SKIP TO MAIN CONTENT

මෙල්බර්න් නුවර කොරෝනා මර්මස්ථාන වල වැසියන් කොරෝනා පරීක්ෂාවට මුහුණ දීම ප්‍රතික්ෂේප කළහොත් දඩ ගසන බවට ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක් (SBS සිංහල/ වාර්තා)

Paramedics perform COVID19 tests in Broadmeadows, Melbourne.
People refusing to get tested in Melbourne's hotspot suburbs could face fines, Scott Morrison warns Source: AAP

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මෙල්බර්න් නුවර කොරෝනා මර්මස්ථාන ලෙස හැඳින්වෙන උප නගර වල වැසියන් කොරෝනා පරීක්ෂාවට මුහුණ දීම ප්‍රතික්ෂේප කළහොත් දඩ ගැසිය යුතු බවට ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison විසින් මතු කර තිබේ.


 

SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ යළි හිස ඔසවා ඇති කොරෝනා වසංගතය හේතුවෙන් විශාල ලෙස කොරෝනා පරීක්ෂාවන් සිදු කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

Prime Minister Scott Morrison speaks during the launch of the 2020 DefenceStrategic Update at the Australian Defence Force Academy in Canberra.
Prime Minister Scott Morrison speaks during the launch of the 2020 DefenceStrategic Update at the Australian Defence Force Academy in Canberra. Source: AAP

කොරෝනා පරීක්ෂාවන් ට මුහුණ දීම ප්‍රතික්ෂේප කළහොත් දඩ

මෙල්බර්න් නුවර කොරෝනා වසංගතයෙන් ගලවා ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ දැඩි වැඩපිළිවෙලට ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison සිය සහයෝගය ලබා දී තිබේ.

මේ වන විට මෙල්බර්න් කලාපයේ postcodes 10 කට අයිති උප නගර 37 කට අද (01/07) මධ්‍යම රාත්‍රියේ සිට එළඹෙන ජූලි 29 දක්වා stay-at-home නියෝගය ක්‍රියාත්මක කෙරේ.

3012, 3021, 3032, 3038, 3042, 3046, 3047, 3055, 3060 සහ 3064 යනු stay-at-home නියෝගය බලපැවැත්වෙන postcodes 10 වේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


 

මෙල්බර්න් නුවර කොරෝනා මර්මස්ථාන වල කොරෝනා පරීක්ෂාව නොකඩවා කරගෙන යන බැවින් එම පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයින්ට දඩ මුදල් ගෙවිය හැකි බවට අග්‍රාමාත්‍යවරයා අනතුරු අඟවා තිබේ.

මෙල්බර්න් වැසියන් කොරෝනා පරීක්ෂාවන් සිදු කිරීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ කණගාටු වන බව ද අගමැති මොරිසන් පැවසීය.

නමුත් ප්‍රාන්ත වැසියන්ට කොරෝනා පරීක්ෂණ කිරීමට බල නොකරන බව ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

Coronavirus
Source: Getty Images/ztockphotos

මෙල්බර්න් කොරෝනා ආසාදිතයින්

අද (01/07) දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන්  කොරෝනා ආසාදිතයින් 73 ක් වාර්තා විය.

ඒ අනුව නොකඩවා 15 වන දිනයටත් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගණන 10 ට වඩා වැඩිවී තිබේ.

ඊයේ දිනයේදී (30/06) වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 64 ක් වාර්තා වූ අතර සඳුදා (29/06) දිනයේදී  ආසාදිතයින් 75 ක් වාර්තා විය.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් පසුගිය සෙනසුරාදා (27/06) කොරෝනා ආසාදිතයින් 41 ක්ද පසුගිය ඉරිදා (28/06) 49 ක් ද වාර්තා විය.

為了遏制疫情,多個州及領地都重新實施邊境限制。
為了遏制疫情,多個州及領地都重新實施邊境限制。 Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ට අනෙක් ප්‍රාන්ත වලට පැමිණීම තහනම්

මෙල්බර්න් කොරෝනා මර්මස්ථාන ලෙස නම් කර ඇති ප්‍රදේශවල පදිංචිකරුවන් හෙට (02/07) සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙත ඇතුළුවීමට උත්සහ කළහොත් ඔවුන්ට මාස හයක සිර දඬුවමක් හෝ ඩොලර් 11,000 ක දඩයක් පනවන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.

එමෙන්ම මෙල්බර්න් කොරෝනා මර්මස්ථාන ලෙස නම් කර ඇති ප්‍රදේශවලින් ආපසු පැමිණෙන නිව් සවුත් වේල්ස් පදිංචිකරුවන්ට දින 14 ක් සිය නිවසේදී ස්වයං හුදෙකලා වීමට අවශ්‍ය වනු ඇත.

මේ අතර ක්වීන්ස්ලන්තය ද වික්ටෝරියානුවන්ට සිය ප්‍රාන්තයට ඇතුළුවීම තහනම් කර ඇති නමුත් ජූලි 10 සිට අනෙකුත් ප්‍රාන්ත වැසියන්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා විවෘත කරන බව පවසයි.

දකුණු ඕස්ට්‍රේලියාව ද සිය වික්ටෝරියානු දේශ සීමාව නැවත විවෘත කිරීමේ සැලසුම් අත්හිටුවා තිබේ.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now