කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ මේ වන විට ක්‍රියාත්මක වන social distancing හෙවත් පුද්ගල දුරස්ථභාවය පිළිබඳ නීති ඉදිරි සති කිහිපය තුළදී සමාලෝචනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී මහාචාර්ය, වෛද්‍ය Brendan Murphy මේ බව පැවසුවේය.

ඔස්ට්‍රේලියාවේ පුද්ගල දුරස්ථභාවය පිළිබඳ නීති සමාලෝචනයට
කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීමේදී ලොව අන් රටවලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව ඉතාමත් ඉහළ මට්ටමක සිටින බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී මහාචාර්ය, වෛද්‍ය Brendan Murphy පවසයි.
ඔස්ට්‍රේලියාවේ මේ වන විට ක්‍රියාත්මක වන social distancing හෙවත් පුද්ගල දුරස්ථභාය පිළිබඳ නීති ඊට බරපතල ලෙස ඉවහල් වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
අද (13/04) දහවල් වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ 61 ක් වාර්තා වී තිබූ අතර ආසාදිතයින් 6300 ඉක්මවා තිබුණි.

පසුගිය සති දෙක පිළිබඳ සලකා බැලීමේදී ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් ගේ අඩුවීමක් දක්නට ලැබෙන නමුත් දැනට ක්‍රියාත්මක කර ඇති නීති සහ සීමාවන් ලිහිල් කිරීමට තවමත් කල් වැඩි බව වෛද්‍ය Brendan Murphy පවසයි.
නමුත් ඉදිරි සති කිහිපය තුළ එම නීති හා සීමාවන් පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට මධ්‍යම රජය අපේක්ෂා කරන බව ඔහු ABC ගුවන් විදුලියට පැවසීය.

පුද්ගල දුරස්ථභාවය පිළිබඳ නීති සහ සීමාවන් ලිහිල් කිරීමට පෙර සැලකිලිමත් විය යුතු දේ
ඔස්ට්‍රේලියාවේ මේ වන විට ක්‍රියාත්මක වන පුද්ගල දුරස්ථභාවය පිළිබඳ නීති සහ සීමාවන් ලිහිල් කිරීමට පෙර කරුණු කිහිපයක් පිළිබඳව සැලකිලිමත් විය යුතු බව වෛද්‍ය Brendan Murphy පෙන්වා දෙයි.
කොරෝනා ආසාදිතයින් හට ප්‍රතිකාර කිරීමට රජයේ රෝහල් සන්නද්ධ කිරීම සහ ප්‍රමාණවත් තරම් personal protective equipment හෙවත් පුද්ගලික ආරක්‍ෂිත උපකරණ ඔස්ට්‍රේලියාව සතුවීම එහිදී විශේෂ බව ඔහු සඳහන් කළේය.
දැනට වයිරසය ආසාදනය වී ඇති නමුත් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නොමැති පුද්ගලයෙකුගෙන් සමාජයේ බොහෝ පිරිසකට මෙම වයිරසය ආසාදනය විය හැකි බව ඔහු පැහැදිලි කළේය.
එනිසාම දැනට පවතින පුද්ගල දුරස්ථභාවය පිළිබඳ නීති සහ සීමාවන් එලෙසම අනුගමනය කිරීම ඉතා වැදගත් බවද ඔහු පැවසීය.

කල් ඇතිව පුද්ගල දුරස්ථභාවය පිළිබඳ නීති සහ සීමාවන් ඉවත් කිරීම භයානක බවත් එසේ කිරීම ප්‍රයෝගික නොවන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පවසයි.
එනිසාම තත්ත්වය යහපත් වන තුරුම එම නීති හා සීමාවන් පවත්වාගෙන යාම වැදගත් බව ඔහු පවසයි.

වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වල නවතම නීති හා සීමා
කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාසයේදී වික්ටෝරියා ප්‍රාන්තය පුරාවට බලපැවැත්වෙන ලෙස ප්‍රකාශ කළ හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ග කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක හදිසි තත්ත්වය එළඹෙන මැයි 11 වන දින දක්වා ක්‍රියාත්මක වන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.
මේ අතර කොරෝනා වසංගතය පවතින කාලයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයින්ට, පොලිස් නිලධාරීන්ට සහ මහජන සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගසන හෝ මුහුණට කහින පුද්ගලයින්ට එවෙලෙහිම $5000 ක දඩයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
අදාළ නිලධාරීන් තම රාජකාරී කටයුතු සිදුකරන විටදී රෝගීන් සහ විවිධ පුද්ගලයින් කිසිදු සැලකිල්ලක් නොදක්වා එම නිලධාරීන් ගේ සිරුරු සහ මුහුණු දෙසට කෙළ ගැසීම් සහ කැහීම් සිදුකරන බවට වෘත්තීය සමිති කරුණු හෙළි කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත.
මේ අතර අමුත්තන්ට දකුණු ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වල සිටින වියපත් පුද්ගලයින් බැලීම සඳහා පැමිණීම තහනම් කර තිබේ.
එමෙන්ම දකුණු ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක සිටින පුද්ගලයෙකු ඉන් පිටව ගියහොත් නැවත එය වෙත පැමිණීමට අවසර ලබා නොදෙන බවද ප්‍රාන්ත රජය පවසයි.
අප්‍රේල් 10 වන දින සිට මෙම නීති ක්‍රියාත්මක කෙරෙන අතර වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වල දෛනික සේවයේ නියුතු සහ නීතිමය කාර්ය මණ්ඩල මෙම නීති වලින් බැහැර වන බව සඳහන්.
වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වල සිටින වියපත් පුද්ගලයින්ට ඉන් පිටතට යා හැක්කේ තම සෞඛ්‍ය අවශ්‍යතා පිරිමසා ගැනීමට හෝ සමීපතම පවුලේ අයෙකුගේ අවමංගල්‍යයකට සහාභාගී වීම සඳහා පමණි.


