ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින්ට මත්පැන් ගැනීම සීමා කිරීමට ඔස්ට්‍රේලියාවේ සියලුම ඇල්කොහොල් අලෙවි සැල් තීරණය කර තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වසංගතය හමුවේ විශාල වශයෙන් ඇල්කොහොල් මිලදී ගැනීමට ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින් පෙළඹීම මත මෙම පියවර ගෙන තිබේ.

මත්පැන් ගැනීම සීමා කෙරේ
කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින් උමතුවෙන් මෙන් මත්පැන් මිලට ගැනීමට පෙළඹෙන අයුරු පසුගිය සති කිහිපය පුරාවටම නිරීක්ෂණය කළ හැකි විය.
ගෙදරදොර භාණ්ඩ මිලට ගන්නා අතරේ විශාල ප්‍රමාණයෙන් ඇල්කොහොල් මිලට ගැනීමක් ද ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින් සිදුකරන බව ඔවුන්ගේ මුදල් ගනුදෙනු වලින් පෙනී ගොස් ඇතැයි ප්‍රධාන බැංකු කිහිපයක්ම නිරීක්ෂණය කර තිබේ.
ඒ අනුව එක් ගනුදෙනුවකදී පාරිභෝගිකයෙකු හට මිලට ගැනීමට හැකි ඇල්කොහොල් ප්‍රමාණය සීමා කිරීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සුරාසැල් තීරණය කර තිබේ.
Liquorland, Vintage Cellars, Dan Murphy's, BWS සහ Aldi යන ආයතන ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගනී.
මෙම සීමා කිරීම ඊයේ (31/03) සිට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ හැර ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත හා ටෙරටරි වල ක්‍රියාත්මක වීම ආරම්භ කෙරිණි.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇල්කොහොල් මිලට ගැනීම සම්බන්ධයෙන් මීට වඩා තද නීති මීට පෙර පනවනු ලැබීය.
කොරෝනා වයිරසය මැඩීමට ඇල්කොහොල් වලින් හැකියාවක් පවතිනවා යයි බොහෝ ඔස්ට්‍රේලියානුවන් අතර මතයක් පැතිරීම මෙලෙස උන්මන්තක ලෙස ඇල්කොහොල් මිලට ගැනීමට එක් ප්‍රධාන හේතුවක් වී තිබේ.

ඇල්කොහොල් මිලට ගැනීමේ සීමාවන්
ඊයේ (31/03) සිට ක්‍රියාත්මක වන මෙම නව සීමා කිරීම අනුව එක් පාරිභෝගිකයෙකු හට මත්පැන් මිලට ගැනීම් පහත අයුරින් සීමා කර ඇත.
- Beer - කේස් 2
- Cider - කේස් 2
- පෙර මිශ්‍ර කරන ලද මත්පැන් (pre-mixed spirits) - කේස් 2
- වයින් - බෝතල් 12
- Cask wine - 2
- මත්පැන් බෝතල් - 2


