COVID-19 වයිරසය පාලනය කිරීම සඳහා ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් විසින් පනවනු ලබන මහජන සෞඛ්‍ය නීති හේතුවෙන් සේවා පැය ගණන හෝ ආදායම් අහිමිවන පුද්ගලයින් හට COVID-19 Disaster Payment හෙවත් COVID-19 ආපදා ගෙවීම ලබාගත හැකිය.
මෙය lump sum payment එකක් හෙවත් එකවර ගෙවනු ලබන ගෙවීමකි.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
කොරෝනා වසංගතය හේතුවෙන් පනවනු ලබන lockdown කිරීම්, කොරෝනා මර්මස්ථානයක වාසය කිරීම හෝ සංචරණ සීමා වලට හසුවීම වැනි හේතු මත තම සේවා පැය ගණන හෝ ආදායම් අහිමිවන පුද්ගලයින් හට මේ සඳහා අයදුම් කළ හැකිය.
මෙහිදී ඔබට කොපමණ මුදල් ප්‍රමාණයක් ලබා ගත හැකිද යන්න ඔබ වාසය කරන ප්‍රදේශය, සේවා පැය ගණන සහ ඔබේ පෞද්ගලික තත්ත්ව මත රඳා පවතී.
Highlights
- නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත, දකුණු ඔස්ට්‍රේලියා සහ වික්ටෝරියා ප්‍රාන්ත සඳහා මේ වන විට මෙම COVID-19 ආපදා ගෙවීම කරනු ලබයි.
- මේ සඳහා අයදුම් කිරීමට ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු, ස්ථිර පදිංචි ලාභියෙකු හෝ ඔස්ට්‍රේලියාව තුළ රැකියා කිරීමට අවසර ඇති වීසා බලපත්‍ර ලාභියෙකු විය යුතුය.
- එමෙන්ම lockdown කිරීම් වැනි මහජන සෞඛ්‍ය නීති නිසා ඔබේ සේවා පැය ගණන අඩු වීම සහ වසංගතය සම්බන්ධව වැටුප් සහිත නිවාඩු හිමිකම් නොමැති විය යුතුය.
මේ වන විට COVID-19 ආපදා ගෙවීම ලබා දෙන ප්‍රාන්ත
මේ වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 4කට COVID-19 ආපදා ගෙවීම ලබා දෙන බව Services Australia පවසයි.
ඒවා පහත පරිදි වේ.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
- දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
- වික්ටෝරියා ප්‍රාන්තය

COVID-19 ආපදා ගෙවීම ලබා ගත හැක්කේ කාටද?
පහත සඳහන් අවශ්‍යතා හා සුදුසුකම් සපුරා ඇත්නම් ඔබට මෙම COVID-19 ආපදා ගෙවීම ලබා ගැනීම සඳහා අයදුම් කළ හැකිය.
- ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු, ස්ථිර පදිංචි ලාභියෙකු හෝ ඔස්ට්‍රේලියාව තුළ රැකියා කිරීමට අවසර ඇති වීසා බලපත්‍ර ලාභියෙකු විය යුතුය.
- සතියකට පැය 20 ක් රැකියා කිරීමට අවසර ඇති ජාත්‍යන්තර සිසුන්ට පවා මේ සඳහා අයදුම් කළ හැකිය.
- ඔබ වයස අවුරුදු 17 ට වඩා වැඩි විය යුතුය.
- ඔබට කිසිදු ආධාර ගෙවීමක්, ABSTUDY Living Allowance හෝ අධ්‍යාපන දීමනාවක් නොලැබිය යුතුය.
- ඔබට මධ්‍යම රජයෙන් ලබා දෙන Pandemic Leave Disaster ගෙවීම හෝ ප්‍රාන්ත හා ටෙරිටරි රජයන්ගෙන් ලබාදෙන Pandemic ගවීම හෝ අදාළ කාලයේදී ලබදෙන ප්‍රාන්තයේ සුළු පරිමාණ ව්‍යාපාර සඳහා ගෙවනු ලබන දීමනාව හෝ නොලැබිය යුතුය.
- lockdown කිරීම් වැනි මහජන සෞඛ්‍ය නීති නිසා ඔබේ සේවා පැය ගණන අඩු වීම සහ වසංගතය සම්බන්ධව වැටුප් සහිත නිවාඩු හිමිකම් නොමැති වීම.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කොපමණ මුදලක් ලැබේද?
ප්‍රධාන ඛාණ්ඩ දෙකක් යටතේ COVID-19 ආපදා ගෙවීම ලබාදේ.
ඔබේ සේවා පැය ගණන සතියකට පැය 8 ත් 20 ත් අතර අඩුවී ඇත්නම් ඔබට සතියකට $375 ක් ලැබෙනු ඇත.
නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙය 2021 අගෝස්තු 05 සිට $450 ක් ලෙස ඉහළ දමා තිබෙන අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 2021 අගෝස්තු 01 සිට $450 ක් ලෙස ඉහළ දමා තිබේ.
එමෙන්ම ඔබේ සේවා පැය ගණන සතියකට පැය 20 හෝ ඊට වඩා අඩුවී ඇත්නම් ඔබට සතියකට $600 ක් ලැබෙනු ඇත.
නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙය 2021 අගෝස්තු 05 සිට $750 ක් ලෙස ඉහළ දමා තිබෙන අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 2021 අගෝස්තු 01 සිට $750 ක් ලෙස ඉහළ දමා තිබේ.

COVID-19 ආපදා ගෙවීමට අයදුම් කරන අයුරු
ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචි ලාභියෙකු නම් ඔබට මෙම COVID-19 ආපදා ගෙවීමට අයදුම් කරන ආකාරය Services Australia මෙලෙස දක්වා තිබේ.
ඔබ ඔස්ට්‍රේලියාව තුළ රැකියා කිරීමට අවසර ඇති වීසා බලපත්‍ර ලාභියෙකු නම් 180 22 66 යන දුරකතන අංකයට ඇමතුමක් ලබා දිය යුතුය.
සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8 සිට පස්වරු 5 දක්වාත් සෙනසුරාද සහ ඉරිදා දිනවල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වාත් එම දුරකතන අංකය ක්‍රියාත්මක වේ.

