ඉතා ඉක්මණින්ම ඔස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය මැඩලීමේ නීති ලිහිල් නොකරන ලෙස ආර්ථික විද්‍යාඥයෝ ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ගෙන් ඉල්ලා සිටිති.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ආර්ථිකයට නොව මෙවේලෙහි මහජන සෞඛ්‍යයට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ඔවුහු අගමැතිවරයාට පවසා සිටිති.

ඔස්ට්‍රේලියාවේ කොරෝනා නීති ඉක්මණින්ම ලිහිල් නොකළ යුතුයි
මහජන සෞඛ්‍යයට ප්‍රමුඛතාව ලබාදී ඔස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය මැඩලීමේ නීති වේලාසනින් ලිහිල් නොකරන ලෙසට 170 කට අධික ආර්ථික විද්‍යාඥයෝ ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ගෙන් ඉල්ලා සිටිති.
කොරෝනා වසංගතය මර්දනය කිරීමේ වැඩපිළිවෙලේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට බරපතල ආර්ථික පීඩනයකට යටත්ව කටයුතු කිරීමට සිදුවී තිබේ.
ඔස්ට්‍රේලියාවේ මේ වන විට තුන්වන මට්ටමේ කොරෝනා නීති ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ හේතුවෙන් බොහෝ ව්‍යාපාර වසා දැමීමට සිදුවී ඇති අතර බහුතරයකට රැකියා සහ ආදායම් මාර්ග අහිමිවී ගොස් ඇත.
මේ නිසාවෙන්ම ආර්ථික පීඩනය ලිහිල් කරගැනීම සඳහා කොරෝනා නීති ලිහිල් කිරීමට මධ්‍යම රජයේ අවධානය යොමුවෙමින් පවතින බව වාර්තා වේ.

නමුත් දැනට ක්‍රියාත්මක කෙරෙන කොරෝනා නීති තත්ත්වය සමනය වන තෙක් එලෙසම තවත් සැලකිය යුතු කාලයක් තබා ගැනීම වඩාත් සුදුසු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු ඔස්ට්‍රේලියාවේ සුප්‍රකට ආර්ථික විද්‍යාඥයෝ 170 කට අධික සංඛ්‍යාවක් අගමැති මොරිසන් හට විවෘත ලිපියක් යවමින් දන්වා තිබේ.
මේ මොහොතේ උදාවී ඇති මහජන සෞඛ්‍ය ගැටළුව නිසි පරිදි විසඳා නොගෙන අපට ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය පනගන්වා ක්‍රියාත්මක කළ නොහැකි බව එහිදී ඔවුහු සඳහන් කර ඇත.

කොරෝනා නීති හා ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය
ඔස්ට්‍රේලියාවේ මේ වන විට ක්‍රියාත්මක වන කොරෝනා මැඩලීමේ නීති නිසා දෛනිකව මතුවන කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව ක්‍රමිකව අඩුවන බවක් දක්නට ලැබේ.
මෙය ඉතා යහපත් ප්‍රවනතාවක් බවත් එනිසාම කොරෝනා නීති ඉවත් කිරීමට රජයට හැකිවනු ඇති බවත් බොහෝ දෙනා සිතති.

කොරෝනා මර්දනය කිරීමට ඔස්ට්‍රේලියාවේ පනවා ඇති නීති හා සීමා නිසා ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට බරපතල පහරක් එල්ලවී තිබේ.
ඔස්ට්‍රේලියාවේ hospitality සහ ගුවන් කර්මාන්තය යන ක්ෂේත්‍ර වලට මෙහිදී විශාල ලෙස බලපෑම් එල්ලවී ඇත.
එළඹෙන ජුනි මාසය වන විට ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 10% දක්වා ඉහළ නගිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව එය පසුගිය දශක තුන තුළ වාර්තා වූ ඉහළම විරැකියා අනුපාතය වනු ඇතැයි සඳහන්.
කොරෝනා වසංගතය නිසා එළඹෙන ජුනි කාර්තුවේදී මිලියන 1.4 ක් පමණ ඔස්ට්‍රේලියානුවන්ට රැකියා අහිමිවනු ඇතැයි භාණ්ඩාගාරයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
පෙබරවාරි මාසයේ දී ඔස්ට්‍රේලියාවේ සටහන් වූ විරැකියා අනුපාතය 5.1% කි.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හඳුන්වා දුන් ඩොලර් බිලියන 130 ක JobKeeper වැටුප් සහන පැකේජය නොමැති වූවානම් ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 15% ක් දක්වා ඉහළ නගිනු ඇතැයි භාණ්ඩාගාරය ඇස්තමේන්තු කර තිබේ.
2007 -2008 කාලයේදී ඇතිවූ ගෝලීය ආර්ථික අර්බුදයට වඩා කොරෝනා වසංගතයේදී ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී තිබෙන බව භාණ්ඩාගාරික අමාත්‍ය Josh Fryenberg පැවසීය.


