SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් පරික්ෂාව ආරම්භ වේ

Jennifer Haller, left, smiles as she s given the first shot in the safety study clinical trial of a potential vaccine for the coronavirus in Washington.
جنیفر هالر، چپ، زنی که برای نخستین آزمایش بالینی واکسین احتمالی ویروس کرونا در واشنگتن داوطلب شد. Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සිය (Australia's national science agency) කොරෝනා වයිරස් එන්නත් පරීක්ෂා කිරීම ආරම්භ කර තිබේ.

ජාතික විද්‍යා ඒජන්සියේ Geelong හි පවතින ජෛව ආරක්ෂණ මධ්‍යස්ථානයේ දී විද්‍යාඥයින් විසින් මේ වන විට එන්නත් දෙකක් සඳහා වන පළමු අදියරෙහි පරීක්ෂා කිරීම් සිදු කරනු ලැබේ.

අත්හදා බැලීම් මාස තුනක් පවතිනු ඇති අතර, එන්නත් දෙක ආරක්ෂිත සහ ලභාදායිද යන්න පරීක්ෂා කිරීමට සතුන් යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන්.

සාමාන්‍යයෙන් එන්නතක් වැඩිදියුණු කිරීමේදී මෙම මට්ටමට ලඟාවීමට වසර එකක් හෝ දෙකක් ගත වන නමුත් එය සති අටකින් සිදුකිරීමට හැකිවුණු බව ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යා ඒජන්සිය පවසා සිටී .

කෙසේ වෙතත් COVID-19 සඳහා එන්නතක් සම්පූර්ණයෙන් වැඩිදියුණු කිරීමට මාස 18 ක් පමණ ගතවනු ඇතැයි විශ්වාස කෙරේ...


 

සවන්දෙන්න SBS  සිංහල සේවයට , සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට 


 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now