ජීවිතයේ සෑම දෙයක් පිළිබඳවම කාන්තාවන් පිරිමින්ට වඩා වදවෙන බව ඔස්ට්‍රේලියාවේ සමීක්ෂණයකින්ම ඔප්පු වේ (SBS සිංහල/ වාර්තා)

Women worry more than men about (almost) everything.

Source: Pixabay

ජීවිතයේ සෑම දෙයක් පිළිබඳවම කාන්තාවන් පිරිමින්ට වඩා වද වෙන බවට ප්‍රසිද්ධ කියමනක් තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඔස්ට්‍රේලියාවේ මෙය සැබෑවක් බව නවතම අධ්‍යනයකදී සනාථ වී ඇත.

Workplace
Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ පිරිමින්ට වඩා කාන්තාවන් වැඩිපුර වදවෙයි

ජීවිතයේ සෑම දෙයක් පිළිබඳවම ඔස්ට්‍රේලියාවේ පිරිමින්ට වඩා කාන්තාවන් වැඩිපුර වදවෙන බව ABC පුවත් වෙබ් අඩවිය සිදුකළ "Australia Talks" ජාතික සමීක්ෂණයේදී හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියාව පුරාම සිටින පුද්ගලයින් 50,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී කරගනිමින් මේ සමීක්ෂණය සිදු කර ඇත.

එහිදී දුප්පත්කම, විරැකියාව, වර්ණවාදය, ආර්ථිකය, ජාත්‍යන්තර සබඳතා සහ පරිසරය වැනි දේ පිළිබඳ කාන්තාවන්, පිරිමින්ට වඩා වදවෙන බව හෙළිවී තිබේ.

මේ සමීක්ෂණය සඳහා විවිධ පැතිකඩයන් නියෝජනය වන ගැටළු 26 ක් ඉදිරිපත් කර තිබේ.

එහිදී ගැටළු 26 න් 25 කදීම පිරිමින්ට වඩා කාන්තාවන් වදවන බව අනාවරණය වී ඇත.

නමුත් එක් ගැටළුවකදී පමණක් කාන්තාවන්ට වඩා ඔස්ට්‍රේලියාවේ පිරිමින් වදවන බව හෙළිවිය.

"සාම්ප්‍රදායික වටිනාකම් නැතිවී යාම" යනු එම ගැටළුව වූ අතර ඒ පිළිබඳව පිරිමින් 64% ක ප්‍රතිශතයක් සැලකිලිමත් වී ඇති අතර කාන්තාවන් සැලකිලිමත් වී ඇත්තේ 58% කි.

Women worry more than men about (almost) everything.
Source: Pixabay

ඔස්ට්‍රේලියානු කාන්තාවන් වැඩිපුරම වදවන ගැටළු

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් වැඩිපුරම වදවන ගැටළු ලෙස පහත ගැටළු එම සමීක්ෂණයේදී හෙළිවී තිබේ.

  • ජලය
  • ගෙදරදොර ණය
  • ජීවන වියදම
  • මත්ද්‍රව්‍ය සහ මත්පැන් නිසා සිදුවන අපයෝජනය
  • දුප්පත්කම
  • පරිසරය
  • වියපත් ජනගහනය

ඔස්ට්‍රේලියාවේ පිරිමින් අඩුවෙන්ම වදවන ගැටළුව ලෙස "ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවය" එම සමීක්ෂණයේදී හෙළිවී තිබේ.

කාන්තාවන්ගෙන් 72% ක් ඒ පිළිබඳ සැලකිලිමත් වී ඇති අතර පිරිමින්ගෙන් ඒ පිළිබඳව සැලකිලිමත් වී ඇත්තේ 42% කි.

Women worry more than men about (almost) everything.
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now