කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ Childcare සේවා නොමිලේ ලබා දීමට පියවර (SBS සිංහල/ වාර්තා)

Free Childcare Scheme

Hükümetin, ücretsiz kreş uygulaması 12 Temmuz'da sona erecek. Source: AAP

කොරෝනා වසංගතය පවතින කාලයේදී ඔස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් සේවා (Childcare) නොමිලයේ ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison සහ අධ්‍යාපන කටයුතු ඇමති Dan Tehan අද (02/04)පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ ප්‍රකාශ කළේය.
Prime Minister Scott Morrison
Prime Minister Scott Morrison Source: AAP

නොමිලේ ළමා සුරැකුම්

කොරෝනා වසංගතය පවතින කාලයේදී ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමට සිදුවන දෙමාපියන්ගේ ළමුන් සඳහා ළමා සුරැකුම් මධ්‍යස්ථාන විවෘතව තැබීමටත් ඔවුන්ගේ ළමුන් සඳහා නොමිලේ ළමා සුරැකුම් සේවා ලබා දීමටත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

මෙම නව සංශෝධනය එළඹෙන ඉරිදා (05/04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව අගමැති Scott Morrison පැවසුවේය.

ඒ අනුව මේ වන විට පවතින ළමා සුරැකුම් සේවා ගෙවීම් පද්ධතිය අහෝසි කරමින් එළඹෙන ඉරිදා සිට නව පද්ධතිය ක්‍රියාත්මක වන බව අධ්‍යාපන කටයුතු ඇමති Dan Tehan ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම අර්බුදකාරී සමයේදී ඔස්ට්‍රේලියාව පුරා විවෘතව පවතින ළමා සුරැකුම් මධ්‍යස්ථාන 13,000 කට පමණ මේ හරහා සහයෝගය ලබා දෙන බව අගමැතිවරයා සඳහන් කළේය.

කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා දායක වන සියලුම සේවකයින්ගේ මෙන්ම මේ වන විට ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය නොවැටී ක්‍රියාත්මක කිරීමට උරදෙන සෑම දෙමාපියෙකුගේම දරුවන් රැක බල ගැනීම රජයේ වගකීම බවත් ඒ සඳහා මේ පියවර ගත් බවත් අගමැති මොරිසන් වැඩි දුරටත් පැවසීය.

ඔබේ දරුවා මේ වන විට ළමා සුරැකුම් මධ්‍යස්ථානයෙන් ඉවත් කරගත්තා නම් එම  gap fee එක මාර්තු 23 දක්වා අහෝසි කිරීමට අදාළ මධ්‍යස්ථානයට හැකියාවක් ඇති බවද අධ්‍යාපන කටයුතු ඇමති Dan Tehan පැවසුවේය.
Australians in 'essential' jobs to get free childcare
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service