ඔස්ට්‍රේලියාවේ වැඩිම පිරිසක් ආවරණය කරමින් කොරෝනා පරීක්ෂාව සිදු කෙරෙන ප්‍රාන්තය ලෙසට වික්ටෝරියා ප්‍රාන්තය පත්වෙයි (SBS සිංහල/ වාර්තා)

COVID-19

COVID-19 clinic Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිදැයි සිදු කෙරෙන පරීක්ෂාවන් ඊයේ (14/04) සිට තවත් පුළුල් කර තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වැඩිම පිරිසක් ආවරණය කරමින් කොරෝනා පරීක්ෂාව සිදු කෙරෙන ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය හැඳින්වේ.
COVID-19
Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂණ පුළුල් කෙරේ

කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිදැයි සැක කෙරෙන රෝග ලක්ෂණයක් හෝ ලක්ෂණ ඇති ඕනෑම අයෙකු හට වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂාව සිදු කරගත හැකි බව වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිනී Jenny Mikakos පවසයි.

මෙය ඊයේ (14/04) සිට ක්‍රියාත්මක වේ.

මීට පෙර මෙම පරීක්ෂාව සිදු කරගත හැකිවූයේ සෞඛ්‍ය කාර්යය මණ්ඩල වල සිටින සේවකයින්, නිධන්ගත රෝග සහිත පුද්ගලයින් වැනි ඉතා සීමිත පිරිසකට පමණි.

වික්ටෝරියා ප්‍රාන්තයේ මතුවන සෑම කොරෝනා රෝගියෙකුම සෞඛ්‍ය ජාල වලට හසු කරගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව සෞඛ්‍ය ඇමතිනී Jenny Mikakos පවසයි.

ඒ අනුව යම් පුද්ගලයෙකු හට උණ ගතියක් හෝ සුව නොවී එක දිගටම පවතින යම් ශ්වසන රෝගයක් ඇත්නම් එම පුද්ගලයින් වහාම මෙම කොරෝනා පරීක්ෂණය සිදු කරගත යුතු බව ඇය පෙන්වා දෙයි.
Jenny Mikakos
Victoria Health Minister Jenny Mikakos Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ වත්මන් කොරෝනා වසංගත තත්ත්වය

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,299 ක් ලෙස වාර්තා වන අතර කොරෝනා මරණ 14 ක් වාර්තා වේ.

එමෙන්ම කොරෝනා ආසාදනය වී මේ වන විට රෝහල් වල පුද්ගලයින් 39 දෙනෙකු ප්‍රතිකාර ලබන බව සඳහන්.

තවත් පුද්ගලයින් 18 දෙනෙකු හදිසි ප්‍රතිකාර ඒකක වල ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

මේ දක්වා සුවවී නිවෙස් බලා ගිය පිරිස 1,137 ක් ලෙස දැක්වෙයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය අංශ වාර්තා කරන අන්දමට මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලයින් 72,000 කට අධික පිරිසක් කොරෝනා සඳහාවූ පරීක්ෂාව සිදු කරගෙන තිබේ.
Sinhalese
Source: SBS Sinhala

Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service