රැකියා ක්ෂේත්‍ර
පවතින කොරෝනා වසංගතය හමුවේ අත්‍යවශ්‍යම සේවා ලෙස හඳුනාගෙන ඇති සෞඛ්‍ය, වැඩිහිටි සුරැකුම්, ආබධිත සේවා, කෘෂිකාර්මික සහ ආහාර සැකසුම් වැනි ක්ෂේත්‍ර වල මෙහෙයුම් බාධාවකින් තොරව නොකඩවා ක්‍රියාත්මක කිරීමේ අරමුණින් එම ක්ෂේත්‍ර වල නියුතු තාවකාලික වීසා හිමියන්ගෙන් වීසා කොන්දේසි සංශෝධනය කිරීමටද මධ්‍යම රජය අවධානය යොමු කර ඇති බව වැඩබලන ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alan Tudge පැවසීය.
මේ අතර මේ වන විට සුපිරි වෙළෙඳසල් වල මෙන්ම වැඩිහිටි සුරැකුම් හා හෙද ක්ෂේත්‍ර වල සේවයේ නියුතු ජාත්‍යන්තර සිසුන්ට දෙසතියකට නියම කර ඇති පැය 40 සීමාව ඉක්මවා වැඩ කළ හැකි බවටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට පවසා තිබේ.
නමුත් සුපිරි වෙළෙඳසල් වල සේවයේ නියුතු ජාත්‍යන්තර සිසුන්ට මෙම ලිහිල් කිරීම මැයි 01 වන දින දක්වා පමණක් ක්‍රියාත්මක වන බවද වාර්තා වේ.
මේ අතර යම් අනුග්‍රාහකයෙකු යටතේ රැකියා කරන කොන්දේසිය මත සිටින තාවකාලික නිපුණතා වීසා ලාභීන්ට මෙම අර්බුදය හමුවේ තම රැකියාව අහිමිවී ඇති හෙයින් නියමිත සේවා පැය ගණන සම්පූර්ණ කිරීමට නොහැකිවී තිබේ.
එලෙස නියමිත සේවා පැය ගණන රැකියා නොකිරීම ඔවුන්ගේ වීසා කොන්දේසි උල්ලංඝනය කිරීමක් වේ.
නමුත් මෙම වසංගත කාලයේදී එය බැහැර කරමින් අදාළ තාවකාලික නිපුණතා වීසා හිමියන්ට වීසා දිගුවකට අයදුම් කළ හැකි බවද රජය පවසයි.


