Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය 2022: ප්‍රධාන පක්ෂ දෙකම අනවසර බෝට්ටු ආපසු හරවා යවාවිද? (SBS සිංහල - වාර්තා)

El líder de la oposición dio positivo por COVID-19
El líder de la oposición dio positivo por COVID-19 Source: AAP

Highlights

  • අනවසර බෝට්ටු නැවත හරවා යැවීම සහ ඕස්ට්‍රේලියාවෙන් පිටත රැඳවුම් මධ්‍යස්ථාන ගැන පක්ෂ විපක්ෂ වල ප්‍රතිපත්ති
  • අනවසර බෝට්ටු නැවත හරවා යැවීම සහ ඕස්ට්‍රේලියාවෙන් පිටත රැඳවුම් මධ්‍යස්ථාන වල පවතින ගැටළුකාරී බව

ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මේ වනවිට යලිත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

ඒ ඊයේ දිනයේදී ඔස්ට්‍රේලියානු අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර පැවති පළමු මැතිවරණ විවාදයත් සමගයි.

මෙම විවාදයේදී ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් පැමිණෙන බෝට්ටු නැවත හරවා යවන බවට ඕස්ට්‍රේලියානු විපක්ෂ නායකවරයා සඳහන් කල අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඕස්ට්‍රේලියාවෙන් පිටත රැඳවුම් මධ්‍යස්ඨාන දිගටම පවත්වාගෙන යන බවයි.

මින් පෙර ඕස්ට්‍රේලියානු ලේබර් පක්ෂ නායක Anthony Albanese සඳහන් කොට සිටියේ අනවසර බෝට්ටුකරුවන් නැවත හරවා යවන බැවින් ඕස්ට්‍රේලියාවෙන් පිටත රැඳවුම් මධ්‍යස්ථාන අනවශ්‍ය වන බවයි. නමුත් පසුව ඔහු ඕස්ට්‍රේලියාවෙන් පිටත රැඳවුම් මධ්‍යස්ථාන සඳහා සිය සහාය දක්වන බව පැවසීය.

ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණෙන බෝට්ටු නැවත හරවා යැවීම සහ ඕස්ට්‍රේලියාවෙන් පිටත රැඳවුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ලේබර් පක්ෂයේ ප්‍රතිපත්ති පිළිබඳව පැහැදිලි කිරීමක් සඳහා SBS සේවය ලේබර් පක්ෂය සම්බන්ධ කරගත් අතර එහි සාමාජිකයකු සඳහන් කොට සිටියේ විපක්ෂ නායකවරයා මින් පෙර ලබා දුන් අදහස් ප්‍රමාණවත් වන බවයි.

මේ අතර ඕස්ට්‍රේලියානු විපක්ෂනායකවරයා නිරන්තරයෙන් සිය අදහස් වෙනස් කිරීම සිදු කරන බව ඕස්ට්‍රේලියානු අගමැතිවරයා චෝදනා කොට සිටී. එමෙන්ම ඔහු දේශසීමා සම්බන්ධයෙන් සෑම ස්ථාවරයකම සිටින නමුත් ඔහු එය නිසි ලෙස සිදු නොකරන බවත් මොරිසන් පෙන්වා දෙයි.

එමෙන්ම 2013 වසරේදී සිදුකල Operation Soverign Borders ගැන සඳහන් කරමින්, අනවසර බෝට්ටු ආපසු හරවා යැවීමේ ප්‍රතිපත්ති පිළිබඳව ගෞරවය හිමිකරගනීමටද ඕස්ට්‍රේලියානු අගමැතිවරයා මෙම විවාදය අතරතුරදී කටයුතු කළේය.

ඔහු කියා සිටියේ තමන් මෙම ප්‍රතිපත්ති සැලසුම් කල අතර ඒ දිනවලදී ඒ සම්බන්ධයෙන් තමන් හට දැඩි විවේචන එල්ල වූ බවයි.

Anthony Albanese muss sich nach einem positiven PCR Test in Isolation begeben
Leader of the Opposition Anthony Albanese (L) and Australian Prime Minister Scott Morrison attend the first leaders' debate of the 2022 federal election. Source: Getty

අනවසර බෝට්ටු නැවත හරවා යැවීම සහ ඕස්ට්‍රේලියාවෙන් පිටත රැඳවුම් මධ්‍යස්ථාන වල පවතින ගැටළුකාරී බව

කෙසේ නමුත් අනවසර බෝට්ටු නැවත හරවා යැවීම සහ ඕස්ට්‍රේලියාවෙන් පිටත රැඳවුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා සිදු කරන මත සම්බන්ධයෙන් සරණාගත කවුන්සිලයේ දැඩි විරෝධය එල්ලව තිබේ.

සරණාගත කවුන්සිල ප්‍රධාන විධායක Paul Power සඳහන් කොට සිටින්නේ මෙය පීඩාවට පත් රටවලින් පැමිණෙන පිරිසට ආපසු යාමට වන බල කිරීමක් වන අතර මෙම ගටලුව මේ වනවිට දේශපාලනීකරණය කොට ඇති බවයි.

News
Australian Prime Minister Scott Morrison speaks during the first leaders' debate of the 2022 federal election campaign at the Gabba on April 20, 2022. Source: AAP

එමෙන්ම ඔහු SBS සේවයට සඳහන් කොට සිටියේ අනවසර බෝට්ටු හැරවීම පිළිබඳව ප්‍රධාන පක්ෂ දෙකම ප්‍රතිපත්තිමය සහාය ලබා දෙන නමුත් මෙම ගැටලුව විසඳීම සඳහා සහයක් නොමැති බවයි.

එමෙන්ම මේ වනවිට දේශපාලඥයින් සරණාගතයින් සම්බන්ධයෙන් කිඹුල් කදුළු හෙලන අතර 2013 වසරේ සිට මෙම ප්‍රතිපත්ති පැවතීම මත ඕස්ට්‍රේලියානු විපක්ෂ නායකවරයාගේ ස්ථාවරය පිළිබඳව පුදුමයක් නැති බවත් සරණාගත කවුන්සිල ප්‍රධාන විධායක Paul Power පෙන්වා දෙයි.


2 min read

Published

Updated

By Rayane Tamer, Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now