Breaking : ලංකාවේ ප්‍රහාරයට ඔස්ට්‍රේලියනුවන් හසුවූවා දැයි සොයන්න ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගනී.

Two Australians killed in Sri Lanka terror attacks: PM

Source: AAP

ශ්‍රී ලංකා වේලාවෙන් අද (21/04) පෙරවරුවේ ස්ථාන 6 ක ඇතිවූ බෝම්බ පිපිරීම් සිද්ධි හේතුවෙන් මිය ගිය විදේශිකයින් අතර ඔස්ට්‍රේලියානුවන් සිටිනවාදැයි යන්න සොයාබැලීමට ශ්‍රී ලංකා බලධාරීන් සමග මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

අද පෙරවරුවේ ශ්‍රී ලංකාවේ කොළඹ කොච්චි කඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, කොළඹ ශැන්ගිලා හෝටලය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ කොළඹ කින්ග්ස්බරි හෝටලය යන ස්ථාන හයෙහි මෙම පිපිරීම් සිදුව ඇත.

එම පිපිරීම් වලින් මේ වන විට 141 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 500 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

කොළඹ හෝටල් තුනෙහි ඇතිවූ පිපිරීම් වලින් විදේශිකයින් 9 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් විදේශිකයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

පිපිරීම් වලින් ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූ පිරිස් වෙත ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් සහ විපක්ෂ නායක බිල් ශෝටන් සිය ශෝකය පළ කර සිටිති.

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now