ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබත් Airbnb හෝ ඒ හා සමාන වෙනත් අන්තර්ජාල සේවා හරහා කෙටි කාලීනව නිවාස කුලියට දෙනු ලබන කෙනෙක්ද?
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එසේනම් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ඔබ පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන බව දැනගැනීම ඉතා වැදගත්ය.

Airbnb හිමියන් පසුපස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පන්නයි
තමන්ගේ tax returns හෙවත් ආදායම් බදු ප්‍රතිලාභ වලදී Airbnb හෝ ඒ හා සමාන වෙනත් අන්තර්ජාල සේවා හරහා කෙටි කාලීනව නිවාස කුලියට දීමෙන් ලබන ආදායම් පිළිබඳ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දැඩි විමසිල්ලෙන් පසුවන බව වාර්තා වේ.
එවැනි පුද්ගලයින් තම වාර්ෂික ආදායම් බදු ප්‍රතිලාභයේදී එම කුලී ආදායම් නිවැරදි ප්‍රමාණ වලින් දක්වන්නේ ද නැතිද යන්න ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දෙවරක් පරීක්ෂා කරන බව news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.
ඔබ එවැනි කුලී ආදායමක් ලබා එම ආදායම නිවැරදිව සටහන් කර නොමැතිනම් ඔබට මූලික අදියරේදී ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් අනතුරු ඇඟවීමේ ලිපියක් ලැබීමට නියමිතය.

අනතුරු ඇඟවීම
එවැනි අනතුරු ඇඟවීමේ ලිපි ඉදිරි මාස 12 ඇතුළත අදාළ පුද්ගලයින්ට ලැබීමට සලස්වන බවද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නියෝජිතයෙකු news.com.au වෙබ් අඩවියට පැවසීය.
පසුගිය මාසය මුලදී Airbnb විසින් තම සේවා සපයන නිවෙස් හිමියන් 200,000 කට පමණ දැනුවත් කිරීමේ ලිපි නිකුත් කළ බව වාර්තා වේ.
ඒ ඒ නිවෙස් හිමියන් ගේ Airbnb ආදායම් තත්ත්ව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ට දැනුම් දීමට Airbnb සමාගම කටයුතු කරන බව එම ලිපි වලින් දැනුම් දී ඇත.
ඒ අනුව 2019 ජනවාරි 01 වන දින සිට 2019 ජුනි 30 දක්වා Airbnb හරහා ලැබූ සියලු ආදායම් අදාළ නිවෙස් හිමියන් විසින් තම 2018/19 tax return එකේදී නිවැරදිව සටහන් කළ යුතු වේ.
ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් සිදුකරන විමර්ශන වලදී ඔබේ Airbnb ආදායම නිවැරදිව නොදක්වා ඇති බව හසුවූ විට ඔබට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයෙන් අනතුරු ඇඟවීමේ ලිපියක් ලැබේ.
එම ලිපි ලැබීමෙන් පසුව අදාළ පුද්ගලයින්ට තම myGov ගිණුම හරහා නිවැරදි Airbnb ආදායම දක්වා තම 2018/19 tax return එක වෙනස් කිරීමට සිදුවේ.
එලෙස නිවැරදි Airbnb ආදායම දක්වා තම 2018/19 tax return එක නොවැම්බර් 25 වන දිනට පෙර යාවත්කාලීන නොකළහොත් ඔබව විගණනයට ලක්වන බවද වාර්තා වේ.
එම විගණනයේදී ඔබේ ආදායම් සටහන් සාවද්‍ය බව ඔප්පු වුවහොත් ඔබට එම හිඟ බදු මුදල් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය වෙත ගෙවීමට සිදුවන අතර දඩමුදලකට යටත් වීමටද සිදුවනු ඇත.

Uber, Uber Eats සහ Deliveroo වලටත් නීති
Airbnb මෙන්ම ඔස්ට්‍රේලියාවේ Uber මෙන්ම Uber Eats සහ Deliveroo ඇතුළු ආහාර බෙදාහැරීම් ජාල සඳහා සේවය කරන පුද්ගලයින් ද අනිවාර්යෙන් වාර්ෂිකව ආදායම් බදු ගෙවිය යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කර තිබේ.
Sharing economy participants හෙවත් හවුල් ආර්ථිකයේ කොටස්කරුවන් ලෙස හැඳින්වෙන ඉහත සේවාවන් හි සේවා සපයන පුද්ගලයින් බහුතරයක් පසුගිය සමයේදී ආදායම් බදු නොගෙවා සිටීමේ වාතාවරණයක් පැවති බව වාර්තා වේ.
Sharing economy හෙවත් හවුල් ආර්ථිකය පසුගිය කාල වකවානුව තුළ ඔස්ට්‍රේලියාවේ අතිශය ජනප්‍රිය විය.
ඒ අනුව පැමිණි Uber, Airbnb, Airtasker සහDeliveroo මෙන්ම Uber Eats ඇතුළු ආහාර බෙදාහැරීමේ සේවාවන් ඔස්ට්‍රේලියානුවාසීන්ට ආදායම් ලබා දෙන නව මාර්ග බවට පත්විය.
බොහෝ දෙනෙකු එම සේවාවන් ට පූර්ණ කාලීනව සේවය කරන අතරේම තවත් බොහෝ පිරිසක් තම පූර්ණ කාලීන රැකියා වලට අමතරව අමතර ආදායම් මාර්ගයක් ලෙස ඒවායේ නිරත් වෙයි.
කෙසේවෙතත්, මෙම හවුල් ආර්ථිකයේ සේවාවලින් ලැබෙන ආදායම් සඳහා නියමිත ආදායම් බදු බොහෝ දෙනෙකු නියමිත පරිදි ගෙවා නොමැති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.


