කොරෝනා වසංගතය ලෝකයම වෙලාගනිමින් සිටින කාලයකදී ලොව සෑම කටයුත්තක්ම පාහේ අඩපණ වී තිබේ.
එවන් පසුබිමක ඔස්ට්‍රේලියාවේ විවිධ ඛාණ්ඩ වල වීසා ලාභීන් තම අනාගතය පිළිබඳව ද යම් අවිනිශ්චිතභාවයකට මුහුණ පා සිටියි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වසංගතය ඔස්ට්‍රේලියාවේ විවිධ වීසා ඛාණ්ඩ සඳහා බලාපාන අයුරු මෙන්ම එම වීසා ලාභීන්ට යම් උපකාරයක් ගත හැකි ආයතන සම්බන්ධ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

ඔස්ට්‍රේලියාවේ සිට සහ ඔස්ට්‍රේලියාව වෙතට සංචාරය කළ හැක්කේ කුමන වීසා ලාභීන්ටද?
මේ වන විට ඔස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන්ට හැරුනුකොට වෙනත් කිසිදු වීසා ලාභියෙකුට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ඉඩ නොදෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කර අවසන්.
මෙම සංචාරක තහනම නැවත දැනුම්දෙනතුරු බලාත්මක වන බව පසුගිය මාසයේදී මධ්‍යම රජය විසින් ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සිට ඔබට ඔබේ රටට යා හැකි නමුත් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීම මෙම සංචාරක තහනම නිසා නොහැකි වේ.
ඒ අනුව දැනට ප්‍රකාශිත තොරතුරු වලට අනුව පහත සඳහන් පුද්ගලයින්ට පමණක් ඔස්ට්‍රේලියාවට නැවත ඇතුළු විය හැකිය.
- ඔස්ට්‍රේලියානු පුරවැසියන්
- ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන්
- ඔබේ සහකරුවා හෝ සහකාරිය ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචිකරුවෙකු නම්
- ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසි හෝ ස්ථිර පදිංචිකාර දෙමාපියන්ගේ යැපෙන්නෙක් නම්
කෙසේනමුත්, මෙම කොරෝනා වසංගත කාලයේදී කිසිදු ආකාරයකින් ජාත්‍යන්තර ගුවන් හෝ මුහුදු ගමන් වල නොයෙදෙන ලෙස සියලු ඔස්ට්‍රේලියානුවන්ගෙන් අගමැති ස්කොට් මොරිසන් පසුගිය මාසයේදී ඉල්ලීමක් ද සිදු කළේය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ලබා දෙන ආර්ථික සහන ලබා ගැනීමට සුදුසුකම් ඇත්තේ කුමන වීසා ඛාණ්ඩ වලටද?
සංචාරක වීසා (VISITOR VISA)
මේ වන විට ප්‍රකාශ කරන ලද තොරතුරු මත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ලබා දෙන ආර්ථික සහන ලබා ගැනීමට සංචාරක වීසා හිමියන්ට අවස්ථාව නොලැබේ.
උපදේශය: ඔබට ඔබේ රටට යාමට අවශ්‍ය නම් ඔස්ට්‍රේලියාවේ පිහිටි ඔබේ රටේ තානාපති කාර්යාලය හෝ කොන්සල් සේවාව සමග සම්බන්ධවන්න.
ශිෂ්‍ය වීසා සහ පුහුණු වීසා (STUDYING AND TRAINING VISA)
මේ වන විට ප්‍රකාශ කරන ලද තොරතුරු මත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ලබා දෙන ආර්ථික සහන ලබා ගැනීමට ශිෂ්‍ය වීසා සහ පුහුණු වීසා හිමියන්ට අවස්ථාව නොලැබේ.
උපදේශය: ඔබේ අධ්‍යාපන ආයතනය සමග සාකච්ඡා කර ඔබේ අධ්‍යන ගාස්තු සඳහා සහනයක් ලබා ගැනීමට උත්සාහ කරන්න.
පවතින අර්බුදකාරී තත්ත්වයේ හමුවේ වුවද ජාත්‍යන්තර සිසුන්ට සති දෙකකට පැය 40 කට වඩා රැකියා කිරීමට ඉඩ නොලැබෙන නමුත් සුපිරි වෙළෙඳ සැල් සහ වැඩිහිටි සුරැකුම් සේවා වල සේවය කරන ජාත්‍යන්තර සිසුන්ට සති දෙකකට පැය 40 කට වඩා රැකියා කිරීමට මධ්‍යම රජය විසින් තාවකාලික අවසරයක් ලබා දී ඇත.

