මේ වසරේ දෙවැනි වාරය සඳහා ඔස්ට්‍රේලියාවේ පාසල් විවෘත කරන ලෙස ඔස්ට්‍රේලියාවේ බෝවන රෝග පිළිබඳ විශේෂඥයෝ ඉල්ලා සිටිති.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
පාස්කු නිවාඩුව හේතුවෙන් තවමත් ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වල පළමු වාරයේ පාසල් නිවාඩුව ක්‍රියාත්මක වෙමින් පවතී.

දෙවැනි වාරය සඳහා ඔස්ට්‍රේලියාවේ පාසල් විවෘත කිරීම
කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පාසල් දෙවැනි වාරය සඳහා විවෘත කරනවාද නැතිද යන ප්‍රශ්නය මේ වන විට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සිට ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් හරහා පාසල් මට්ටමට ද පැමිණ තිබේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ හැර පාස්කු නිවාඩුව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අනෙක් සියලුම ප්‍රාන්ත වල තවමත් පාසල් නිවාඩුව ක්‍රියාත්මක වේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ පාසල් වල දෙවනි වාරය අදින් (14/04) ආරම්භ වූ නමුත් අද දිනය ගුරුවරුන්ට පමණක් පැමිණිය යුතු දිනයක් වේ.

පාස්කු නිවාඩුවට පෙර සිටම ඔස්ට්‍රේලියානු අගමැති නොකඩවා කියා සිටියේ කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ කිසිදු පාසලක් වසා නොදමන බවය.
කොරෝනා වසංගතය නිසා දෙවැනි වාරය සඳහා ස්වාධීන පාසල් විවෘත නොකළහොත් එම පාසල් වෙත මධ්‍යම රජයෙන් ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන කප්පාදු කරන බවට අධ්‍යාපන අමාත්‍ය Dan Tehan පසුගිය සතියේදී තර්ජනය කර සිටියේය.
නමුත් ඇතැම් ප්‍රාන්ත වල ප්‍රාන්ත අගමැතිවරු පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධව විවිධ අදහස් ප්‍රකාශ කර සිටිති.
හැකිනම් පාසලට නොපැමිණ නිවසේ සිටින ලෙස නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියානු ප්‍රාන්ත, තම සිසුන්ට පවසා ඇති අතර තම දරුවන්ව පාසල් කරා එවන ලෙසට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය හා Northern Territory සිය දෙමාපියන්ව උනන්දු කරන බවද වාර්තා වේ.

බෝවන රෝග පිළිබඳ විශේෂඥයින් ගේ මතය
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය උපදෙස් අනුමත කරමින් දෙවනි වාරය සඳහා පාසල් නැවත විවෘත කළ යුතු බව බෝවන රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය Peter Collignon පවසයි.
ළමුන් කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය කිරීමේ ප්‍රධාන වාහකයන් නොවන බවත් මාස 6 ත් වසරත් අතර කාලයක් පාසල් වසා දැමීම හරහා අඩු කරගත හැකි අවදානමක් නැති බවත් ඔහු පෙන්වා දෙයි.
වයස අවුරුදු 15 ට වඩා අඩු ළමුන්ට කොරෝනා වයිරසය ආසාදනය වීමේ සම්භාවිතාව ඉතා අඩු බවද ඔහු පැහැදිලි කරයි.

ඔස්ට්‍රේලියාවේ මේතාක් දුරට ඇති කොරෝනා දත්ත විශ්ලේෂණය කිරීමේදී ගුරුවරයාගෙන් සිසුන්ට කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වීමේ සිදුවීම් බරපතල ලෙස දක්නට නොලැබෙන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Brendan Murphy පවසයි.
ළමුන්ට පාසල් අවදානම් කලාපයක් යයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නොසිතන බව ද ඔහු පසුගිය ඉරිදා පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
මේ අතර කොරෝනා අවදානමට ලක්විය හැකි ගුරුවරුන් සිටීනම් මෙවේලෙහි ඔවුන් සේවයට වාර්තා නොකිරීමට වගබලාගත යුතු බවද වෛද්‍ය Brendan Murphy පවසයි.
විශේෂයෙන්ම හදවත් රෝග, පෙනහළු රෝග වැනි රෝගවලින් පෙළෙන වයස අවුරුදු 50 ට වැඩි ගුරුවරුන් නිවසේ රැදී සිටීම වඩා වැදගත් බව ඔහු පෙන්වා දෙයි.


