කොරෝනා වසංගතය හමුවේ ආර්ථික පීඩාවට පත්ව සිටින ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියන්ට රතු කුරුස සංවිධානය හරහා දීමනාවක් (SBS සිංහල/ වාර්තා)

Red Cross emergency relief and casework support for temporary visa holders

Source: AAP

කොරෝනා වසංගතය හමුවේ ආර්ථික පීඩාවට පත්ව ජීවත් වීම අසීරු වී සිටින ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියන්ට සහයක් වීමට ඔස්ට්‍රේලියාවේ රතු කුරුස සංවිධානය සූදානම් වේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මේ සඳහා අවශ්‍ය සියලු මුල්‍ය ප්‍රතිපාදන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් රතු කුරුස සංවිධානයට ලබා දෙන බව වාර්තා වේ.
Red Cross emergency relief and casework support for temporary visa holders
Source: www.redcross.org.au

තාවකාලික වීසා හිමියන්ට සහන

කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික අතින් දුෂ්කරතාවන්ට පත්ව සිටින ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියන්ට ඉදිරි මාස 6 තුළ ජීවත් වීමට සවියක් වීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් රතු කුරුස සංවිධානයට මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිත බව ඔස්ට්‍රේලියාවේ රතු කුරුස සංවිධානය පවසයි.

ඒ අනුව එම මුල්‍ය ප්‍රතිපාදන මත ආර්ථික අතින් දුෂ්කරතාවන්ට පත්ව සිටින අදාළ තාවකාලික වීසා හිමියන්ට හදිසි සහන දීමනාවක් ලබාදීමට මෙන්ම ඔවුන් අරඹයා සමාජ වැඩ කටයුතු සිදු කිරීමට රතු කුරුස සංවිධානයට හැකියාව ලැබේ.
රතු කුරුස සංවිධානයට මේ වන විටත් එම මුල්‍ය ප්‍රතිපාදන ලැබී නොමැති අතර ඉදිරි සති දෙක තුළ ඒවා ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙය හුදෙක් හදිසි සහන දීමනාවක් පමණක් වන අතර වැටුප් සහන දීමනාවක් හෝ නඩත්තු දීමනාවක් නොවන බව රතු කුරුස සංවිධානය පවසයි.

එමෙන්ම මෙය එකවරක් පමණක් පිරිනමන දීමනාවක් වන අතර ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයාගැනීමට අපහසු තාවකාලික වීසා හිමියන් සීමාසහිත ප්‍රමාණයකට මේ හරහා උදව් කිරීමට හැකියාව ලැබෙන බවද ඔවුහු පවසති.
Australian Visa
Source: SBS

මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ඇත්තේ කාහටද?

කොරෝනා වසංගතය නිසා වහා උදව් අවශ්‍ය සහ තමන්ව ආර්ථික වශයෙන් රැක බලා ගැනීමට කිසිදු සහයෝගයක් නොමැති ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.

පවතින අර්බුදකාරී තත්ත්වය මත බොහෝ පිරිසක් ආර්ථික අපහසුතා වලට ලක්ව සිටින බැවින් වහා උදව් උපකාර අවශ්‍ය උදවියට පළමුව සහය වීමට රතු කුරුස සංවිධානය තීරණය කර තිබේ.
ඒ අනුව පහත පිරිස් වෙත ප්‍රමුඛත්වයක් ලැබේ.

  • ආහාර සහ ඖෂධ වැනි මූලික අවශ්‍යතා සපුරාගත නොහැකි පුද්ගලයින්
  • බාල වයස් දරුවන් සිටින පවුල්
  • ආබාධිත පුද්ගලයින්
  • උපද්‍රව වලට මුහුණ පා සිටින පුද්ගලයින්
  • කොරෝනා වයිරසය සඳහා අවදානම් සහිත පුද්ගලයින්
  • ශාරීරික හෝ මානසික සෞඛ්‍ය රෝග සහිත පුද්ගලයින්
  • Centrelink, Medicare හෝ ඔස්ට්‍රේලියානු රජයේ අනෙකුත් සේවා ලබා ගැනීමට නොහැකි පුද්ගලයින්
  • ආදායමක් නොමැති, ඉතුරුම් මුදල් නොමැති හෝ අනෙකුත් මුල්‍ය සහයක් නොමැති පුද්ගලයින්
New migrants are still in challenge in COVID 19 situation (Image representational)
New migrants are still in challenge in COVID 19 situation Source: AAP

ඔබේ වීසා කොන්දේසි සහ වීසා දිගු කිරීම් පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය නම්....

මෙම කොරෝනා වසංගතය හමුවේ තාවකාලික වීසා හිමියන්ගේ ඔස්ට්‍රේලියානු වීසා කොන්දේසි සහ වීසා දිගු කිරීම් පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය නම් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙම වෙබ් පිටුවෙන් වැඩි විස්තර ලබාගත හැකිය.

ඔබ ජාත්‍යන්තර සිසුවෙකු නම් ඔබේ විශ්ව විද්‍යාලය හෝ අධ්‍යාපන ආයතනය අමතා ඔබට ලබාගත හැකි උපකාර පිළිබඳ සාකච්ඡා කරන්න.
ඔබ සංචාරකයෙකු නම් හෝ working holiday වීසා ලාභියෙකු නම් හෝ තම මව් රටට යාමට අවශ්‍ය පුද්ගලයෙකු නම් හෝ තම රට නියෝජනය කරන තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය අමතන්න.

මේ අවස්ථාවේදී ඔබේ ඉතුරුම් මුදල් ලබාගැනීමට හැකිනම් හෝ තම පවුලෙන් ආර්ථික උපකාර ලබාගැනීමට හැකිනම් ඒ සඳහා යොමුවන්න.
Red Cross emergency relief and casework support for temporary visa holders
Source: Department of Home Affairs

ඔබ කුමක් කළ යුතුද?

මෙම දීමනාව ලබා ගැනීමට ඔබ සුදුසු යයි සිතනවානම් රතු කුරුස සංවිධානයට ඊමේල් පණිවිඩයක් එවන මෙන් ඔවුන් ඉල්ලා සිටියි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් අදාළ මුල්‍ය ප්‍රතිපාදන ලැබුණු විගස ඔබව ඇමතීමට ඔවුන් සූදානමින් සිටියි.

ඔබේ මූලික ඊමේල් පණිවිඩය සමග කිසිදු ලේඛනයක් නොඑවීමට වගබලාගන්නා ලෙසද සිහිපත් කෙරේ.

අදාළ මුල්‍ය ප්‍රතිපාදන මධ්‍යම රජයෙන් ලැබුණු පසුව රතු කුරුස සංවිධානයේ වෙබ් අඩවියේ ඔබට අයදුම් පතක් සහිත පෝරමයක් පිරවීමට සිදුවේ.

ඔබ රතු කුරුස සංවිධානයට මූලික ඊමේල් පණිවිඩය එවනු ලැබුවේනම් නැවත ඒ පිළිබඳ විමසීමට දුරකතන ඇමතුම් ලබා දීම අනවශ්‍ය බවද ඔවුන් සිහිපත් කරයි.

ඒ සඳහා අදාළ වන ඊමේල් ලිපිනය පහත පරිදි වේ.

Nat_MSP_COVID@redcross.org.au
Red Cross emergency relief and casework support for temporary visa holders
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service