කොරෝනා වසංගතය හමුවේ ආර්ථික පීඩාවට පත්ව සිටින වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් rent relief package හෙවත් නිවාස කුලිය සම්බන්ධ සහන පැකේජයක් හඳුන්වා දී තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙම සහන පැකේජය ඊයේ (15/04) දිනයේදී වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews විසින් නිවේදනය කරන ලදී.

වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට නිවාස කුලිය සම්බන්ධ සහන පැකේජයක්
කොරෝනා වසංගතය හමුවේ ආර්ථික පීඩාවට පත්ව සිටින වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට ඊයේ දිනයේදී ප්‍රාන්ත රජය විසින් හඳුන්වා දුන් මෙම නිවාස කුලිය සම්බන්ධ සහන පැකේජයේ සම්පූර්ණ වටිනාකම ඩොලර් මිලියන 500 ක් බව වාර්තා වේ.
මෙය කොටස් දෙකකින් සමන්විත බවද සඳහන්.
ඒ අනුව ඩොලර් මිලියන 420 ක පිරිවැයක් සහිත පළමු කොටසෙන් කුලී නිවාස හිමියන්ට ඉඩම් බදු සහනයක් (land tax relief) ලබා දීමට කටයුතු කෙරේ.
නමුත් එම සහනය ලබා ගැනීමට නම් අදාළ කුලී නිවාස හිමියන් තම කුලී නිවැසියන් සමග මෙම අර්බුදකාරී අවස්ථාවේදී නිවාස කුලිය අඩු කිරීම සඳහා වන සාකච්ඡා සඳහා මුල පුරා සිටිය යුතු වේ.
ඉතිරි ඩොලර් මිලියන 80 ක කොටස වෙන්වන්නේ කුලී නිවැසියන් හටය.
ඉහත දැක්වූ ආකාරයෙන් කොරෝනා වසංගතය හමුවේ තම ආදායම අහිමිවීම නිසා නිවාස කුලිය ගෙවීමේ අර්බුදයට ලක්ව සිටීම හේතුවෙන් තම කුලී නිවාස හිමියා සමග සාකච්ඡා කර නිවාස කුලිය යම් ප්‍රතිශතයක් අඩු කරගත්තද තවමත් එය ගෙවා ගැනීමට නොහැකිව සිටින කුලී නිවැසියන්ට මෙම ඩොලර් මිලියන 80 හරහා සහන සැලසේ.
ඔබේ මාසික ආදායමෙන් ඔබේ නිවාස කුලිය 30% ක් හෝ ඊට වැඩිනම් ඇත්තෙන්ම ඔබ විශාල ආර්ථික පීඩනයකින් පසුවන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.
එවැනි පුද්ගලයින් හට මෙම නිවාස කුලිය සම්බන්ධ සහන පැකේජය හරහා සහන ලබාගත හැකිය.

කොපමණ සංඛ්‍යාවකට මෙම සහනය හිමිවේද?
වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඉදිරිපත් කළ මෙම නිවාස කුලිය සම්බන්ධ සහන පැකේජය හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ කුලී නිවැසියන් 40,000 කට පමණ සෙත සැලසෙන බව වාර්තා වේ.
කුලී නිවාස හිමියන් සමග සාකච්ඡා කර යම් ප්‍රමාණයක් කුලිය අඩු කරගැනීමෙන් පසුවත් කුලී නිවැසියන් ආර්ථික පීඩනයෙන් පෙළෙයි නම් ඔවුන්ගේ වාර්ෂික ආදායම $100,000 කට වඩා අඩු නම් $2000 දක්වා වූ නිවාස කුලිය සඳහා සහනයක් ලබා දීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වේ.
නමුත් අදාළ සහනය ලබාගැනීමට නම් එම පුද්ගලයින්ගේ ඉතුරුම් ගිණුම් වල $5000 ට වඩා අඩුවෙන් තිබිය යුතු වීම අත්‍යවශ්‍ය සාධකයකි.


