ඔස්ට්‍රේලියාවේ පළමු නිවාසය මිලට ගන්නන් සඳහා සහන සපයන first home loan deposit වැඩසටහනට සුදුසුකම් ලැබීම සඳහා නිවසක් මිලට ගත යුතු කලාප පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉඟි ලබා දී තිබේ.
සිඩ්නි, මෙල්බර්න් වැනි ප්‍රධාන නාගරික කලාප වලින් බැහැරව පිහිටි ප්‍රදේශ වල නිවසක් මිලට ගැනීමේදී මෙම first home loan deposit වැඩසටහන හරහා සහන සැපයෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
පසුගිය සතියේදී මේ පිළිබඳ නවතම තොරතුරු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඉදිරිපත් කරන ලදී.

First home loan deposit වැඩසටහනට සුදුසුකම් ලැබීම
First home loan deposit වැඩසටහනේ පළමු අදියර සඳහා අයදුම්කරුවන් 10,000 ක් තෝරාගන්නා බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවසූ බව ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය වාර්තා කරයි.
එමෙන්ම first home loan deposit වැඩසටහනට සුදුසුකම් ලැබීම සඳහා ඒ ඒ ප්‍රාන්තයට අදාළ නිවාස වල මිල සීමාවන් ද (price caps) ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කර තිබේ.
මෙම වැඩසටහන ලබන වසරේ ජනවාරි සිට ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.
First home loan deposit වැඩසටහනට සුදුසුකම් ලබන පුද්ගලයින්ට හිමිවන ප්‍රතිලාභ පහත පරිදි වේ.
- ඔබ මිලට ගැනීමට අපේක්ෂිත නිවාසයේ මිලෙන් 5% ක මුදලක් ඔබ ඉතිරි කර ඇති බවට පෙන්විය යුතුය
- සෙසු 15% ක අත්තිකාරම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඇප වෙයි
- නිවාස ණය සඳහා වූ lenders mortgage insurance වාරික හෙවත් LMI ගෙවීමට අවශ්‍ය නොවේ
එමෙන්ම first home loan deposit වැඩසටහනට සුදුසුකම් ලැබීමට නම් පහත සඳහන් කොන්දේසි ඔබ විසින් සැපිරිය යුතුය.
- ඔබ මිලට ගන්නා නිවසේ ඔබම පදිංචි විය යුතුය
- එක් පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම $125,000 හෝ ඊට වැඩි විය යුතුය
- යුවළකගේ වාර්ෂික ආදායම $200,000 හෝ ඊට වැඩි විය යුතුය

First home loan deposit වැඩසටහනට සුදුසුකම් ලැබීම සඳහා ඒ ඒ ප්‍රාන්තයට අදාළ නිවාස වල මිල සීමාවන්

First home loan deposit නිවාස මිල සීමාවන්ට යටත්ව නිවසක් ගැනීමට සුදුසු උප නගර
First home loan deposit වැඩසටහනට සුදුසුකම් ලැබීම සඳහා ඒ ඒ ප්‍රාන්තයට අදාළ නිවාස වල මිල සීමාවන් (price caps) ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉහත සඳහන් අයුරින් නිවේදනය කර තිබේ.
ඒ අනුව එම මිල සීමාවන්ට යටත්ව අදාළ ප්‍රාන්ත වල නිවසක් මිලට ගැනීමට සුදුසුම උප නගර පිළිබඳ Domain වෙබ් අඩවිය පහත සඳහන් නගර යෝජනා කර තිබේ.



