කොරෝනා වසංගතය හමුවේ පෘතුගාලයේ මෙන් ඔස්ට්‍රේලියාවේත් සියලු සංක්‍රමණිකයින්ට තාවකාලික ස්ථිර පදිංචිය ලබා දෙන ලෙසට ඉල්ලීම් (SBS සිංහල/ වාර්තා)

Calls for Australia to follow Portugal and treat migrants as residents during coronavirus crisis

Source: Flickr, Pixabay

කොරෝනා වසංගතය නිමවන තුරු පෘතුගාලය තම සංක්‍රමණිකයින්ට සළකන ආකාරයෙන් ඔස්ට්‍රේලියාවද සිය සංක්‍රමණිකයින්ලෙට සළකන ලෙස සංවිධාන කිහිපයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ඉල්ලීම් කර තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

කොරෝනා වසංගතය නිමවන තුරු සංක්‍රමණිකයින් සියල්ල තම රටෙහි ස්ථිර පදිංචිකරුවන් ලෙස සැළකීමට පෘතුගාලය තීරණය කර තිබේ.
Calls for Australia to follow Portugal and treat migrants as residents during coronavirus crisis
Source: Pixabay

පෘතුගාලයේ සංක්‍රමණිකයින්ට එරට තාවකාලික ස්ථිර පදිංචියේ හිමිකම්

කොරෝනා වසංගතය හේතුවෙන් සරණාගතයින් ඇතුළුව පෘතුගාලයේ සංක්‍රමණිකයින් හට පෘතුගාලයේ ස්ථිර පදිංචිය ලබා දීමට එරට රජය තීරණය කළ බව ඊයේ (02/04) වාර්තා විය.

විශේෂයෙන්ම මෙවැනි වූ වසංගත සමයකදී පෘතුගාල පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන් බුක්ති විඳින රජයේ සෞඛ්‍ය සේවාව ඇතුළු අනෙකුත් රාජ්‍ය සේවාවන් සංක්‍රමණික ජනතාවටද ලබා දීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

තාවකාලික ලෙස මෙම ස්ථිර පදිංචි හිමිකම අදාළ සංක්‍රමණික ජනයාට පිරිනමන අතර එය මූලිකවම එළඹෙන ජූලි 01 වන දින තෙක් බලපැවැත්වෙන බව පෘතුගාල රජය පවසයි.
ඒ අනුව රජයේ සෞඛ්‍ය සේවා, සුබ සාධන දීමනා, බැංකු සේවා, රැකියා සහ කුලී නිවාස කොන්ත්‍රාත්තු යන සියලුම අංශ සඳහා පෘතුගාල පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන්ට හිමිවන ප්‍රතිලාභ හා වරප්‍රසාද එරට සංක්‍රමණික ජනතාවටද හිමිවේ.

මෙවන්වූ වසංගතයක් හමුවේ සංක්‍රමණිකයන්ගේ අයිතීන් නොතකා හැරීමට නොහැකි බවත් එනිසා මෙම පියවර ගැනීමට උත්සුක වූ බවත් පෘතුගාලයේ අභ්‍යනතර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නියෝජිතවරියක් වන Claudia Velosa, රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබේ.
工黨要求撥款為多元文化社區提供新冠疫情資訊
工黨要求撥款為多元文化社區提供新冠疫情資訊 Source: AAP

පෘතුගාලයේ ආකෘතිය ඔස්ට්‍රේලියාවටත් ආදේශ කරන්න

වසංගත තත්ත්වයක් හමුවේ සෞඛ්‍ය හා සුබ සාධනය උදෙසා පෘතුගාලය ගත් තීරණය කාලෝචිත එකක් බවත් ඒ හරහා තාවකාලික වීසා හිමියන්ට ඉමහත් අස්වැසිල්ලක් ගෙනදෙන බවත් ඔස්ට්‍රේලියාවේ සරණාගත සභාවේ ප්‍රධාන විධායක Paul Power, SBS පුවත් සේවයට පැවසීය.

මෙවන්වූ වසංගත තත්ත්වයකදී නීති රෙගුලාසි සංශෝධනය විය යුතු බවද ඔහු පැවසීය.

පුද්ගලයෙකුගේ පුරවැසිභාවය, ස්ථිර පදිංචිය සහ ඔහුගේ හෝ ඇයගේ වීසා ඛාණ්ඩය මත මෙම වයිරසය වෙන් වෙන්ව නොසලකන බව අප සැවොම දන්නා කරුණක් බව සරණාගත සභාවේ ප්‍රධාන විධායක Paul Power පැවසුවේය.
නමුත් ඔස්ට්‍රේලියාවේ තත්ත්වය ඊට වඩා බෙහෙවින් වෙනස්ය.

කොරෝනා වසංගතය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දියත් කර සහන පැකේජ යටතේ මිලියන 1.1 ක් පමණ වන තාවකාලික සංක්‍රමණිකයින් හට කිසිදු සෙතක් නොසැලසෙන බව මේ වන විට පැහදිලිය.

මධ්‍යම රජය විසින් ලබා දෙන කිසිදු සුබ සාධන දීමනාවක් ලබා ගැනීමට ඔවුන්ට හැකියාවක් නොමැත.

එම පිරිසට ජාත්‍යන්තර සිසුන්, working holiday වීසා හිමියන්, bridging වීසා හිමියන්, temporary protection සහ safe haven වීසා හිමියන් ඇතුළත්ය.

නමුත් තාවකාලික වීසා ලාභී නවසීලන්ත ජාතිකයින්ට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් හඳුන්වා දුන් $1500 Job Keeper දීමනාව ලබාගත හැකිය.

කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ පළමුවෙන්ම රැකියා අහිමිවූ පිරිස අතර බහුතරයක් තාවකාලික වීසා හිමියන් බවද එනිසාම මෙවේලෙහි ඔවුන්ට සාධාරණයක් වන අයුරින් තීරණ ගත යුතු බවද ඔස්ට්‍රේලියානු සරණාගත සභාවේ ප්‍රධාන විධායක Paul Power පැවසුවේය.
Calls for Australia to follow Portugal and treat migrants as residents during coronavirus crisis
Source: SBS Sinhala

Share

Published

Updated

By Madhura Seneviratne, Tom Stayner
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service