වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිදැයි සිදු කෙරෙන පරීක්ෂාවන් ඊයේ (14/04) සිට තවත් පුළුල් කර තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වැඩිම පිරිසක් ආවරණය කරමින් කොරෝනා පරීක්ෂාව සිදු කෙරෙන ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය හැඳින්වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂණ පුළුල් කෙරේ
කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිදැයි සැක කෙරෙන රෝග ලක්ෂණයක් හෝ ලක්ෂණ ඇති ඕනෑම අයෙකු හට වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂාව සිදු කරගත හැකි බව වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිනී Jenny Mikakos පවසයි.
මෙය ඊයේ (14/04) සිට ක්‍රියාත්මක වේ.
මීට පෙර මෙම පරීක්ෂාව සිදු කරගත හැකිවූයේ සෞඛ්‍ය කාර්යය මණ්ඩල වල සිටින සේවකයින්, නිධන්ගත රෝග සහිත පුද්ගලයින් වැනි ඉතා සීමිත පිරිසකට පමණි.
වික්ටෝරියා ප්‍රාන්තයේ මතුවන සෑම කොරෝනා රෝගියෙකුම සෞඛ්‍ය ජාල වලට හසු කරගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව සෞඛ්‍ය ඇමතිනී Jenny Mikakos පවසයි.
ඒ අනුව යම් පුද්ගලයෙකු හට උණ ගතියක් හෝ සුව නොවී එක දිගටම පවතින යම් ශ්වසන රෝගයක් ඇත්නම් එම පුද්ගලයින් වහාම මෙම කොරෝනා පරීක්ෂණය සිදු කරගත යුතු බව ඇය පෙන්වා දෙයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ වත්මන් කොරෝනා වසංගත තත්ත්වය
මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,299 ක් ලෙස වාර්තා වන අතර කොරෝනා මරණ 14 ක් වාර්තා වේ.
එමෙන්ම කොරෝනා ආසාදනය වී මේ වන විට රෝහල් වල පුද්ගලයින් 39 දෙනෙකු ප්‍රතිකාර ලබන බව සඳහන්.
තවත් පුද්ගලයින් 18 දෙනෙකු හදිසි ප්‍රතිකාර ඒකක වල ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.
මේ දක්වා සුවවී නිවෙස් බලා ගිය පිරිස 1,137 ක් ලෙස දැක්වෙයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය අංශ වාර්තා කරන අන්දමට මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලයින් 72,000 කට අධික පිරිසක් කොරෝනා සඳහාවූ පරීක්ෂාව සිදු කරගෙන තිබේ.


