කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින්ට මත්පැන් ගැනීම සීමා කෙරේ (SBS සිංහල/ වාර්තා)

Liquor retailers join forces to combat risk of alcohol stockpiling

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින්ට මත්පැන් ගැනීම සීමා කිරීමට ඔස්ට්‍රේලියාවේ සියලුම ඇල්කොහොල් අලෙවි සැල් තීරණය කර තිබේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

කොරෝනා වසංගතය හමුවේ විශාල වශයෙන් ඇල්කොහොල් මිලදී ගැනීමට ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින් පෙළඹීම මත මෙම පියවර ගෙන තිබේ.
Liquor retailers across Australia are imposing tougher restrictions on alcohol purchases in an effort to stop customers stockpiling.
Source: E+

මත්පැන් ගැනීම සීමා කෙරේ

කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින් උමතුවෙන් මෙන් මත්පැන් මිලට ගැනීමට පෙළඹෙන අයුරු පසුගිය සති කිහිපය පුරාවටම නිරීක්ෂණය කළ හැකි විය.

ගෙදරදොර භාණ්ඩ මිලට ගන්නා අතරේ විශාල ප්‍රමාණයෙන් ඇල්කොහොල් මිලට ගැනීමක් ද ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින් සිදුකරන බව ඔවුන්ගේ මුදල් ගනුදෙනු වලින් පෙනී ගොස් ඇතැයි ප්‍රධාන බැංකු කිහිපයක්ම නිරීක්ෂණය කර තිබේ.

ඒ අනුව එක් ගනුදෙනුවකදී පාරිභෝගිකයෙකු හට මිලට ගැනීමට හැකි ඇල්කොහොල් ප්‍රමාණය සීමා කිරීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සුරාසැල් තීරණය කර තිබේ.

Liquorland, Vintage Cellars, Dan Murphy's, BWS සහ Aldi යන ආයතන ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගනී.

මෙම සීමා කිරීම ඊයේ (31/03) සිට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ හැර ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත හා ටෙරටරි වල ක්‍රියාත්මක වීම ආරම්භ කෙරිණි.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇල්කොහොල් මිලට ගැනීම සම්බන්ධයෙන් මීට වඩා තද නීති මීට පෙර පනවනු ලැබීය.

කොරෝනා වයිරසය මැඩීමට ඇල්කොහොල් වලින් හැකියාවක් පවතිනවා යයි බොහෝ ඔස්ට්‍රේලියානුවන් අතර මතයක් පැතිරීම මෙලෙස උන්මන්තක ලෙස ඇල්කොහොල් මිලට ගැනීමට එක් ප්‍රධාන හේතුවක් වී තිබේ.
liquor shops
Signage that will be availble in store and online Source: Supplied

ඇල්කොහොල් මිලට ගැනීමේ සීමාවන්

ඊයේ (31/03) සිට ක්‍රියාත්මක වන මෙම නව සීමා කිරීම අනුව එක් පාරිභෝගිකයෙකු හට මත්පැන් මිලට ගැනීම් පහත අයුරින් සීමා කර ඇත.

  • Beer - කේස් 2
  • Cider - කේස් 2
  • පෙර මිශ්‍ර කරන ලද මත්පැන් (pre-mixed spirits) - කේස් 2
  • වයින් - බෝතල් 12
  • Cask wine - 2
  • මත්පැන් බෝතල් - 2
Liquor
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින්ට මත්පැන් ගැනීම සීමා කෙරේ (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala