මේ ඕස්ට්‍රේලියා දිනයේදී ඔබත් පුරවැසිභාවය ලබනවාද ? මේ ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් වීමේ වාසි (SBS සිංහල / වාර්තා)

මේ ජනවාරි 26 වැනිදා ඕස්ට්‍රේලියා දිනයේදී බොහෝ දෙනෙක් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබනවා. මේ ඕස්ට්‍රේලියානු පුරවැසියකු වීමෙන් ඔබට ඇත වන වාසි.

Australia Day Celebrations In Canberra

Source: Getty Images AsiaPac

ඕස්ට්‍රේලියානු පුරවැසියකු විය හැකි කාටද?

-ඕස්ට්‍රේලියාවේ වලංගු වීසා එකක වසර 4ක් ජීවත් වූ අවසන් වසර ස්ථිර පදිංචි කරුවෙකු ලෙස ජීවත් වූ ඕනෑම අයෙකුට පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කල හැකියි.
-ඕස්ට්‍රේලියාවේ උපත ලබන පුද්ගලයන් පුරවැසියන් බවට පත්වේ 
-විදේශයක උපත ලද දෙමාපියන්ගෙන් එක අයෙක් හෝ පුරවැසියන් වූ දරුවන්ටද පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කල හැකි අතර ඔවුන්ටද ඔස්ට්‍රේලියාවේ ඉපදුන දරුවෙකුට සමාන හිමිකම් ඇත.
-සහකරු /සහකාරිය ඕස්ට්‍රේලියානු පුරවැසියකු නම් 

අයදුම් කිරීමේ ක්‍රම


-ඔබ ස්ථිර ප්දින්චිකරුවකු විය යුතුයි 
-එම කාලය තුල මාස 12 කට වඩා  රටින් පිට නොවී සිටීම 
- පුරවැසි පරීක්ෂණය සමත් වීම 
-හොඳ චරිතයක් සතු වීම (පොලිස් පරීක්ෂන වලින් සමත් වීම)
 
පුරවැසිභාවය ලබා ගත පසු ඔබට එය අවශ්ය නැත්නම් ඉවත් කර ගැනීමට හැකියි

රටින් පිටවීමට හා ඇතුල් වීමේ පහසුව


ස්ථිර පදිංචි කරුවෙකුට සදා කල් ඔස්ට්‍රේලියාවේ ජීවත් විය හැකි වුවත් ඔබ රටින් පිටව ජීවත් වන්නේ නම්  වසර 5ටම වරක් return resident වීසා එකක් ලබා ගත යුතු වේ. නමුත් පුරවැසියන්ට ඕනෑම වෙලාවක රටින් පිටවී නැවත පැමිණිය හැකියි 
 ඔබට ඔස්ට්‍රේලියාවට ඇතුළු වන විට ගුවන් තොටුපලේ පෝලිම් වල ඉන්නට අවශ්‍ය නැහැ. arrivals smartgate හරහා ඉක්මනින්ම ඇතුල් විය හැකියි. 

විදේශයන්හිදී ආගමන විගමන /තානාපති සේවා පහසුවෙන් ලබා ගැනීම්


ඔබට විදේශයකදී අනතුරක් හෝ කරදරයක් සිදු වූ විට එම රටේ තානාපති සේවා ලබා ගත හැකියි. එය විදේශ සේවා අමාත්‍යාංශයෙන් සිදුවේ. අමාත්‍යංශයේ Consular Emergency Centre මගින් එම සේවාවන් නිරන්තරයෙන් ලබා දේ. 
-ඔබ රෝගී වී, අනතුරට ලක් වී හෝ අපරාධයකට ලක් වීමෙන් 
-ඔබ අත්අඩංගුවට පත් වීම 
-යුද්ධ හා ස්වාභාවික විපත් 
-ගමන් බලපත්‍ර නැති වූ විට 
-අතිශයෙන් අවශ්‍ය වූ විට සුළු නයක්  ලබා දීම 
-රජයේ සහන හා නීති සේවා පිලිබඳ දැනුවත් වීම 
-භාෂා පරිවර්තකයන්, නීතිවේදීන් ලබා ගැනීම 
- හදිසි ගමන් බලපත්‍ර ලබා දීම 

