ඔස්ට්‍රේලියාවේ දුම්පානය පිළිබඳ ලැබුණු නවතම හෙළිදරව්ව මෙන්න (SBS සිංහල/ වාර්තා)

smoking

Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ දුම් පානය කිරීම නිසා සෑම පුද්ගලයින් 8 දෙනෙකුගෙන්ම එක් අයෙකු මරණයට පත්වන බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

2015 දී ලැබුණු දත්ත මත එම අගය සටහන් වන නමුත් 2019 වන විට මෙය තවත් වැඩිවී ඇතැයි අනුමාන කළ හැකිය.
https://www.sbs.com.au/news/australia-s-disadvantaged-more-likely-to-die-from-smoking-related-diseases
Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ දුම්පානය

මරණය වළක්වාගත හැකි රෝග අතරින් ප්‍රමුඛතම රෝගයක් ලෙස දුම්පානය ආශ්‍රිත රෝගී තත්ත්ව හඳුනාගෙන තිබේ.

2015 වසර වන විට ඔස්ට්‍රේලියාවේ දුම්පානය නිසා මිය ගිය ප්‍රතිශතය 9.3% ක් විය.

එයින් 43% ක් වැනි බහුතරයක් පිළිකා ආශ්‍රිතව මියගොස් ඇති අතර 30% ක් පමණ අනෙකුත් පෙනහළු රෝග නිසා මියගොස් ඇත.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ දුම්බීම නිසා වැඩිපුරම හානියට පත්ව ඇත්තේ Northern Territory බව සෞඛ්‍ය හා සුබසාධනය පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනය සිදුකළ නවතම අධ්‍යනයක් පෙන්වා දෙයි.

මේ අතර ශීසා දුම්පානය කිරීම මේ වන විට ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර අතර මෙන්ම මැදපෙරදිග සම්භවයක් සහිත සංක්‍රමණිකයින් අතර වඩාත් ජනප්‍රිය වී ඇති බවද එම ආයතනය පවසයි.

බොහෝ අය සිතා සිටින්නේ ශීසා දුම්පානය දුම්වැටි වලට මෙන් විශාල හානියක් නොකරන බවය.

නමුත් මිනිත්තු 45 ක ශීසා දුම්පාන කාලයකදී පානය කරන දුම සිගරට් 100 ක දුමට සමාන බව නිව් සවුත් වේල්ස් බහුසංස්කෘතික සෞඛ්‍ය සංවිධානයේ ලීසා වුඩ්ලන්ඩ් පවසයි.

එමෙන්ම ඊ-සිගරට් පිළිබඳවද සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.

දුම්පානය නවතන විට ඊ-සිගරට් ද නැවැත්විය යුතු බව පිළිකා සභාවේ ප්‍රධාන විධායක නිලධාරිනී Sanchia Aranda පවසයි.
smoking
Source: Pixabay

දුම්පානයෙන් ඉවත් වීම

දුම්පානය නතර කිරීමට සහ ජනතාව ඉන් ඉවත් කිරීමට ඒ පිළිබඳ දැනුවත් කරන තවත් අමතර අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහන් දියත් කළ යුතු බව සෞඛ්‍ය සංවිධාන යෝජනා කරයි.

මේ අතර දුම්පානය නතර කිරීමට දැනට ක්‍රියාත්මක ජාතික අධ්‍යාපන වැඩසටහනට අමතර ඩොලර් මිලියන 5 ක් සැපයීමට ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු යොදා තිබේ.

නමුත් මේ සඳහා තවත් ප්‍රතිලාබ ලැබිය යුතු බව සෞඛ්‍ය බලධාරීන්ගේ මතය වේ.

ඒ හරහා මෙය ඉංග්‍රීසි නොවන අනෙකුත් භාෂා වලටද පරිවර්තනය කරමින් සෘජුවම අදාළ සංක්‍රමණිකයින්ව ආමන්ත්‍රණය කිරීමට හැකිවනු ඇතැයි නිව් සවුත් වේල්ස් බහුසංස්කෘතික සෞඛ්‍ය සංවිධානයේ ලීසා වුඩ්ලන්ඩ් පවසයි.

ඔබට දුම්පානය නතර කිරීමට යම් සහයක් අවශ්‍යනම් ඒ සඳහා 13 7848 යන දුරකතන අංකයෙන් Quitline  ඇමතිය හැකිය.
smoking
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service