ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අතර ඇති ප්‍රාන්ත සීමාව හෙට (07/07) රාත්‍රී 11:59 සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙල්බර්න් නුවර කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ශීග්‍ර ලෙස දෛනිකව ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව වසා දමයි
වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව මෙලෙස වසා දැමෙන්නේ වසර 100 කට පසුව බව වාර්තා වේ.
මීට පෙර වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව වසා දැමුවේ 1919 දීය.
එවකට පැවති ස්පාඤ්ඤ උණ වසනගතය ඊට හේතුව විය.
ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian සමග සාකච්ඡා කර මෙම ප්‍රාන්ත සීමාව වසා දැමීම පිළිබඳ තීරණය කළ බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.
අද දිනයේදී වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 127 කි.
එය ප්‍රාන්තයෙන් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද සඳහන්.
වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව වසා දැමීම සම්බන්ධ නීති
වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත යා කරන ප්‍රධාන අධිවේගී මාර්ග 4ක් ඇතුළුව භූමියෙන් යා හැකි මාර්ග 55 ක් මේ අනුව වසා දැමෙන අතර ඒවා නිරතුරුව ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය කරනු ලබයි.
එමෙන්ම වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අතර ඇති පාලම් 33 ක් සහ ජලාශ්‍ර 2ක් ද මේ අනුව දැඩිව නිරීක්ෂණය කරනු ලබයි.
ඊට අමතරව දුම්රියෙන් සහ ගුවන් මගින් වික්ටෝරියා ප්‍රාන්තයේ සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණෙන සියලුම මගීන් ගෙන් ප්‍රශ්න කිරීමට සෞඛ්‍ය බලධාරීන් සහ පොලීසිය සූදානමින් සිටී.
මෙම නීති මාස තුනකට පෙර ක්වීන්ස්ලන්ත -නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාවේ ක්‍රියාත්මක කළ නීතිවලට සමාන වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
වික්ටෝරියා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට යාමට අවසර ඇත්තේ ඇතුළුවීමේ බලපත්‍ර සහිත පුදගලයින්ට, හදිසි සේවා සේවකයින්ට සහ නැවත පැමිණෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වාසීන්ට පමණි.
ජනතාවට මෙම ප්‍රාන්ත අතර ගමන් කිරීමට ඉඩ සලසන විශේෂ අවසර සහ නිදහස් කිරීම් පිළිබඳ තොරතුරු තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.
එමෙන්ම නිව් සවුත් වේල්සයට ආපසු පැමිණෙන ඕනෑම පුදගලයෙකු දින 14 ක් ස්වයං නිරෝධායනය වීමට අවශ්‍ය බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.
එසේම, හෙට (07/07) මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා සිට ACT දක්වා ගමන් කරන ඕනෑම කෙනෙකුට නිව් සවුත් වේල්ස් හෝ ACT රජයන් විසින් අවසර ලබා නොදුනහොත් ඇතුළුවීම ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ප්‍රාන්ත සීමා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැක්කේ කාටද?
බදාදා (08/07) අළුයම 12:01 සිට වික්ටෝරියා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය දක්වා ගමන් කිරීමට කැමති අයට ප්‍රාන්ත රජයෙන් අවසර ලබා ගත යුතුය.
බලපත්‍ර බොහෝ විට පහත සඳහන් ලෙස කොටස් දෙකකට බෙදිය හැකිය.
01. Albury-Wodonga වැනි ප්‍රාන්ත සීමාවලම වාසය කරන පුද්ගලයින්ට නිකුත් කරන බලපත්‍රය.
02. විශේෂ හේතු මත ප්‍රාන්ත සීමාව හරහා යාමට අවශ්‍ය පුද්ගලයින්ට නිකුත් කරන බලපත්‍රය.
හෙට සිට මේ සඳහා වන අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ Service NSW වෙතින් ලබා ගත හැකිය.
අවසර පත්‍ර ලබා ගැනීමට අයදුම් කිරීමේදී අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන පුද්ගලයින්ට දඩ ලබා දෙන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිස් කොමසාරිස් Mick Fuller පැවසුවේය.

අවසර පත්‍රයක් නොමැතිව ප්‍රාන්ත සීමාව තරණය කළහොත් දඬුවම් පැනවිය හැකිද?
අවසර පත්‍රයක් නොමැතිව ප්‍රාන්ත සීමාව තරණය කළහොත් දඬුවම් පැනවිය හැකිය.
එය $11,000 ක දඩයක් සමග සය මසක සිර දඬුවමක් ලෙස නම් කර ඇත.
පොලීසිය සියලු මහා මාර්ග සහ ජල මාර්ග නිරීක්ෂණය කරනු ලබන අතර ඒ සඳහා ඩ්‍රෝන තාක්ෂණය ද යොදාගැනේ.


