Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

කොරෝනා යළි හිස එසවීම නිසා මෙල්බර්න් නුවර කලාප 10 ක වැසියන්ට සති 4 ක් නිවසේම සිටින ලෙසට නියෝග (SBS සිංහල/ වාර්තා)

VICTORIA COVID19 RESTRICTIONS
Source: AAP

මෙල්බර්න් කොරෝනා මර්මස්ථාන ලෙස හඳුනාගෙන ඇති උප නගර සඳහා දැඩි සීමාවන් පැනවීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අද (30/06) පස්වරුවේ තීරණය කළේය.


SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඒ අනුව හෙට (01/07) රාත්‍රියේ සිට එම උප නගර වල වැසියන්ට තම නිවෙසින් බැහැරව යාමට අවසර ඇත්තේ අත්‍යවශ්‍ය හේතුන් හතරක් මත පමණි.

‘Division, hatred and fear’: Victoria's Muslim community concerned it's fielding blame for coronavirus spike
Source: AAP

මෙල්බර්න් කොරෝනා මර්මස්ථාන වලට දැඩි සීමා

මෙල්බර්න් කොරෝනා මර්මස්ථාන ලෙස හඳුනාගෙන ඇති උප නගර සඳහා නැවතත් stay-at-home නියෝගය හෙට (01/07) රාත්‍රියේ සිට බල පැවැත්වේ.

එම නියෝගය සති 4 ක් පුරාවට බලපැවැත්වෙන බව සඳහන්.

මෙල්බර්න් නුවර කොරෝනා වසංගතය යළි හිස එසවීම නිසා මෙම තීරණය ගත් බව වික්ටෝරියානු ප්‍රාන්තයේ අගමැති Daniel Andrews පැවසුවේය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


ඒ අනුව අදාළ උප නගර වල වැසියන්ට හේතු හතරක් මත පමණක් තම නිවෙසින් බැහැරව යාමට අවසර ලැබේ.

එම හේතු 4 පහත පරිදි වේ.

  1. ව්‍යායාම් සඳහා
  2. පාසල්, අධ්‍යාපන කටයුතු හෝ රැකියා සඳහා
  3. යමෙකු රැකබලා ගැනීම සඳහා
  4. ආහාර පාන සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීම සඳහා

stay-at-home නියෝගය බලපැවැත්වෙන postcodes

stay-at-home නියෝගය බලපැවැත්වෙන postcodes 10 ක් වික්ටෝරියානු ප්‍රාන්ත රජය ප්‍රකාශයට පත් කර තිබේ.

බටහිර සහ උතුරු මෙල්බර්න් කලාප එම postcodes වලින් ආවරණය වේ.

3012, 3021, 3032, 3038, 3042, 3046, 3047, 3055, 3060 සහ 3064 යනු එම postcodes ය.

මෙම නියෝගය එම කලාප 10 ය තුළ වාසය කරන 300,000 ක පමණ පිරිසකට බලපාන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි.

නව නියෝග වලට ජනතාව අනුකූල වන බව සහතික කිරීම සඳහා මෙම postcodes තුළ පොලිස් මුර සංචාර පවත්වන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ අගමැති Daniel Andrews පැවසුවේය.

රාජකාරී හෝ අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ඉදිරි සති හතර තුළ ඔබ එම ප්‍රදේශ වලට නොයා යුතු බවද ප්‍රාන්ත අගමැති Andrews අවධාරණය කළේය.

Victorian Premier Daniel Andrews
Victorian Premier Daniel Andrews Source: AAP

ගුවන් ගමන් නැවත හරවන ලෙස වික්ටෝරියානු ප්‍රාන්තය අගමැති ගෙන් ඉල්ලයි

ජාත්‍යන්තර ගුවන් ගමන් ඉදිරි සති දෙකක කාලයකට මෙල්බර්න් නුවරින් වෙනතට හරවන ලෙස තමා අගමැති Scott Morrison ගෙන් ඉල්ලා සිටි බව වික්ටෝරියානු ප්‍රාන්තයේ අගමැති Daniel Andrews අද (30/06) ප්‍රකාශ කළේය.

මෙල්බර්න් නුවරට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ නිරෝධායන කාර්ය භාරයේ බර ලිහිල් කිරීම සඳහා මෙම ඉල්ලීම සිදුකළ බව ඔහු පැවසීය.

මෙය පැහැදිලි කිරීමට සහ ඔවුන් විසින් දරනු ලබන අමතර වගකීම පිළිබඳව කල්තියා ඔවුන්ට ස්තූති කිරීමට තමන් අනෙකුත් ප්‍රාන්ත නායකයින් සමඟ සාකච්ඡා කිරීමටද අපේක්ෂා කරන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ අගමැති Daniel Andrews සඳහන් කළේය.

A Qantas airlines jumbo jet is loaded before departure at Tullamarine Airport in Melbourne, Australia.
Source: AAP

මෙල්බර්න් කොරෝනා ආසාදිතයින්

අද (30/06) දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන්  කොරෝනා ආසාදිතයින් 64 ක් වාර්තා විය.

ඒ අනුව නොකඩවා 14 වන දිනයටත් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගණන 10 ට වඩා වැඩිවී තිබේ.

ඊයේ දිනයේදී (29/06) වික්ටෝරියා ප්‍රාන්තයෙන්  කොරෝනා ආසාදිතයින් 75 ක් වාර්තා විය.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් පසුගිය සෙනසුරාදා (27/06) කොරෝනා ආසාදිතයින් 41 ක්ද පසුගිය ඉරිදා (28/06) 49 ක් ද වාර්තා විය.

Sinhalese
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now