ඔස්ට්‍රේලියාවේ මාර්ග අනතුරු නිසා සිදුවන මරණ තවත් ඉහළට, මාර්ගවල ආරක්ෂාව තර කිරීමට අපොහොසත් වූ බවටත් චෝදනා

2023 ජුනි 30 සිට ගතවු මාස 12 තුළ ඔස්ට්‍රේලියානු මාර්ගවල පුද්ගලයන් 1,205 ක් මිය ගොස් ඇති බව ජාතික මාර්ග ආරක්ෂණ උපාය මාර්ග වාර්තාවේ නව දත්ත පෙන්නුම් කරයි.

A car wrapped around a tree after a crash

Australia's road death figures have grown, despite a national goal of halving the toll by 2030. Source: Getty / 4FR/iStockphoto

ඔස්ට්‍රේලියාව තම මාර්ගවල ආරක්ෂාව වැඩි දියුණු කිරීමට අපොහොසත් වී ඇති බව හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියාව මාර්ගවල සිදුවන මරණ සංඛ්‍යාව වසරින් වසර ඉහළ යන අතර මාර්ගවල ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධාන ඉලක්ක සපුරා ගැනීමට ඔස්ට්‍රේලියාවට නොහැකි වී ඇති බව නව වාර්තාවකට අනුව පෙන්වා දෙයි.
 

ඔස්ට්‍රේලියානු මාර්ගවල පුද්ගලයන් 1,205 ක් මිය යයි

2023 ජුනි 30 සිට ගතවු මාස 12 තුළ ඔස්ට්‍රේලියානු මාර්ගවල පුද්ගලයන් 1,205 ක් මිය ගොස් ඇති බව ජාතික මාර්ග ආරක්ෂණ උපාය මාර්ග වාර්තාවේ නව දත්ත පෙන්නුම් කරයි.

මෙම සංඛ්‍යාව මීට පෙර මාස 12ට වඩා 3.2% ක වැඩිවීමක් සනිටුහන් කරයි, එනම් මෙවර තවත් මාර්ග මරණ 37ක් වැඩිවී තිබේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

ඔස්ට්‍රේලියානු ඔටෝමොබයිල් සංගමයේ (AAA) වාර්තාවට අනුව මාරක රිය අනතුරු වල වැඩිම වැඩිවීමක් වාර්තා වී ඇත්තේ වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, බටහිර ඔස්ට්‍රේලියාව සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල වන අතර මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ඉලක්ක සපුරා ගැනීම සඳහා ගමන් කරමින් සිටියේ එක් ප්‍රාන්තයක් හෝ ටෙරිටරියක් පමණි.

එම වාර්තාවට අනුව, වසර 2030 වන විට මාර්ගවල සිදුවන මරණ අඩකින් අඩු කිරීම ඇතුළුව ජාතික මාර්ග ආරක්ෂණ උපාය මාර්ග (NRSS) ඉලක්ක සපුරා ගැනීමට ඔස්ට්‍රේලියාවට නොහැකිය.
Tabel showing road tolls in each Australian state
A new report shows 1,205 people died on Australian roads in the 12 months to 30 June 2023. Source: SBS

අවශ්‍ය දත්ත නැති නිසා මරණ වළක්වා ගැනීම දුෂ්කරයි

මාර්ගවල සිදුවන මරණ අවම කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජයන් විසින් කරන ලද කැපවීම ජාතික මාර්ග ආරක්ෂණ උපාය මාර්ග හෙවත් NRSS නියෝජනය කරයි.

වසර 2030 වන විට වාර්ෂික මරණ සංඛ්‍යාව අවම වශයෙන් 50% කින් සහ බරපතල තුවාල සිදුවීම අවම වශයෙන් 30% කින් අඩු කිරීම මෙහි ප්‍රධාන ඉලක්ක වෙයි.

තුවාල සිදුවීම් සහ අනතුරු සිදුවන ස්ථාන පිළිබඳව ප්‍රමාණවත් දත්ත වාර්තා කර නොමැති අතර, අනතුරු හඳුනා ගැනීම සහ මරණ වළක්වා ගැනීම දුෂ්කර කර බව AAA අනතුරු ඇඟවූයේය.
මාර්ගවල සිදුවන මරණවල විශාලතම වැඩිවීම වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එය 13.2% කි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ එම වැඩිවීම 12.8% ක් ද, බටහිර ඔස්ට්‍රේලියාවේ එය 12.9% ක් ලෙසද වාර්තා වේ.

Northern Territory, ටස්මේනියාව, බටහිර ඔස්ට්‍රේලියාව සහ දකුණු ඔස්ට්‍රේලියාව ද තමන්ගේ ජනගහන වර්ධනයට වඩා මාර්ගවල සිදුවන මරණවල ඉහළ අගයක් වාර්තා කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ මාර්ගවල සිදුවන මරණවල ජාතික සාමාන්‍යය සෑම පුද්ගලයන් 100,000කටම මරණ 4.59 කි.

මරණ සහ අනතුරු අඩු කිරීමට නම්

සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කරන පරිදි අදාළ ඉලක්කය සපුරා ගැනීම සඳහා නියමිත කාලයට එහි මාර්ගවල මරණ සංඛ්‍යාව අඩු කිරීමට සමත්වී ඇත්තේ Northern Territory පමණක් බව AAA කළමනාකාර අධ්‍යක්ෂ Michael Bradley පැවසුවේය.

"මෝටර් රථ කිසි විටෙකත් ආරක්ෂිත නොවූ අතර මාර්ග සඳහා අරමුදල් කිසි විටෙකත් ඉහළ ගොස් නැති නමුත් මාර්ගවල මරණ වැඩිවෙමින් පවතිනවා," ඔහු පැවසීය.

නීතිය ක්‍රියාත්මක කිරීම, මාර්ග ආයෝජන සහ ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා මග පෙන්වීම පිණිස ජාතික සංඛ්‍යාලේඛන වලින් පටන්ගෙන නව ප්‍රවේශයක් අවශ්‍ය බවද ඔහු පැවසුවේය.
නමුත් දත්තවල කොටසක් ලෙස මාර්ග අනතුරුවලින් සිදුවූ තුවාල පිළිබඳ තොරතුරු කිසිදු රජයක් වාර්තා නොකළ නිසා මාර්ග අනතුරු වලින් සිදුවන තුවාල අවම කිරීම දුෂ්කර වනු ඇතැයි AAA කළමනාකාර අධ්‍යක්ෂ Michael Bradley අනතුරු ඇඟවීය.

ලබන වසරේ ජූලි මාසයේදී පිහිටුවීමට නියමිත නව අරමුදල් ගිවිසුමක කොටසක් ලෙස තොරතුරු රැස් කිරීමට ෆෙඩරල් රජය ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන්ට බල කළ යුතු බව ඔහු පැවසීය.

අමතර තොරතුරුවලට, මාර්ගවල මරණ සිදුවූ ස්ථානය, ඊට සම්බන්ධ මාර්ග තත්වයන් සහ මත්පැන්, මත්ද්‍රව්‍ය හෝ අවධානය වෙනතකට යොමු කිරීම ඇතුළු ඕනෑම හේතුවක් ඇතුළත් විය යුතු බව ද ඔහු පැවසීය.


Share

Published

By Madhura Seneviratne
Source: SBS, AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service