කොරෝනා වසංගතය හමුවේ වුවද ඔස්ට්‍රේලියාවට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදු නොවන බව කෘෂිකාර්මික විශේෂඥයෝ පවසති.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ලොව වඩාත්ම සුරක්ෂිත ආහාර සැපයුම් ජාලයක් සහිත රටක් ලෙස ඔස්ට්‍රේලියාව හැඳින්වෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

ඔස්ට්‍රේලියාවට ආහාර හිඟයක් ඇති නොවේ
කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ ගොවීන් ගේ නිෂ්පාදන ධාරිතාව පිළිබඳ Australian Bureau of Agricultural and Resource Economics හෙවත් ABARES ආයතනය නවතම වාර්තාවක් නිකුත් කර තිබේ.
ඒ අනුව පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද ඔස්ට්‍රේලියාවට ප්‍රමාණවත් තරමේ ආහාර පවතින බවත් කිසිදු අයුරකින් ආහාර හිඟයක් ඇති නොවන බවත් එම වාර්තාව පෙන්වා දෙයි.
පරිභෝජන මට්ටමට වඩා ඔස්ට්‍රේලියාව සාමාන්‍යයෙන් ආහාර නිෂ්පාදනය කරන බවත් ඒ අනුව 70% ක් පමණ කෘෂිකාර්මික නිෂ්පාදන ඔස්ට්‍රේලියාව අපනයනය කරන බවත් වාර්තා වේ.

ඔස්ට්‍රේලියානුවාසීන් පරිභෝජනය කරන බහුතරයක් ආහාර ඔස්ට්‍රේලියාව තුළදීම නිෂ්පාදනය කරන බවත් නියඟය පවතින වසර වලදී පවා ඔස්ට්‍රේලියාවේ පරිභෝජනයට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවත් ABARES ආයතනයේ එම වාර්තාව පවසයි.
ව්‍යාපාරිකයින්ගේ කැමැත්ත අනුව දේශීය වශයෙන් පරිභෝජනය කරන ආහාර පාන වලින් 10% කට වඩා ස්වල්ප ප්‍රතිශතයක් ආනයනය කරන බවද එම වාර්තාව සඳහන් කරයි.
කොරෝනා වසංගතයට මෙම ආහාර සැපයුම් ජාල ආහිර කිරීමට හැකියාවක් නොමැති බවක් පෙනෙන්නට ඇති නමුත් එසේ වීමට යම් ඉඩක් නැත්තාම නොවන බව ද එය පවසයි.
එනමුත් එය බහුතරයක් ඔස්ට්‍රේලියානුවන්ගේ ආහාර සුරක්ෂිතභාවයට තර්ජනයක් නොවන බව ABARES ආයතනය පවසයි.

Panic buying හෙවත් උන්මත්තකව භාණ්ඩ මිලට ගැනීම
කොරෝනා වයිරසය ඔස්ට්‍රේලියාව තුළ ශීග්‍ර ලෙස පැතිරීමටත් පෙර සිටම ඔස්ට්‍රේලියාවේ Panic buying හෙවත් උන්මත්තකව භාණ්ඩ මිලට ගැනීම බහුල ලෙස දක්නට ලැබුණි.
මේ තත්ත්වය Toilet Paper වලින් ආරම්භ වූ අතර පසුව එය සහල්, pasta, බිත්තර, කිරි පිටි, ටින් කෑම, නූඩ්ල්ස් වැනි ආහාර දක්වා ව්‍යාප්ත විය.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳ සැල් ජාලා වල ආහාර පාන ඇති බොහෝ රාක්ක මිනිත්තු ගණනකින් හිස්වන අයුරු දක්නට ලැබුණි.
අනතුරුව මේ තත්ත්වය මග හැරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අදාළ සුපිරි වෙළෙඳ සැල් ජාලා සමග එක්ව විවිධ පියවර ගත් අතර ඉහළ ඉල්ලුමක් සහිත ආහාර සහ පාරිභෝගික භාණ්ඩ මිලට ගැනීමේදී එක් පුද්ගලයෙකුට සීමාවක් පනවනු ලැබීය.
කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ ආහාර පාන සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ හිඟයක් ඇතිවනු ඇතැයි යන සිතිවිල්ල නිසා මෙලෙස ජනතාව උන්මත්තකව භාණ්ඩ මිලට ගැනීමට පෙළඹුණු බව ABARES ආයතනය පවසයි.

ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකය
Global Food Security Index හෙවත් ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකයේ 2019 ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඔස්ට්‍රේලියාවට 12 වන ස්ථානය හිමිව තිබේ.
එහි ප්‍රථම ස්ථානය සිංගප්පූරුවට හිමිව ඇති අතර දෙවැනි ස්ථානය අයර්ලන්තයට හිමිව තිබේ.
ඇමෙරිකාව සහ ස්විට්සර්ලන්තය තෙවැනි සහ සිව්වන ස්ථාන හිමිකරගෙන තිබේ.
2019 ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකයේ පස්වන ස්ථානය ෆින්ලන්තය සහ නොර්වේ රාජ්‍යය විසින් හිමිකරගෙන ඇත.

මේ අතර හරක් මස් සහ තිරිඟු ඔස්ට්‍රේලියාව විසින් විශාල වශයෙන් අපනයනය කරන බව ABARES ආයතනයේ විධායක අධ්‍යක්ෂ Steve Hatfield-Dodds පැවසුවේය.
එමෙන්ම ඔස්ට්‍රේලියාව තුළ නිපදවන බොහොමයක් පළතුරු, එළවළු, ඌරු මස් සහ කුකුළු මස් ඔස්ට්‍රේලියාව තුළම පරිභෝජනයට ගන්නා බව ද ඔහු පෙන්වා දෙයි.


