Metropolitan Melbourne හෙවත් මෙල්බර්න් නුවර තදාසන්න නගර සහ Mitchell Shire කලාපය අද (08/07) මධ්‍යම රාත්‍රියේ සිට නැවත lockdown කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙම lockdown කිරීම අද සිට සති 6 ක් දක්වා ක්‍රියාත්මක වන අතර මෙය පාසල් වලට, සිසුන්ට සහ දෙමාපියන්ට බලපාන අයුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

පාසල් වලට අමතර සතියක් නිවාඩු
වික්ටෝරියානු ප්‍රාන්තයේ ශීත සෘතු පාසල් නිවාඩුව මේ වන විට ආරම්භ වී ඇති අතර එය මේ සතියෙන් අවසන් වීමට නියමිතය.
නමුත් මෙම කොරෝනා තත්ත්වය නිසා රජයේ පාසල් වල බාලාංශයේ සිට 10 වසර දක්වා පන්ති වල සිටින සිසුන්ට තවත් අමතර සතියක් නිවාඩු ලබා දීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
ඒ අනුව එම පන්ති වල අධ්‍යන කටයුතු ජූලි 20 වන දින ඇරඹේ.
ශිෂ්‍යයන් රහිත එම දින පහ දුරස්ථ ඉගෙනීම නැවත ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම සඳහා ගුරුවරුන්ට කාලය ලබා දෙනු ඇත.
අත්‍යවශ්‍ය සේවකයින්ගේ දරුවන් සඳහා පාසල් නිවාඩු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද එය ඉඩ සලසයි.
ප්‍රාන්ත රජයේ මෙම තීරණ රජයේ පාසල්වලට පමණක් බලපාන අතර බොහෝ පෞද්ගලික පාසල් එය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙය වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වලටද බලපායිද?
Metropolitan Melbourne හෙවත් මෙල්බර්න් නුවර තදාසන්න නගර සහ Mitchell Shire කලාපය හැරුණු කොට වික්ටෝරියා ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශ වල පිහිටි සියලුම පාසල් වල අධ්‍යන කටයුතු සුපුරුදු පරිදි ලබන සතියේ සිට ආරම්භ වේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වල කෙරෙන සුපුරුදු වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම සිදු කෙරෙන බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
ලබන සතියේ සිට පාසල් යා යුත්තේ කවුරුන්ද?
11, 12 සහ VCE විෂයයන් ඉගෙනුම ලබන 10 වසරේ සිටින පාසල් සිසුන්ට ලබන සතියේ ජූලි 13 වන දින සිට පාසල් ක්‍රියාත්මක වේ.
එම සිසුන් පාසලට යාමේදී ඒමේදී සහ පාසලේ ඉගෙනුම ලබන විටදී සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැතිවරයා පැවසීය.
ඊට අමතරව විශේෂ පාසල් ද (Specialist schools) ලබන ජූලි 13 වන දින සිට සුපුරුදු පරිදි ආරම්භ වන බව ප්‍රාන්ත රජය පැවසීය.
නමුත් ලබන සතියේ දී ළදරු පාසල් සඳහා සිදුවන වෙනස්කම් පිළිබඳ ප්‍රාන්ත රජය මේ වන විට කිසිවක් ප්‍රකාශ කර නොමැත.

