ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය Airbnb, Uber, Uber Eats, Deliveroo සේවා සපයන්නන් පසුපස පැන්නීම අරඹයි (SBS සිංහල/ වාර්තා)

ATO will double check the income details from sharing economy

Source: Pixabay

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබත් Airbnb හෝ ඒ හා සමාන වෙනත් අන්තර්ජාල සේවා හරහා කෙටි කාලීනව නිවාස කුලියට දෙනු ලබන කෙනෙක්ද?


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


එසේනම් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ඔබ පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන බව දැනගැනීම ඉතා වැදගත්ය.
ATO will double check the income details from sharing economy
Source: Pixabay

Airbnb හිමියන් පසුපස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පන්නයි

තමන්ගේ tax returns හෙවත් ආදායම් බදු ප්‍රතිලාභ වලදී Airbnb හෝ ඒ හා සමාන වෙනත් අන්තර්ජාල සේවා හරහා කෙටි කාලීනව නිවාස කුලියට දීමෙන් ලබන ආදායම් පිළිබඳ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දැඩි විමසිල්ලෙන් පසුවන බව වාර්තා වේ.

එවැනි පුද්ගලයින් තම වාර්ෂික ආදායම් බදු ප්‍රතිලාභයේදී එම කුලී ආදායම් නිවැරදි ප්‍රමාණ වලින් දක්වන්නේ ද නැතිද යන්න ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දෙවරක් පරීක්ෂා කරන බව news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔබ එවැනි කුලී ආදායමක් ලබා එම ආදායම නිවැරදිව සටහන් කර නොමැතිනම් ඔබට මූලික අදියරේදී ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් අනතුරු ඇඟවීමේ ලිපියක් ලැබීමට නියමිතය.
ATO will double check the income details from sharing economy
Source: Flickr

අනතුරු ඇඟවීම

එවැනි අනතුරු ඇඟවීමේ ලිපි ඉදිරි මාස 12 ඇතුළත අදාළ පුද්ගලයින්ට ලැබීමට සලස්වන බවද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නියෝජිතයෙකු news.com.au වෙබ් අඩවියට පැවසීය.

පසුගිය මාසය මුලදී Airbnb විසින් තම සේවා සපයන නිවෙස් හිමියන් 200,000 කට පමණ දැනුවත් කිරීමේ ලිපි නිකුත් කළ බව වාර්තා වේ.

ඒ ඒ නිවෙස් හිමියන් ගේ Airbnb ආදායම් තත්ත්ව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ට දැනුම් දීමට Airbnb සමාගම කටයුතු කරන බව එම ලිපි වලින් දැනුම් දී ඇත.

ඒ අනුව 2019 ජනවාරි 01 වන දින සිට 2019 ජුනි 30 දක්වා Airbnb හරහා ලැබූ සියලු ආදායම් අදාළ නිවෙස් හිමියන් විසින් තම 2018/19 tax return එකේදී නිවැරදිව සටහන් කළ යුතු වේ.
ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් සිදුකරන විමර්ශන වලදී ඔබේ Airbnb ආදායම නිවැරදිව නොදක්වා ඇති බව හසුවූ විට ඔබට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් අනතුරු ඇඟවීමේ ලිපියක් ලැබේ.

එම ලිපි ලැබීමෙන් පසුව අදාළ පුද්ගලයින්ට තම myGov ගිණුම හරහා නිවැරදි Airbnb  ආදායම දක්වා තම 2018/19 tax return එක වෙනස් කිරීමට සිදුවේ.

එලෙස නිවැරදි Airbnb  ආදායම දක්වා තම 2018/19 tax return එක නොවැම්බර් 25 වන දිනට පෙර යාවත්කාලීන නොකළහොත් ඔබව විගණනයට ලක්වන බවද වාර්තා වේ.

එම විගණනයේදී ඔබේ ආදායම් සටහන් සාවද්‍ය බව ඔප්පු වුවහොත් ඔබට එම හිඟ බදු මුදල් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය වෙත ගෙවීමට සිදුවන අතර දඩමුදලකට යටත් වීමටද සිදුවනු ඇත.
ATO will double check the income details from sharing economy
Source: Flickr

Uber, Uber Eats සහ Deliveroo වලටත් නීති

Airbnb මෙන්ම ඔස්ට්‍රේලියාවේ Uber මෙන්ම Uber Eats සහ Deliveroo ඇතුළු ආහාර බෙදාහැරීම් ජාල සඳහා සේවය කරන පුද්ගලයින් ද අනිවාර්යෙන් වාර්ෂිකව ආදායම් බදු ගෙවිය යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කර තිබේ.

Sharing economy participants හෙවත් හවුල් ආර්ථිකයේ කොටස්කරුවන් ලෙස හැඳින්වෙන ඉහත සේවාවන් හි සේවා සපයන පුද්ගලයින් බහුතරයක් පසුගිය සමයේදී ආදායම් බදු නොගෙවා සිටීමේ වාතාවරණයක් පැවති බව වාර්තා වේ.

Sharing economy  හෙවත් හවුල් ආර්ථිකය පසුගිය කාල වකවානුව තුළ ඔස්ට්‍රේලියාවේ අතිශය ජනප්‍රිය විය.

ඒ අනුව පැමිණි Uber, Airbnb, Airtasker සහDeliveroo මෙන්ම Uber Eats ඇතුළු ආහාර බෙදාහැරීමේ සේවාවන් ඔස්ට්‍රේලියානුවාසීන්ට ආදායම් ලබා දෙන නව මාර්ග බවට පත්විය.

බොහෝ දෙනෙකු එම සේවාවන් ට පූර්ණ කාලීනව සේවය කරන අතරේම තවත් බොහෝ පිරිසක් තම පූර්ණ කාලීන රැකියා වලට අමතරව අමතර ආදායම් මාර්ගයක් ලෙස ඒවායේ නිරත් වෙයි.

කෙසේවෙතත්, මෙම හවුල් ආර්ථිකයේ සේවාවලින් ලැබෙන ආදායම් සඳහා නියමිත ආදායම් බදු බොහෝ දෙනෙකු නියමිත පරිදි ගෙවා නොමැති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
ATO will double check the income details from sharing economy
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය Airbnb, Uber, Uber Eats, Deliveroo සේවා සපයන්නන් පසුපස පැන්නීම අරඹයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala