මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් මගීන්ට මාස 18 ක් යනතුරු විඳීමට සිදුවන අලුත්ම කරදරය මෙන්න (SBS සිංහල/ වාර්තා)

Melbourne Airport

Source: AAP

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ භාවිතා කරන ගුවන් මගීන්ට මාස 18 ක් යනතුරු යම් යම් බාධා වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි මෙල්බර්න් ගුවන් තොටුපොළ බලධාරීහු දැනුම් දෙති.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ජාත්‍යන්තර ගුවන් මගී පර්යන්තය අළුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කිරීමත් සමග මෙම බාධා හටගනු ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

یک فرودگاه در استرالیا
Source: AAP

ජාත්‍යන්තර ගුවන් මගී පර්යන්තය අළුත්වැඩියා කිරීම

මෙම අළුත්වැඩියා කිරීමේ කටයුත්ත මෑත කාලීනව මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිදු කෙරෙන දැවැන්තම අළුත්වැඩියා කිරීම බව වාර්තා වේ.

මෙහිදී ජාත්‍යන්තර ගුවන් මගීන් පැමිණීමේ පර්යන්තයේ (international arrivals terminal) අළුත්වැඩියා කිරීම් සිදුවන බව 7NEWS වෙබ් අඩවිය වාර්තා කරයි.

ඩොලර් මිලියන 45 ක පිරිවැයක් දරන මෙම අළුත්වැඩියා කිරීම හරහා මෙල්බර්න් ගුවන් තොටුපොළේ ජාත්‍යන්තර ගුවන් මගීන් පැමිණීමේ පර්යන්තයේ මෙතෙක් පවතින පැරණි පෙනුම ඉවත් කර නව පහසුකම් සහිත නවීන පෙනුමක් ගෙනදීමට බලධාරීහු අපේක්ෂා කරති.

මෙම අළුත්වැඩියා කිරීම සඳහා මාස 18 ක පමණ කාලයක් ගත වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර එම කාලය අතරතුර ගුවන් මගීන්ට විවිධ බාධක අත්දකින්නට සිදුවනු ඇතැයි ඔවුහු පවසති.

Melbourne airport
Source: Pixabay

නවීන අංග සහ පහසුකම්

මෙම අළුත්වැඩියා කිරීම හරහා මෙල්බර්න් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෙවැනි පර්යන්තය (ජාත්‍යන්තර ගුවන් මගීන්ගේ පර්යන්තය) සහ 3 වන පර්යන්තය (දේශීය ගුවන් පර්යන්තය) එකට යා කරන විශාල link එකක් ඉදි කෙරෙන බව වාර්තා වේ.

එමෙන්ම ජාත්‍යන්තර ගුවන් මගීන්ගේ පර්යන්තයේ ගුවන් මගීන් සඳහා අමතර ආසන ස්ථාපනය කිරීමටත් දැනට පවතින විදුලි සෝපාන නවීකරණය කිරීමටත් අපේක්ෂා කරයි.

එට අමතරව ජාත්‍යන්තර ගුවන් මගීන්ගේ පර්යන්තයට පිටතින් ඇති කුලී රථ කලාපය (outdoor taxi zone) ද නවීන මුහුණුවරකින් අළුත්වැඩියා කිරීමට මෙහිදී බලාපොරොත්තු වේ.

මේ සියල්ල හරහා මෙල්බර්න් ගුවන් තොටුපොළේ ජාත්‍යන්තර ගුවන් මගීන්ගේ පර්යන්තයට නවීන පහසුකම් සහිත අලුත් මුහුණුවරක් ලබාදීමට හැකිවනු ඇතැයි මෙල්බර්න් ගුවන් තොටුපොළ බලධාරීහු විශ්වාස කරති.

මෙල්බර්න් ගුවන් තොටුපොළ දිනෙන් දින කාර්ය බහුල වන බවත් ඊට සමගාමීව එහි පහසුකම් සහ පෙනුමද අලුත් විය යුතු බවත් මෙල්බර්න් ගුවන් තොටුපොළේ  ප්‍රධාන විධායක නිළධාරී Lyell Strambi පැවසීය.

මෙල්බර්න් යනු ලොව ප්‍රමුඛතම නගරයක් බවත් සෑම ජාත්‍යන්තර ගුවන් මගියෙකුම මෙල්බර්න් ගුවන් තොටුපොළේ ජාත්‍යන්තර ගුවන් මගීන්ගේ පර්යන්තය හරහා මෙල්බර්න් නුවරට පා තබන විට ඔවුන්ට එම සුවිශේෂී හැගීම ලබා දිය යුතු බවත් ඔහු පැවසීය.

එහිදී මෙල්බර්න් නුවරට පාතබන ප්‍රධාන දොරටුව මෙල්බර්න් ගුවන් තොටුපොළ බැවින් එය නවීකරණය කිරීම ඉතා වැදගත් බවද ඔහු පැහැදිලි කළේය.

Melbourne airport
Source: Getty Images

මෙල්බර්න් ගුවන් තොටුපොළ

මෙල්බර්න් ගුවන්තොටුපොළ වසරකට ගුවන් මගීන්ගේ ගුවන් ගමන් මිලියන 30 කට පමණ සේවා සපයන අතර ඉදිරි වසර 20 තුළ එම ප්‍රමාණය දෙගුණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

SBS පුවත් සේවය වාර්තා කරන අන්දමට 2016/17 වසරේදී මෙල්බර්න් ගුවන්තොටුපොළ ගුවන් මගීන්ගේ ගුවන් ගමන් මිලියන 35 ක් මෙහෙයවා ඇති අතර වසර 2038 වන විට එම ප්‍රමාණය මිලියන 67 ක් අනු ඇතැයි අපේක්ෂා කරයි.

එමෙන්ම දිනකට මෙල්බර්න් ගුවන් තොටුපොළේ ජාත්‍යන්තර ගුවන් මගීන්ගේ පර්යන්ත ශාලාව හරහා ගමන් කරන සංචාරකයින් 16,000 ක් පමණ වන බවත් එම ප්‍රමාණය වසරකට මිලියන 11 ඉක්මවන බවත් සඳහන්.

Melbourne airport
Source: SBS Sinhala

3 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now