http://smartraveller.gov.au/help/Pages/default.aspx

මධ්‍යම රජයේ රැකියා ලබා ගැනීම


-ස්ථිර පදිංචිය ලබා ගත අයට රැකියා බොහොමයක් ලබා ගත හැකි වුවත් සමහර මධ්‍යම රජයේ රැකියා ලැබීමට පුරවැසිභාවය අවශ්‍යයි. මේ ඉන් කිහිපයක් 
-ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ 
-ඔස්ට්‍රේලියානි ෆෙදෙරල් පොලිසීය් 
-ඕස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක රැකියා 
-විදේශ සේවා දෙපාර්තමේන්තුව 

ඔබට ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍යවරයා වුවද විය හැකියි


පුරවැසියකු ලෙස ඔබට ඕස්ට්‍රේලියානු දේශපාලනයේ හා ප්‍රජාතාන්ත්‍රික ප්‍රවාහයේ කටයුතු කල හැකියි. ඔබට දේශපාලන නායකයින් තොරා ගැනීමට අයිතියක් ඇත. අවුරුදු 18ට වැඩි පුරවැසියන්ට කවුන්සිල හා මධ්‍යම රජයේ මැතිවරණ වෙනුවෙන් ලියාපදිංචි වී චන්දය ප්‍රකාශ කල හැකියි. චන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වේ. 
 
චන්දය ප්‍රකාශ කල  නොහැකි අවස්ථා 
 
-අවුරුදු 3ට වඩා වැඩි කලක් සිර ගත වීම 
-චන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කම තේරුම් ගත නොහැකි තත්වයක සිටීම 
- ඔබ වංචාවලට සම්බන්ධ වී සමාව නොලැබීම 
එසේම ඔබට මැතිවරණ  අපේක්ෂකයකු ලෙසත් ඉදිරිපත් විය හැකියි 

රටවල් 169කට වීසා රහිතව ගමන් කල හැකියි


ලොව 8වැනි යට බලවත්ම ගමන් බලපත්‍රය ඔස්ට්‍රේලියාවට හිමියි. රටවල් 169කට වීසා නොමැතිව හෝ ඇතුල් වන විට වීසා ලබා ගෙන යාමට හැකියාව ලැබේ.

අධ්‍යාපනය සඳහා ආධාර


ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට ඔවුන්ට ගැලපෙන අධ්යාපන පාටමාලා සඳහා නය ලබා ගත හැකියි. මෙය HECS‑HELP ලෙස හැඳින්වේ .මෙමගින්  පාටමාලා ගාස්තු සඳහා නයක් ලැබෙන නමුත් අනෙකුත් වියදම් පියවනු නොලැබේ. ඔබට මෙය හිමිවන්නේ ඔබ ඔස්ට්‍රේලියාව තුල එම පාටමාලවෙන් වැඩි කොටසක්  අධ්‍යාපනය ලබන විටයි

රටින් පිටුවහල් නොකිරීමේ ආරක්ෂාව

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි  කරුවන් වුවත් පහත හේතු මත පිටුවහල් කල හැකියි

-වසරරකට වඩා සිර දඬුවම් ලැබීම
-රටේ ආරක්ෂාවට තර්ජනයක් වීම
-යහපත් චරිත පරීක්ෂණය අසමත් වීම

නමුත් පුරවැසියකු  මෙසේ පිටුවහල් කල නොහැකියි



Share

Published

Updated

By Charitha Adikari
Source: SBS Malayalam

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
මේ ඕස්ට්‍රේලියා දිනයේදී ඔබත් පුරවැසිභාවය ලබනවාද ? මේ ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් වීමේ වාසි (SBS සිංහල / වාර්තා) | SBS Sinhala