ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි හදිසි තත්ත්ව වලදී උපකාර කිරීම සඳහා සමාජ මාධ්‍ය නිවැරදිව භාවිතා කරන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා)

Bushfire

Source: AAP

ඔස්ට්‍රේලියාවේ  නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල ලැව් ගිනි පැතිරීම බරපතල ලෙස ඉහළ ගොස් ඇති බව මේ වන විටත් වාර්තා වී තිබේ.

එම දරුණු ලැව් ගිනි හේතුවෙන් ජීවිත මෙන්ම දේපළ හානිද සිදුවී ඇති බව සඳහන්.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය ගිනි නිවන සේවා සහ අනෙකුත් හදිසි සේවා ලැව් ගිනි තත්ත්ව මෙන්ම හදිසි තත්ත්ව යටතේ ගත යුතු ආරක්ෂක පියවර සම්බන්ධයෙන් නවතම තොරතුරු  සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම අනෙකුත් නාලිකා ඔස්සේ ද මේ වන විට ලබා දෙමින් සිටී.

ඔබ ලැව් ගිනි අවදානම් කලාපයක සිටී නම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔබේ ආරක්ෂාවට තොරතුරු ලබා ගැනීමට හැකි හොඳම ක්‍රම පිළිබඳ මෙම ලිපියෙන් දැනුවත් කෙරේ.

ඔබ ලැව් ගිනි අවදානම් කලාපයක නොසිටී නම් එම අවදානම ඇති පුද්ගලයින්ට ඔබට මෙම තොරතුරු ලබා දිය හැකිය.

Bushfire
Source: AAP

ඔබේ ප්‍රදේශයේ ලැව් ගිනි සම්බන්ධ තොරතුරු දැනගැනීමට එක් මාධ්‍යක් මත පමණක් නොයැපෙන්න

ලැව් ගිනි ඇතිවන සමයේ ඔබේ ප්‍රදේශයේ නවතම තත්ත්වය පිළිබඳ නිරතුරුවම යාවත්කාලීනව සිටීම ඉතා වැදගත්ය.

හදිසි තත්ත්වයක් යටතේ ඔබගේ විදුලිය හෝ දුරකතන සම්බන්ධතා ඇනහිටීමට වුවද හැකිය.

එනිසාම විවිධ ක්‍රම හරහා ඔබගේ  ප්‍රදේශයේ නවතම තත්ත්වය පිළිබඳ තොරතුරු ඔබ දැනගත යුතුය.

Bushfire
Source: Pixabay

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය ගිනි නිවන සේවාව විසින් ලැව් ගිනි සම්බන්ධ තොරතුරු ලබා දීමට නොමිලයේ  smartphone app එකක් ක්‍රියාත්මක කරයි.

Fires Near Me නමින් හැඳින්වෙන එම App එක කල්තියාම ඔබගේ ජංගම දුරකතනයට බාගත කරගත හැකිය.

එමෙන්ම Facebook, Twitter සහ තම නිල වෙබ් අඩවිය වන NSW RFS වෙබ් අඩවියේද ලැව් ගිනි සම්බන්ධ නවතම තත්ත්වය පිළිබඳ නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය ගිනි නිවන සේවාව විසින් තොරතුරු යාවත්කාලීන කරනු ලබයි.

ඊට අමතරව 1800 NSW RFS (1800 679 737) යන දුරකතන අංකයෙන් ද ඔබට ලැව් ගිනි සම්බන්ධ නවතම තත්ත්වය පිළිබඳ දැනගත හැකිය.

bushfire queensland
Source: AAP

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ලැව් ගිනි සම්බන්ධ නවතම තත්ත්වය පිළිබඳ තම Facebook සහ Twitter  ගිණුම් වලද තම Queensland Fire and Emergency Services (QFES) වෙබ් අඩවියේද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගිනි නිවන හා හදිසි සේවා තොරතුරු වාර්තා කරයි.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි තත්ත්ව වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වලින් වුවද අනෙකුත් ප්‍රාන්ත වල සිටින පිරිස් පවා තම ප්‍රාන්තයේ ක්‍රියාත්මක ගිනි සහ හදිසි සේවා ආයතනයට අදාළ වෙබ් අඩවි සහ App පිළිබඳව දැනුවත්වී සිටීම ඉතා වැදගත්ය.

Bushfire
Source: Pixabay

සමාජ මාධ්‍ය ඔස්සේ ලැව් ගිනි සම්බන්ධ තොරතුරු හුවමාරු කරනවානම් මෙම නිර්දේශ අනුගමනය කරන්න

තම සේවාව නිරතුරුවම ලැව් ගිනි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල අධීක්ෂණය කරන නමුත් ලැව් ගිනි නිසා පීඩාවට පත්වූ විට සමාජ මාධ්‍ය ඔස්සේ උදව් නොඉල්ලන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය ගිනි නිවන සේවාවේ නියෝජිතයෙකු පැවසීය.

ඔබට උදව් අවශ්‍ය සැම විටම ඉක්මණින්ම 000 අමතන්න.

ලැව් ගිනි සම්බන්ධ ඡායාරූප ගෙන සමාජ මාධ්‍යට දැමීමේදී ඔබේ ජීවිතය අනතුරේ හෙළා අවදානම් කලාප වෙත නොයන්න.

සෑම විටම තමන්ගේ ආරක්ෂාව පිළිබඳ පළමුවෙන්ම සිතන්න.

ඔබ ලැව් ගිනි පිළිබඳ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරනවානම්  #NSWRFS හෝ #NSWfires යනුවෙන් tag කිරීම ඉතා වැදගත්ය.

අදාළ ඡායාරූපයේ ස්ථානය, දිනය සහ වේලාව ද හැකිනම් දැනුවත් කරන්න.

අසත්‍ය තොරතුරු කිසි විටෙකත් හුවමාරු නොකිරීමට වග බලාගන්න.

Bushfire
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne

Source: The Feed



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now