විදෙස්ගතව සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් අඩු කිරීමට ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ගේ අවධානය යොමුවී තිබේ.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල හෝටල් නිරෝධායන කටයුතු වලට අධික පීඩනයක් ගෙන නොදීම සඳහා මෙම පියවර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.

විදෙස්ගතව සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවත් අඩු කෙරේ
විදෙස්ගතව සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මාර්තු මාසයේ සිට පහත වැටී ඇත.
නමුත් එම සංඛ්‍යාව තවදුරටත් අඩු කිරීම සඳහා ජාතික කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙන යන බව අගමැති මොරිසන් පැවසීය.
සිය යෝජනාව යටතේ ජාත්‍යන්තර සංචාරකයින්ගේ සංඛ්‍යාව අඩු කරන්නේ කෙසේදැයි අගමැති මොරිසන් දක්වා නැති නමුත් එය ඔස්ට්‍රේලියාවට පැමිණීම මද දිනකට විරාමයක් ලබා දීමට වඩා ඉලක්කම් පිළිබඳ දෙයක් බව ඔහු වැඩි දුරටත් පැවසීය.
"ප්‍රශ්නය වන්නේ ආපසු පැමිණෙන ඕස්ට්‍රේලියානුවන්ගේ සමස්ත මට්ටම කුමක්ද යන්නයි, එනිසා මම එළඹෙන සිකුරාදා (10/07) පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා." යනුවෙන් ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පැහැදිලි කළේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සෑම ප්‍රාන්තයකම හා ටෙරිටරියකම විදේශයන්හි සිට නැවත පැමිණෙන පුද්ගලයින්ව නිරෝධායනය කිරීමේ උපරිම ධාරිතාවක් ඇති බවත් එම ධාරිතාව ඉහළ දැමීමට හැකියාවක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙවේලෙහි පවතින ක්‍රමවේදයට අමතර පීඩනයක් එල්ල කිරීමට මධ්‍යම රජයට අවශ්‍ය නැති බවද අගමැති මොරිසන් පැවසීය.
ඔස්ට්‍රේලියාවට ආපසු පැමිණෙන සංචාරකයින්ට තමන්ගේ හෝටල් නිරෝධායනය සඳහා තමන් විසින් මුදල් ගෙවීම ආරම්භ කිරීම සම්පූර්ණයෙන්ම තේරුම්ගත හැකි බව ද ඔහු පැවසීය.
"මිනිසුන්ට නැවත පැමිණීමට බොහෝ අවස්ථාවන් තිබේ. ඔවුන් එසේ කිරීමට තෝරා ගන්නේ නම් දැන් ඔවුන් පැහැදිලිවම එම තීරණය යම් කාලයක් සඳහා ප්‍රමාද කර ඇත." යනුවෙන්ද ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පැහැදිලි කළේය.

ඇතැම් ප්‍රාන්ත දැනටමත් සීමා පනවා තිබේ
ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත දැනටමත් විදේශයන්හි සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගල සංඛ්‍යාවට සීමා පනවා තිබේ.
විදේශයන්හි සිට පර්ත් නුවරට පැමිණෙන පුද්ගල සංඛ්‍යාව දිනකට 75 කට සීමා කිරීමට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
මෙල්බර්න් නුවරට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් ගමන් වෙනත් නගර වලට හරවා යැවීමට මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තය තීරණය කර ඇත.
සති අන්තයේ සිඩ්නි ගුවන්තොටුපළට දිනකට පැමිණෙන ජාත්‍යන්තර මගීන් 450 සීමා කළ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කළේය.

පරීක්ෂාවන්ට භාජනය නොවී මෙල්බර්න් සිට සිඩ්නි වෙත මගීන් පැමිණෙයි
මෙල්බර්න් සිට සිඩ්නි වෙත පැමිණි මගීන් 137 කොරෝනා පරීක්ෂාවන්ට භාජනය නොවී ගුවන් තොටුපොළින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
ඊයේ (07/07) රාත්‍රී 7 ට පෙර සිඩ්නි ගුවන් තොටුපොළට පැමිණි JQ250 නමැති Jetstar ගුවන් යානයෙන් මෙම මගීන් පැමිණ ඇත.
අදාළ ගුවන් යානය පැමිණෙන අවස්ථාවේදී එම පරීක්‍ෂාවන් කිරීම සඳහා වූ වගකිව යුතු සෞඛ්‍ය කණ්ඩායම වෙනත් ගුවන් යානයක් සමඟ සිටි බව නිව් සවුත් වේල්ස් ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීනී Kerry Chant පැවසුවාය.
මෙය පිළිබඳ දැනුවත් වූ වහාම අදාළ සෞඛ්‍ය නිලධාරීන්, ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය සහ පොලිසිය මගීන් 137 දෙනාගෙන් 89 දෙනෙකු නැවත ගේට්ටුව වෙත ගෙන එම පරීක්ෂණ කටයුතු සිදුකර ඇත.
මගීන් හතළිස් අට දෙනෙකු පර්යන්තයෙන් පිටව ගොස් ඇති අතර, NSW Health විසින් මගීන් 45 දෙනෙකු හට කොරෝනා පරීක්ෂාවන් සිදු කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇත.


