කොරෝනා වසංගතය හමුවේ පීඩාවට පත් ජාත්‍යන්තර සිසුන්ට ආර්ථිකමය වශයෙන් උපකාර කිරීමට මෙල්බර්න් නගර සභාව පොරොන්දුවී තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව ජාත්‍යන්තර සිසුන්ට ආර්ථිකමය වශයෙන් උපකාර කිරීමට පොරොන්දුවූ ඔස්ට්‍රේලියාවේ පළමු සහ එකම ඔස්ට්‍රේලියානු දේශපාලන ආයතනය ලෙස මෙය වාර්තා වේ.

ජාත්‍යන්තර සිසුන්ට ආර්ථිකමය වශයෙන් උපකාර කිරීමට මෙල්බර්න් නගර සභාව පොරොන්දු වෙයි
කොරෝනා වසංගතය හමුවේ ආර්ථික පීඩාවට පත් ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ලබා දෙන කිසිදු සුබ සාධන දීමනාවක් ලබා ගැනීමට නුසුදුසු වීම නිසා ඔවුන් බරපතල ලෙස ආර්ථික ගැටළු වලට මුහුණ පාමින් සිටියි.
මේ නිසා ජාත්‍යන්තර සිසුන්ට ආර්ථිකමය වශයෙන් උපකාර කිරීමට මෙල්බර්න් නගර සභාව තීරණය කර ඇති බව The Age පුවත් වෙබ් අඩවිය වාර්තා කළේය.
නමුත් මෙම ආර්ථික සහන පැකේජයේ වටිනාකම තවමත් එළිදැක්ව නොමැති බවද වාර්තා වේ.
කෙසේවුවද, ජාත්‍යන්තර සිසුන්ට ආර්ථිකමය වශයෙන් උපකාර කළ හැකි ක්‍රම පිළිබඳ සොයා බලා වාර්තා කරන ලෙසට මෙල්බර්න් නගර සභිකයින් තම කාර්යය මණ්ඩල වලට දන්වා ඇති බවද වාර්තා වේ.
කොරෝනා වසංගතය මැඩලීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් විවිධ වූ නීති පනවා ඇති බැවින් ඔස්ට්‍රේලියාවේ බොහෝ පිරිසකට මේ වන විට රැකියා හෝ ආදායම් මාර්ග අහිමිවී තිබේ.
එම පිරිස අතරට ජාත්‍යන්තර සිසුන් ද විශාල පිරිසක් අයත්ව සිටියි.

ජාත්‍යන්තර සිසුන් පිළිබඳ අගමැති මොරිසන් ගේ ප්‍රකාශයට විවේචන
කොරෝනා වසංගතය හමුවේ ආර්ථික පීඩාවට පත් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් හට උපකාර කිරීම පිණිස සිදුකළ ඉල්ලීම් වලට අගමැති ස්කොට් මොරිසන් විසින් ලබා දුන් ප්‍රකාශය මට්ටම් කිහිපයකින් ඵලාදයී නොවන බව මෙල්බර්න් නගර සභික Jackie Watts, The Age පුවත් වෙබ් අඩවියට පැවසුවාය.
මෙල්බර්න් නගරයට ජාත්‍යන්තර සිසුන්ව සැමදාම පිළිගන්නවා සේම භයානක අවස්ථා වලදී ඔවුන්ට රැකවරණය ලබා දීමද අප විසින් කළ යුතු බව ඇය පැහැදිලි කළාය.
කොරෝනා වසංගතය මුළු ලොවම වෙලාගෙන ඇති මෙවන් අර්බුදකාරී අවස්ථාවක ජාත්‍යන්තර සිසුන් දෙසද කාරුණික ඇසින් බැලිය යුතු බව මෙල්බර්න් නගර සභික Jackie Watts පැවසුවාය.
කොරෝනා වසංගතය හමුවේ රැකියා සහ ආදායම් අහිමිවූ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට විවිධ සුබ සාධන දීමනා ලබා දීමට මධ්‍යම රජය මේ වන විට පියවර ගෙන තිබේ.
ඒ යටතේ ලබා දෙන Job Keeper වැටුප් සහන දීමනාව හරහා රැකියා අහිමිවූ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට දෙසතියකට වරක් $1500 ක දීමනාවක් මෙහිදී ලබා දෙනු ඇත.
මෙම දීමනාව හෝ වෙනත් සුබ සාධන දීමනාවක් රැකියා අහිමිවූ ජාත්‍යන්තර සිසුන්ට ද ලබා දෙන ලෙස වෘත්තීය සමිති සහ ජාත්‍යන්තර සිසුන් ගේ සංවිධාන මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියේය.

නමුත් අගමැතිවරයා පැවසුවේ මේ අර්බුදයේදී ආර්ථිකමය වශයෙන් තමන්ව බලා ගැනීමට නොහැකි ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවේ සිටීනම් ඔවුන්ට තම මව් රටවල් බලා යාමට අවස්ථාව ඇති බවය.
ජාත්‍යන්තර සිසුන් හට කිසිදු ආර්ථික උපකාරයක් ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට හැකියාවක් නොමැති බවත් රජයේ මූලික අවධානය යොමුවන්නේ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට පමණක් බවත් අගමැති මොරිසන් පසුගිය සතියේදී පැවසුවේය.

මෙල්බර්න් නුවර ජාත්‍යන්තර සිසුන්
මෙල්බර්න් නුවර ජාත්‍යන්තර සිසුන් ලක්ෂ 2 කට පමණ නිවහන සපයයි.
රටවල් 170 කින් පමණ පැමිණි ජාත්‍යන්තර සිසුන් මෙල්බර්න් නුවර අධ්‍යාපනය ලබන බව සඳහන්.
ඒ අතරින් 52,000 ක පමණ ජාත්‍යන්තර සිසුන් පිරිසක් මෙල්බර්න් නගර මධ්‍යයේ වාසය කරන බව හෝ අධ්‍යාපනය ලබන බවද වාර්තා වේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධානතම අපනයන ආදායම් මාර්ගය ලෙස ජාත්‍යන්තර අධ්‍යාපනය වාර්තා වන අතර පසුගිය වසරේදී පමණක් ජාත්‍යන්තර සිසුන් නිසා වික්ටෝරියානු ප්‍රාන්ත ආර්ථිකයට ඩොලර් බිලියන 12 ක දායකත්වයක් ලැබී ඇත.