පවුල් සහ සහකාර වීසා (FAMILY AND PARTNER VISA)
යම් ආකාරයකින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ලබා දෙන ආර්ථික සහන ලබා ගැනීමට අවස්ථාව ලැබේ.
Medicare සඳහා සුදුසුකම් ලබන නිසා ඔබේ සෞඛ්‍ය වියදම් ඒ හරහා ආවරණය වේ.
කොරෝනා වසංගතය හමුවේ ඉහත වීසා ඛාණ්ඩ වලින් අලුතින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින් හට පහත සඳහන් සුබ සාධන දීමනා ලබා ගැනීමට බලා සිටිය යුතු කාලය මධ්‍යම රජය විසින් ඉවත් කර ඇත.
- JobSeeker Payment
- Youth Allowance
- Austudy
- Parenting Payment Single and Partnered
- Farm Household Allowance and Special Benefit
දරුවෙකුගේ ප්‍රධාන රැකබලාගන්නා ඔබනම් යම් දීමනා සඳහා ඔබටද හිමිකම් කිව හැකිය.
උපදේශය: ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ වීසා කොන්දේසි මත ඔබට ලැබෙන ආර්ථික සහන වෙනස් වීමට ඉඩ තිබේ. එනිසා දැනුවත් සංක්‍රමණික නියෝජිතයෙකුගෙන් උපදෙස් ගැනීම වඩාත් සුදුසු වේ.

රැකියා සහ නිපුණතා වීසා (WORKING AND SKILLED VISA)
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ලබා දෙන ආර්ථික සහන ලබා ගැනීමට අවස්ථාව ඇතිදැයි 100% ක්ම කිව නොහැකිය.
ආබාධිත පුද්ගලයෙකු රැකබලා ගන්නා අයෙකුට යම් ආකාරයේ මුල්‍ය සහයක් ලබා ගැනීමට හැකියාවක් පවතී.
උපදේශය: දැනුවත් සංක්‍රමණික නියෝජිතයෙකුගෙන් හෝ නීතිඥයෙකුගෙන් හෝ උපදෙස් ගැනීම වඩාත් සුදුසු වේ.
අනෙකුත් වීසා හිමියන්
ඔබ ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියෙකු නම් ඔබට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ලබා දෙන ආර්ථික සහන ලබා ගැනීමට අවස්ථාව ඇතිදැයි පරීක්ෂා කරගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ Services Australia වෙබ් අඩවියට පිවිසෙන්න.

ඔස්ට්‍රේලියානු වීසා හිමියන්ට ඔස්ට්‍රේලියානු රජය විසින් ලබා දෙන උපදෙස්
ඔබේ දැනට පවතින වීසා අවසන් වීමට පෙර නව වීසා එකකට අයදුම් කළ යුතුය.
ඔබේ වීසාව මාස 2 කට අඩු කාලයක් වලංගු යයි පැවසෙනවානම් එම කොන්දේසිය ඉවත් කරන ලෙස ඔබට ඉල්ලිය හැකිය.
සංචාරක තහනම ඉවත් කළ පසුව නව වීසාවකට අයදුම් කිරීම සඳහා ඔබට අමතර කාලයක් ලබා දෙනු ඇත.
ඔබ ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින විට ඔබේ වීසා අවසන් වූවා නම් ඔබ නැවතත් නව වීසාවකට අයදුම් කළ යුතුය. (ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින විට bridging වීසා ලබා නොදේ)
ඔස්ට්‍රේලියානු වීසා තොරතුරු ලබා දෙන VEVO සේවාවට ඔබට ඇතුළු විය නොහැකි නම් ඔබගේ වීසා කොන්දේසි බලාගැනීමට ඔබගේ ImmiAccount එක හරහා හැකිය.
BUPA VisServices සහ අනෙකුත් Visa Medical සේවාවන් ඔස්ට්‍රේලියාව තුළ නොකඩවා ක්‍රියාත්මක වේ.
දැනට විදෙස් ගතව සිටින ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවන් සහ ඔස්ට්‍රේලියානු පුරවැසියන් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණෙනවානම් පැමිණි දින සිට දින 14 ක් අදාළ හෝටල් වල නිරෝධායනයකට ලක් වීම අනිවාර්ය වේ.

ඔස්ට්‍රේලියානු වීසා හිමියන්ට වැඩිදුර විස්තර ලබා ගත හැක්කේ කොහෙන්ද?
පහත සඳහන් වෙබ් අඩවි හරහා ඔස්ට්‍රේලියානු වීසා හිමියන්ට වැඩිදුර විස්තර ලබා ගත හැකිය.
https://covid19.homeaffairs.gov.au/
https://migrationcouncil.org.au/
https://www.refugeecouncil.org.au/


