ජීවිතයේ සෑම දෙයක් පිළිබඳවම කාන්තාවන් පිරිමින්ට වඩා වද වෙන බවට ප්‍රසිද්ධ කියමනක් තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ මෙය සැබෑවක් බව නවතම අධ්‍යනයකදී සනාථ වී ඇත.

Source: Pixabay
ඔස්ට්‍රේලියාවේ පිරිමින්ට වඩා කාන්තාවන් වැඩිපුර වදවෙයි
ජීවිතයේ සෑම දෙයක් පිළිබඳවම ඔස්ට්‍රේලියාවේ පිරිමින්ට වඩා කාන්තාවන් වැඩිපුර වදවෙන බව ABC පුවත් වෙබ් අඩවිය සිදුකළ "Australia Talks" ජාතික සමීක්ෂණයේදී හෙළිවී තිබේ.
ඔස්ට්‍රේලියාව පුරාම සිටින පුද්ගලයින් 50,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී කරගනිමින් මේ සමීක්ෂණය සිදු කර ඇත.
එහිදී දුප්පත්කම, විරැකියාව, වර්ණවාදය, ආර්ථිකය, ජාත්‍යන්තර සබඳතා සහ පරිසරය වැනි දේ පිළිබඳ කාන්තාවන්, පිරිමින්ට වඩා වදවෙන බව හෙළිවී තිබේ.
මේ සමීක්ෂණය සඳහා විවිධ පැතිකඩයන් නියෝජනය වන ගැටළු 26 ක් ඉදිරිපත් කර තිබේ.
එහිදී ගැටළු 26 න් 25 කදීම පිරිමින්ට වඩා කාන්තාවන් වදවන බව අනාවරණය වී ඇත.
නමුත් එක් ගැටළුවකදී පමණක් කාන්තාවන්ට වඩා ඔස්ට්‍රේලියාවේ පිරිමින් වදවන බව හෙළිවිය.
"සාම්ප්‍රදායික වටිනාකම් නැතිවී යාම" යනු එම ගැටළුව වූ අතර ඒ පිළිබඳව පිරිමින් 64% ක ප්‍රතිශතයක් සැලකිලිමත් වී ඇති අතර කාන්තාවන් සැලකිලිමත් වී ඇත්තේ 58% කි.

Source: Pixabay
ඔස්ට්‍රේලියානු කාන්තාවන් වැඩිපුරම වදවන ගැටළු
ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් වැඩිපුරම වදවන ගැටළු ලෙස පහත ගැටළු එම සමීක්ෂණයේදී හෙළිවී තිබේ.
- ජලය
- ගෙදරදොර ණය
- ජීවන වියදම
- මත්ද්‍රව්‍ය සහ මත්පැන් නිසා සිදුවන අපයෝජනය
- දුප්පත්කම
- පරිසරය
- වියපත් ජනගහනය
ඔස්ට්‍රේලියාවේ පිරිමින් අඩුවෙන්ම වදවන ගැටළුව ලෙස "ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවය" එම සමීක්ෂණයේදී හෙළිවී තිබේ.
කාන්තාවන්ගෙන් 72% ක් ඒ පිළිබඳ සැලකිලිමත් වී ඇති අතර පිරිමින්ගෙන් ඒ පිළිබඳව සැලකිලිමත් වී ඇත්තේ 42% කි.

Source: SBS Sinhala
Read & Watch More

ඔස්ට්‍රේලියාවේ දුම්පානය පිළිබඳ ලැබුණු නවතම හෙළිදරව්ව මෙන්න (SBS සිංහල/ වාර්තා)