SKIP TO MAIN CONTENT

සති අන්තයේදී ක්වීන්ස්ලන්තයේ ලැව් ගිනි අයහපත් අතට හැරෙන බවට අනතුරු ඇඟවෙද්දී බටහිර ඕස්ට්‍රේලියා ප්‍රන්තයටත් ලැව්ගිනි අවදානමක්

Bushfire
Source: AAP

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ක්වීන්ස්ලන්තයේ ලැව් ගිනි තත්වය මේ සති අන්තය වන විට යළිත් අයහපත් අතට හැරෙනු ඇතැයි ගිනි නිවන අංශ අනාවැකි පලකොට සිටී. මේ වන විට ප්‍රාන්තය පුරා ලැව් ගිනි 70 කට වැඩි ප්‍රමාණයක් දැවෙමින් පවතී. ප්‍රාන්තය පුරා හමා යන වියලි සුළං ධාරා හේතුවෙන් හෙට වන විට තත්වය තවත් තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගෝල්ඩ් කෝස්ට් හි බටහිර දෙසින් සහ මධ්‍යම ක්වීන්ස්ලන්තයේ යෙප්පූන් ප්‍රදේශය ආශ්‍රිතව ඇතිව තිබෙන දරුණු ලැව්ගිනි තත්වය තවදුරටත් එලෙසින්ම විනාශකාරී මට්ටමක් සහිතව තිබෙන බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකොට ඇතැයිද වාර්තා වේ.

නිල අනතුරු ඇඟවීම්වලට අවනත වන ලෙස ගිනි නිවීමේ සහකාර කොමසාරිස් කෙවින් වොල්ෂ් ජනතාවගෙන් ඉල්ලා සිටි.

මේ අතර බටහිර ඕස්ට්‍රේලියා ප්‍රන්තයටද ලැව්ගිනි අවදානම ඇතිවෙමින් පවතින බව වාර්තා වේ. මේ වන විටත් ග්‍රේටර් ජෙරල්ටන් ප්‍රදේශයට ලැව්ගිනි අනතුරු ඇඟවීම් නිකුත්කොට ඇත.

ඉතා භයානක ඛාණ්ඩය යටතට මෙය දැනටමත් යටත්කොට ඇති අතර එම ප්‍රදේශයේ නිවැසියන් හට ඉවත්ව යාමට හෝ තම නිවෙස් ආරක්ෂා කිරීමට සූදානම් වන ගිනි නිවන අංශ විසින් දැනුම්දීම් සිදුකොට තිබේ.

මේ අතර , ඕස්ට්‍රේලියාව පුරා සිටින හිටපු ගිනි නිවීමේ අංශ ප්‍රධානින් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ක්ෂණික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට නැවතත් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයට බළකොට සිටී. සෑම ප්‍රාන්තයකම ගිනි හා හදිසි සේවා නායකයින් 23 දෙනෙකුගෙන් යුත් සන්ධානයක් විසින් මෙම ඉල්ලීම රජයෙන් සිදුකොට ඇත.

එම සන්ධානය පවසනුයේ ගෝලීය උණුසුම හේතුවෙන් නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්තය පුරා අසාමාන්‍ය ලෙසට ලැව්ගිනි හටගැනීම ආරම්භව ඇති අතර එය මිට කලින් සිදුකල අයුරින් පෙර මැඩ පැවැත්වීම් සිදුකිරීම දුෂ්කර වී ඇති බවයි. තවද ඔවුන් , ගල් අඟුරු, තෙල් සහ ගෑස් වැනි පොසිල ඉන්ධන ඉවත් කිරීම සඳහා රජයෙන් හදිසි සැලැස්මක් ඉල්ලා සිටී.

පාරිසරික විද්‍යාඥ යින් විසින් ශක ගණනාවක් තිස්සේ මෙවැනි විනාශකාරී ගින්නක් ගැන අනතුරු අඟවා ඇති බවද නිව් සවුත් වේල්ස්හි හිටපු ගිනි නිවීමේ කොමසාරිස් ග්‍රෙග් මුලින්ස් පවසා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now