වික්ටෝරියානු ප්‍රාන්තයේ Speeding සහ Red lights කැමරා ඩිජිටල් වෙයි, දඩ මුදල් ආදායම ඩොලර් මිලියන ගණනකින් ඉහළට (SBS සිංහල/ වාර්තා)

Road Safety Cameras

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග ආරක්‍ෂිත කැමරා (road safety cameras) ඩිජිටල්කරණය කිරීම නිසා ඒවායින් ලැබෙන දඩ මුදල් ආදායම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මේ අනුව පෙරට වඩා ඩොලර් මිලියන ගණනක වැඩිපුර දඩ මුදල් ප්‍රමාණයක් අය කරගැනීමට Fines in Victoria ආයතනයට හැකියාව ලැබී ඇතැයි සඳහන්.

Road Safety Cameras
Source: Getty Images

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග ආරක්‍ෂිත කැමරා ඩිජිටල්කරණයට

වික්ටෝරියා ප්‍රාන්තයේ වේග සීමා සහ red lights කැමරා යන මාදිලි ද්විත්වයේම කැමරා නවීන තාක්ෂණයට අනුකූලව යාවත්කාලීන කිරීමට Fines in Victoria ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව මාර්ග ආරක්‍ෂිත කැමරා කොමසාරිස් ගේ වික්ටෝරියා කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්ෂික වාර්තාවේ මෙම දඩ මුදල් ආදයම සම්බන්ධ තොරතුරු හෙළිකර ඇතැයි ABC පුවත් සේවය පවසයි.

Clayton, Coburg, St Kilda East සහ East Brighton ඇතුළු මෙල්බර්න් කලාපයේ මෙන්ම Geelong කලාපයේ ද මංසන්ධි 10 ක පිහිටි මාර්ග ආරක්‍ෂිත කැමරා සඳහා මෙම නවීකරණය පළමුවෙන්ම සිදුකළ බවද එම වාර්තා වේ දැක්වෙයි.

ඒ අනුව එම ස්ථාන 10 සවිකළ නව ඩිජිටල් කැමරා වලින් පමණක් 2017-18 වසරේ ඉහළ ගිය ආදායම ඩොලර් මිලියන 12.5 ක් පමණ වන බවද එම වාර්තාව පවසයි.

2015-16 වසරරේදී එම ස්ථාන දහයේ තිබූ පැරණි මාදිලියේ කැමරා වලින් දඩ පත්‍ර 660 ක් පමණක් නිකුත් කර ඇති අතර $250,000 අධික දඩ මුදල් ආදායමක් පමණක් ලැබූ බව මාර්ග ආරක්‍ෂිත කැමරා කොමසාරිස් John Voyage සිය වාර්ෂික වාර්තාවේ සටහන් කර ඇත.

නමුත් ඒවා ඩිජිටල්කරණය කළ පසු නිකුත් කළ දඩ පත්‍ර ප්‍රමාණය 51,000 දක්වා ඉහළ ගිය බවත් දඩ මුදල් ආදායම ඩොලර් මිලියන 12.65 දක්වා දැවැන්ත ලෙස වර්ධනය වූ බවත් ඔහු පවසයි.

dangerous driving
dangerous driving Source: AAP

ප්‍රමුඛ දඩ මුදල් ආදායම් සපයන මෙල්බර්න් ඩිජිටල් කැමරා

මෙල්බර්න් කලාපයේ අධිකවම දඩ මුදල් ආදායමක් ලබා දෙන ඩිජිටල් මාර්ග ආරක්‍ෂිත කැමරා පිහිට ඇත්තේ Clayton ප්‍රදේශයේ North සහ Clayton මාර්ග අතර ඇති මංසන්ධියේ පිහිටි කැමරා වලිනි.

2017-18 වසරේ එහි ආදායම ඩොලර් මිලියන 4.1 කි.

නමුත් පැරණි කැමරා යටතේ 2015-16 වසරේදී එහි ලැබූ දඩ මුදල් ආදායම $9,854 කි.

St Kilda East ප්‍රදේශයේ Brighton සහ Glen Eira මාර්ග අතර පිහිටි මංසන්ධියේ පිහිටි කැමරා වලින් මෙහි දෙවැනි විශාලතම ආදායම හිමිව තිබේ.

2015-16 දී $35,626 කව පැවති එහි දඩ මුදල් ආදායම 2017-18 වසරේදී ඩොලර් මිලියන 3.2 දක්වා ඉහළ ගොස් තිබේ.

තුන්වන විශාලතම දඩ මුදල් ආදායම ලැබී ඇත්තේ Strathmore හි Pascoe Vale මාර්ගය සහ Peck Avenue අතර මංසන්ධියේ පිහිටි කැමරා වලිනි.

2015-16 දී එහි ආදායම $8,338 ක් වූ අතර 2017-18 වසරේදී එය $1,361,499 දක්වා ඉහළ නාග තිබේ.

Road Safety Cameras
Source: AAP

ඩිජිටල්කරණය කළ ප්‍රධාන කැමරා වල දඩ මුදල් ආදායම

Road Safety Camera
Source: ABC Australia
Road Safety Camera
Source: SBS Sinhala

 

 

 


3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now