JobKeeper වැඩසටහන ආරම්භ කළ දින සිට JobKeeper අයදුම්පත් 6,500 කට වැඩි ප්‍රමාණයක් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
සුදුසුකම් සපුරා නොමැතිවීම හෝ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම හේතුවෙන් එලෙස එම අයදුම්පත් ප්‍රතික්ෂේප කර ඇති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.

JobKeeper අයදුම්පත් සමාලෝචනය කරයි
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඩොලර් බිලියන 70 ක JobKeeper වැටුප් සහන පැකේජය පිළිබඳ සමාලෝචනයක් සිදු කරන අතරේ තම 3,000 ක පමන කාර්ය මණ්ඩලයක් JobKeeper අයදුම්පත් පිළිබඳ අඛණ්ඩ සමාලෝචන සිදුකරන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය, ABC පුවත් වෙත පැවසීය.
මෙම සමාලෝචන ක්‍රියාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් ලබාදුන් වෙනත් සහන පැකේජ සම්බන්ධයෙන් ද සිදු කෙරෙන බව වාර්තා වේ.
ඒ අනුව යම් අයදුම්කරුවෙකු හිතාමතාම මෙය වැරදි ආකාරයට භාවිත කිරීමක් අනාවරණය වුවහොත්, එමඟින් ගෙවීම් නවතා දමා, අධික දඩ මුදල් සහ සිර දඬුවම් පවා පැනවිය හැකි බව සඳහන්.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
මේ වන විට දෙසතියට වරක් ඩොලර් 1500 බැගින් ලබා දෙන JobKeeper දීමනාව මිලියන 3.3 ක් ඔස්ට්‍රේලියානුවන් ලබා ගනියි.
ජුනි 04 වන දින වන විට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් ඩොලර් බිලියන 13 ක මුදලක් JobKeeper දීමනාව ලෙස ව්‍යාපාර 872,482 ක් වෙත නිකුත් කර ඇත.
ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් ව්‍යාපාර 8,000 කට පමණ ලිපි යවා ඇති අතර සුදුසුකම් පෙන්නුම් කරන ප්‍රමාණවත් ලිපි ලේඛන සැපයීමට අපොහොසත් වී ඇති හෙයින් ඔවුන්ට JobKeeper මුදල් ආපසු ගෙවිය යුතු බවට අනතුරු අඟවා තිබේ.

Superannuation ගිණුම් වලින් මුදල් ලබා ගැනීම පිළිබඳව ත් සෝදිසියෙන්
කොරෝනා වසංගතය නිසා තම Superannuation ගිණුම් වලින් කලින් මුදල් ලබා ගැනීමට ලබා දුන් මධ්‍යම රජයේ අවසරය අනිසි ලෙස භාවිත කරන පුද්ගලයින් පිළිබඳවද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විමසිල්ලෙන් සිටින බව වාර්තා වේ.
සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ට 2019/20 මුල්‍ය වර්ෂය සඳහා ඩොලර් 10,000 ක් දක්වා ත් 2020/21 මුල්‍ය වර්ෂය සඳහා තවත් ඩොලර් 10,000 ක් දක්වාත් මුදල් තම Superannuation ගිණුම් වලින් ලබාගැනීමට අවසර ලැබේ.
මෙම මුදල් ආදායම් බදු වලින් නිදහස් වේ.
ජුනි මස අග වන විට මිලියන 2.3 ක් පමණ ඔස්ට්‍රේලියනුවාසීන්ට ඩොලර් බිලියන 17 කට අධික Superannuation මුදල් ප්‍රමාණයක් ගෙවා ඇති බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙම පහසුකමට සුදුසුකම් ලැබීමට නම් අදාළ පුද්ගලයින්ගේ සේවා පැය ගණන 20% කින් හෝ අඩුවී තිබිය යුතු අතර ඒක පුද්ගල ව්‍යාපාරිකයෙක් නම් සිය පිරිවැය 20% කින් අඩුවී තිබිය යුතුය.
Superannuation ගිණුම් වලින් මෙලෙස කලින් මුදල් ලබා ගැනීමේදී අදාළ සුදුසුකම් පිළිබඳ සාක්ෂි විමසා නොබලන අතර ව්‍යාජ ලෙස Superannuation ගිණුම් වලින් මුදල් ලබා ගැනීමට තැත් කළ යම් කණ්ඩායම් කිහිපයක් පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය පසුගිය මාසයේදී මෙහෙයුම් දියත් කළේය.
කෙසේහෝ තාවකාලික වීසා ලාභීන්ට 2020/21 මුල්‍ය වර්ෂය සඳහා තම Superannuation ගිණුම් වලින් මුදල් ලබා ගැනීමට නොහැකි බවද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසා ඇත.


