ඔස්ට්‍රේලියාවේ දේශ සීමා තවත් තර කෙරේ, පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට නව තහනමක් (SBS සිංහල/ වාර්තා)

මෙතෙක් කලක් සාමාන්‍යයෙන් විදෙස් ගතව සිටි ඔස්ට්‍රේලියානුවන්ට විදේශයක ජීවත් වන බව ඔප්පු කළහොත් ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවසර දී තිබුණි.

Australian citizen

Australian Passport Source: Getty Images

සාමාන්‍යයෙන් විදේශයන්හි වෙසෙන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවසරයකින් තොරව ඔස්ට්‍රේලියාවට යළි පැමිණීම සහ ඔස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශ සීමා තර කිරීම සම්බන්ධව ගත් නවතම තීන්දුව ලෙස මෙය හැඳින්වේ.


Highlights

  • විදෙස් රටවල වාසය කරන ඔස්ට්‍රේලියානුවන්ට ඔස්ට්‍රේලියාවෙන් පිටවීමටත් ඔස්ට්‍රේලියාවට යළි පැමිණීමටත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවසරය ගත යුතුවේ.
  • මෙම නව නීතිය අගෝස්තු 11 දා සිට බලපැවැත්වේ.
  • මෙතෙක් කලක් සාමාන්‍යයෙන් විදෙස් ගතව සිටි ඔස්ට්‍රේලියානුවන්ට විදේශයක ජීවත් වන බව ඔප්පු කළහොත් ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවසර දී තිබුණි.

විදෙස් රටවල වාසය කරන ඔස්ට්‍රේලියානුවන්ට අවසරයකින් තොරව යාම් ඒම් තහනම්

විදෙස් රටවල වාසය කරන ඔස්ට්‍රේලියානුවන්ට මෙතෙක් කලක් අවසරයකින් තොරව ඔස්ට්‍රේලියාවෙන් පිටවීමටත් ඔස්ට්‍රේලියාවට යළි පැමිණීමටත් අවසර ලැබී තිබුණි.

නමුත් ඒ සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවසරය ගත යුතු බව වාර්තා වේ.

සංශෝධනය කරන ලද හදිසි සෞඛ්‍ය නියෝග යටතේ අගෝස්තු 11 දා සිට බලපැවැත්වෙන පරිදි මෙම වෙනස්කම් සිදු කෙරේ.

මෙතෙක් කලක් සාමාන්‍යයෙන් විදෙස් ගතව සිටි ඔස්ට්‍රේලියානුවන්ට විදේශයක ජීවත් වන බව ඔප්පු කළහොත් ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවසර දී තිබුණි.

නමුත් මෙම නව නීතිය අනුව එවැනි පුද්ගලයින්ට ඔස්ට්‍රේලියානු භූමියෙන් පිටව යාමට බලවත් හේතුවක් ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකායට පෙන්විය යුතු බව මධ්‍යම රජය පවසයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ප්‍රධාන හේතුවක් නොමැතිව රටවල් අතර නිතර සංචාරය කළ ඇතැම් පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වීම නිසා එවැනි අඩුපාඩු නැති කිරීම මෙහි අරමුණවී ඇත.

මෙම නව නීති හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිරෝධායන මධ්‍යස්ථාන වලට ඇති පීඩනය ද අඩුවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

එමෙන්ම මේ හරහා ඔස්ට්‍රේලියානු ජනගහනය වෙත කොරෝනා වයිරසය විදෙස් රටවලින් ගෙන ඒමේ අවදානමද අඩුවන අතර අවදානමට ලක් වූ ඔස්ට්‍රේලියානුවන් ආපසු ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට උපකාර වීමද මේ හරහා සිදුවේ.

Passengers depart Sydney Airport for New Zealand on 19 April 2021.
Sydney Airport Source: AAP

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්

ඔබ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචිකරුවෙකු නම් COVID-19 සීමාවන් හේතුවෙන් ඔබට ඔබට අවසරයකින් තොරව ඔස්ට්‍රේලියාවෙන් පිටව යා නොහැක.

ඒ සඳහා අවසර ගැනීමට නම් පහත සඳහන් හේතුවලින් එකක් හෝ ඉදිරිපත් කළ යුතුය.

  • ආධාර සැපයීම ඇතුළුව ඔබේ සංචාරය COVID-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියේ කොටසක් විය යුතුය
  • ඔබේ සංචාරය ඔබේ ව්‍යාපාරයේ හෝ සේවා ස්ථානයේ කටයුත්තක් සඳහා නම්
  • ඔබ සංචාරය කරන්නේ ඔස්ට්‍රේලියාවේ නොමැති හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නම්
  • ඔබ මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් බලවත් හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවෙන් පිටතට යාමට අවශ්‍ය නම්
  • ඔබ පිටව යන්නේ සානුකම්පිත හේතුවකට නම්
  • ඔබේ සංචාරය ජාතික අවශ්‍යතාවක් නම්

Share

2 min read

Published

Updated

By Tom Stayner, Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now