කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමීමට සිදුවුණු වික්ටෝරියානු ප්‍රාන්තයේ ව්‍යාපාර සඳහා මුදල් ආධාර පිරි නැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ බව අද දිනයේදී (08/04) වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews නිවේදනය කළේය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ ව්‍යාපාර සඳහා මුදල් ආධාර
කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමීමට සිදුවූ වික්ටෝරියානු ප්‍රාන්තයේ ව්‍යාපාර සඳහා $10,000 බැගින්වූ මුල්‍ය ආධාර ලබා දීමට ප්‍රාන්ත රජය පියවර ගන්නා බව ප්‍රාන්ත අගමැති Daniel Andrews අද නිවේදනය කළේය.
මීට සති කිහිපයකට පෙර වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඉදිරිපත් කළ කොරෝනා සහන පැකේජය සමග මෙය ක්‍රියාත්මක වේ.
කොරෝනා වසංගතය නිසා බරපතල ලෙස ආර්ථක පීඩාවට පත් 5000 ක් පමණ ව්‍යාපාර සඳහා මෙම $10,000 ආධාර මුදල අද ලබා දෙන බව ප්‍රාන්ත අගමැතිවරයා පැවසුවේය.
විශේෂයෙන්ම pubs, අවන්හල් සහ ආපන ශාලා වැනි ව්‍යාපාරික ස්ථාන ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.
මෙම ආධාර ලබා ගැනීමට වික්ටෝරියානු ප්‍රාන්තයේ ව්‍යාපාර 16,000 ක් පමණ ලියා පදිංචි වී ඇති බවද වාර්තා වේ.
එමෙන්ම ව්‍යාපාර 17,000 කට පමණ ඉලෙක්ට්‍රොනිකව payroll tax refunds ලබා දීමටද කටයුතු කෙරිණි.

කොරෝනා නීති මධ්‍යයේ video ගේම්කරුවන් සහ රාත්‍රී සාද සඳහා දඩ නිකුත් කරයි
මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වන කොරෝනා මැඩලීමේ නීති කඩ කරන පුද්ගලයින්ට දඩ නිකුත් කරමින් පසුවන බව වික්ටෝරියානු පොලීසිය දැනුම් දෙයි.
වික්ටෝරියානු ප්‍රාන්තයේ මේ වන විට කොරෝනා මැඩලීමේ නීති අනුව Stage 3 restrictions ක්‍රියාත්මක වේ.
ගතවූ පැය 24ඇතුළත වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස, ව්‍යාපාර සහ අත්‍යවශ්‍ය නොවන සේවාවන් 835 ක් හදිසි පරීක්ෂාවන්ට ලක් කළ බවත් එහිදී නීති කඩ කිරීම් නිසා දඩ 114 ක් නිකුත් කළ බවත් වික්ටෝරියානු පොලීසිය පවසයි.
එක් නිවසක සිටි පුද්ගලයින් 7 දෙනෙකුට දඩ නිකුත් කර ඇති අතර ඔවුහු එහි රාත්‍රී භෝජන සාදයකට පැමිණ සිටි බව සඳහන්.
තවත් නිවසක පුද්ගලයින් තිදෙනෙකුට දඩ නිකුත් කර ඇති අතර ඔවුන් එම නිවසේ අය නොවන බවත් පොලීසිය යන විටත් ඔවුන් වීඩියෝ ක්‍රීඩා කරමින් සිටි බවත් වාර්තා වේ.
තවත් පුද්ගලයින් සිව් දෙනෙකුට දඩ හිමිව ඇත්තේ මත්ද්‍රව්‍ය සොයමින් වීදි දිගේ ඇවිද යමින් සිටියදීය.
මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ මේ හා සම්බන්ධ දඩ මුදල $1652 කි.


