ඔස්ට්‍ර්ලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දරුණු ලැව්ගිනි : සතියක හදිසි කාලයක් ප්‍රකාශයට පත්කෙරේ : දුමාරය නවසීලන්තය දක්වා පැතිරෙයි

ඔස්ට්‍ර්ලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දරුණු ලැව්ගිනි : සතියක හදිසි කාලයක් ප්‍රකාශයට පත්කෙරේ : දුමාරය නවසීලන්තය දක්වා පැතිරෙයි

NSW bush fire

NSW bush fire Source: SBS Sinhala

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පෙර නොවූ විරූ අයුරින් හටගෙන ඇති වියළි, ​​උණුසුම් කාලගුණ තත්වයන් දිගින් දිගටම උග්‍ර වන තත්වයක් පවතින හෙයින් ප්‍රාන්තය පුරා සතියක කාලයක් හදිසි අවස්ථාවක්  ප්‍රකාශයට පත් කර තිබේ.

Greater Sydney, Greater Hunter සහ ඉලවරා ප්‍රදේශ "විනාශකාරී ගිනි අවදානම් " සහිත ප්‍රදේශ ලෙසට තක්සේරු කොට ඇති අතර උපරිම අවධානම් කලාපයක් ලෙසට නම්කොට තිබේ.

සෙල්සියස් අංශක 30 ට වැඩි උෂ්ණත්වයක් දිගින් දිගටම පැවතීම, අඩු ආර්ද්‍රතාවය සහ පැයට කිලෝමීටර් 80 ක් දක්වා සුළං ඇතිවීම පිළිබඳව සැලකිලිමත් වන ලෙසට ගිනි නිවන අංශ සඳහන් කරයි.

මේවන විට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ලැව්ගිනි 50 කට අධික සංක්‍යාවක් හටගෙන ඇති අතර ඉන් නිකුත්වන දුමාරය හේතුවෙන් සිඩ්නි නගර ආශ්‍රිත කලාපය ධූම සහිත වාතයෙන් පිරි ඇති බවද එම තත්වය නවසීලන්තය දක්වාද පැතිර යමින් තිබෙන බව වාර්තා වේ.

සඳුදා සවස සිට ප්‍රාන්තයේ උතුරු මධ්‍යම වෙරල කලාපයේ ලැව්ගිනි හේතුවෙන් හටගනුණු දුමාරය හේතුවෙන් සිඩ්නි සහ හන්ටර් ප්‍රදේශවල ජනතාවට අයහපත් වායු අග්‍රහණය සිදුවිය හැකි බැවින් ඊට අවශ්‍ය පුර්ව ක්‍රියාමාර්ග ගන්න ලෙසට හදිසි සේවා අංශ මහජනතාවට දැනුම් දී සිටී.

Central Coast, the Blue Mountains සහ Sutherland Shire යන ප්‍රදේශවල ඇතැම් පාසල් සහ කාර්යාල වසදමිමටද පියවර ගෙන තිබේ.

අනතුරුදායක ප්‍රදේශවල සිටින ජනයාට ආරක්‍ෂිත ප්‍රදේශ කරා මාරුවීම වඩා යහපත් බව නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවාවෙහි කොමසාරිස් ෂේන් ෆිට්සිමන්ස් පවසා සිටී.

NSW Catastrophic Fire Danger map still
NSW Catastrophic Fire Danger map still Source: SBS Sinhala

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now