ආගම් අදහන පුද්ගලයින් ඔස්ට්‍රේලියාව තුළ නිතරම වෙනස්කම් වලට ලක්වන බව හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා)

discrimination

Source: Flickr

ආගමික පුද්ගලයින් ඔස්ට්‍රේලියාව තුළ වෙනස්කම් වලට (discrimination වලට) ලක්වන බවට ඔස්ට්‍රේලියානුවාසීන් දැඩිව විශ්වාස කරන බව වාර්තා වේ.


SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඔස්ට්‍රේලියානුවාසීන් ආගම් අදහන සහ ආගමික පුද්ගලයින් පිළිබඳ සිතන ආකාරය සම්බන්ධව සැබෑවටම සිතන්නේ කෙසේද යන්න ABC රූපවාහිනිය සිදුකළ Australia Talks ජාතික සමීක්ෂණයේදී හෙළිවී තිබේ.

discrimination
Source: Pixabay

ආගම් අදහන පුද්ගලයින් discrimination වලට ලක්වීම

ආගම් අදහන සහ ආගමික පුද්ගලයින් හට ඇතැම්විට හෝ නිතරම හෝ ඔස්ට්‍රේලියාව තුළ වෙනස්කම් වලට මුහුණ දීමට සිදුවන බව Australia Talks ජාතික සමීක්ෂණයේදී  71% ක් පවසා ඇත.

ඔස්ට්‍රේලියාවේ ආගමක් නොඅදහන පුද්ගලයින් බහුතරයක් වාර්තා වී තිබියදීත් ආගමික පුද්ගලයින් හට ඔස්ට්‍රේලියාව තුළ වෙනස්කම් වලට මුහුණ දීමට සිදුවීම බරපතල තත්ත්වයක් ලෙස වාර්තා වේ.

ආගම් අදහන සහ ආගමික පුද්ගලයින් හට ඇතැම්විට හෝ නිතරම හෝ ඔස්ට්‍රේලියාව තුළ වෙනස්කම් වලට මුහුණ දීමට සිදුවන බව සමීක්ෂණයට සහභාගී වූ ආගමක් නොඅදහන පුද්ගලයින්ගෙන් 68% ක්ද කතෝලික පිරිසෙන් 74% ක්ද ප්‍රොතෙස්තන්ත පිරිසෙන් 72% ක්ද සහ වෙනත් ආගම් අදහන පිරිසෙන් 74% ක්ද පවසා තිබුණි.

discrimination
Source: Pixabay

ආගමික මතවාද තමන් සතුවම තබා ගැනීම

තමන්ගේ ආගමික මතවාද සහ ඇදහීම් තමන් සතුවම තබා ගත යුතු බව 60% ක පමණ ඔස්ට්‍රේලියානුවාසීන් පවසා තිබේ.

ඒ හරහා ආගම මූලික කරගෙන සමාජයේ ඇතිවන ප්‍රශ්න අවම වන බව බොහෝ දෙනා සිතන බවද සඳහන්.

එලෙස ආගමික මතවාද තමන් සතුවම තබා ගැනීම ඉතා වැදගත් බව ආගමක් නොඅදහන පිරිසෙන් 73% ක් පවසා ඇති අතර කතෝලිකයින්ගෙන් 53% ක් පවසා ඇත.

නමුත් ප්‍රොතෙස්තන්ත ආගමිකවාදීන් එම මතයට එතරම් කැමති නැති බවද මෙම සමීක්ෂණයේදී පෙනී ගොස් තිබේ.

ආගමික මතවාද තමන් සතුවම තබා ගැනීම වැදගත් බව සිතනුයේ ප්‍රොතෙස්තන්ත ආගම අදහන පිරිසෙන් 39% කි.

discrimination
Source: Pixabay

2016 සංගණනයට අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ආගම්

2016 වසරේදී පැවැත්වූ ඔස්ට්‍රේලියාවේ අවසන් ජන සංගණනයට අනුව වැඩිම පිරිසක් වාර්තා වුයේ ආගමක් නොඅදහන ලෙසය.

එම ප්‍රතිශතය 30.1% කි.

කතෝලිකයින් 22.6% ක් එහිදී වාර්තා වූ අතර ඇන්ග්ලිකන් වරුන් 13.3% ක් වාර්තා විය.

ඊට අමතරව ඉස්ලාම් ආගම අදහන පුද්ගලයින් 2.6% ක් වාර්තා වූ අතර 2.4% ක් බෞද්ධයින් බවද සඳහන් විය.

හින්දු භක්තිකයින් ගේ ප්‍රතිශතය 1.9% ක් ලෙස 2016 සංගණනයේදී ප්‍රකාශ වූ අතර යුදෙව් ආගමිකයින් 0.4% ක් ලෙස වාර්තා විය.

discrimination
Source: SBS Sinhala

2 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now