ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු, සංක්‍රමණික සේවා සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman විසින් පසුගිය සතියේ දී Global Talent - Independent වැඩසටහන දියත් කළේය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ ආගමන ක්‍රමෝපායන් වල නවතම ප්‍රධාන වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.

Global Talent - Independent වැඩසටහන
ලොව සිටින හොඳම සහ බුද්ධිමත් සේවකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ අරමුණින් Global Talent Independent වැඩසටහන ක්‍රියාත්මක වේ.
ඒ අනුව මෙම වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් හට ඉතා ඉක්මණින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි කර දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු යොදා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය David Coleman පැවසීය.
මේ වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් හට අදාළ ක්ෂේත්‍ර වල රැකියාවක යෙදෙමින් වාර්ෂිකව $149,000 ට වඩා වැඩි ආදයමක් ලැබීමට හැකි වනු ඇතැයිද එම නිවේදනයේ වැඩිදුර දැක්වෙයි.
2019/20 මුල්‍ය වර්ෂය සඳහා Global Talent Independent වැඩසටහන යටතේ 5,000 ක් දක්වා වූ කෝටාවක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් වෙන් කර ඇති බවද අමාත්‍ය David Coleman පැවසීය.

ඉලක්කගත ක්ෂේත්‍ර
Global Talent Independent වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ඉලක්ක ගත කර ඇති ක්ෂේත්‍ර කිහිපයක් පවතින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරන පරිදි එම ක්ෂේත්‍ර පහත පරිදි වේ.
- AgTech
- Space and Advanced Manufacturing
- FinTech
- Energy and Mining Technology
- MedTech
- Cyber Security
- Quantum Information, Advanced Digital, Data Science and ICT

අයදුම් කිරීම
ලොව සිටින හොඳම සහ බුද්ධිමත් සේවකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ අරමුණින් Global Talent Independent වැඩසටහන යටතේ ලොව ප්‍රධාන රටවල කිහිපයකම බඳවා ගැනීමේ නිලධාරීන් අනියුක්ත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මීට මාස කිහිපයකට පෙර කටයුතු කළේය.
ඒ අනුව එම බඳවා ගැනීමේ නිලධාරීන් බර්ලින්, ඩුබායි, නව දිල්ලි, සෙන්තියෝගෝ, ෂැන්හයි, සිංගප්පූරුව සහ වොෂින්ටන් යන නගර වල ස්ථාපිත කර තිබේ.
එවැනි නිලධාරීන් හරහා සම්පූර්ණ විස්තර ලබා මේ වැඩසටහන සඳහා අයම්දුම් කිරීමට සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට හැකියාව පවතී.
එසේ නොමැතිනම් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය හරහා විස්තර ලබගෙන අයදුම් කිරීමටද හැකියාව පවතී.

ඉලක්කය
ලෝකයේ ඉහළ තරගකාරීත්වයක් සහ වර්ධනයක් තිබෙන ක්ෂේත්‍ර වල නිරත පුද්ගලයින් හට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාව ලබාදීම මෙම වැඩසටහන හරහා සිදු කෙරේ.
ඒ හරහා ඔස්ට්‍රේලියාවේ අදාළ ක්ෂේත්‍ර වල වර්ධනයක් ඇති කිරීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ඉලක්කය වී ඇත.
එලෙස අදාළ ක්ෂේත්‍ර වල ව්‍යාපාර දියුණුවීමත් සමග ඉහළ නිපුණතාවක් සහිත ඕස්ට්‍රේලියානුවාසීන් විශාල පිරිසකට ඉහළ වැටුප් සහිත රැකියා ලබා දීමට ද අවකාශය ලැබෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබද අමාත්‍ය David Coleman විසින් හෙළිදරව් කළේය.
කෙසේවෙතත්, ඉහළ සුදුසුකම් සහ නිපුණතාවක් සහිත පුද්ගලයින් සිටීනම් මේ වන විට ඇති distinguished talent හෝ skilled independent වීසා ඛාණ්ඩ හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කරන ලෙසද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉල්ලා සිටියි.


